ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට සංශෝධිත චෝදනා පත්‍රයක්! (video)

ඥානසාර හිමිට සංශෝධිත චෝදනා පත්‍රයක්

හෝමාගම අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කථා කරමින් කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාසයක් ඇති කර ඇති බවට බොදු බල සේනා සංවිධානයේ ‍මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති සංශෝධිත චෝදනා පත්‍රය ලබන ඔක්තෝබර් මස 13 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (27) නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

අදාළ සිද්ධිය මඟින් සිදු කර ඇති බව කියන අපහාස චෝදනා අවශ්‍ය නම් වෙන් වෙන්ව සවිස්තරව ඉදිරිපත් කර ගොනු කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දෙන ලදී. අදාළ පැමිණිල්ල ඊයේ (27) කැඳවූ අවස්ථාවේදී නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම දැනුම්දීම කෙළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියෙහි මෙම පැමිණිල්ල කැඳවන ලදී. එහිදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා මෙම පැමිණිල්ල සම්බන්ධ මූලික විරෝධතා 2ක් ඉදිරිපත් කළේය.

මීට පෙර සිය සේවාදායකයාට ලබාදුන් සිතාසියෙහි ඔහුට එරෙහි චෝදනා සවිස්තරව ඉදිරිපත් කර නැති බවද, එසේම එහිදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියා පටිපාටිය අනුව කටයුතු කර නැති බවද එහිදී මූලික විරෝධතා ලෙස ඉදිරිපත් කරන ලදී.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට සහාය දීම සඳහා පැමිණ සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා කියා සිටියේ අවශ්‍ය නම් එම සිද්ධිය සහ චෝදනා පැහැදිලි කර ඉදිරිපත් කළ හැකි බවයි.

එහෙත් පහළ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධ නඩු විභාග කර තීන්දු ප්‍රකාශ කිරීමට සහ දඬුවම් පැමිණවීමට අභියාචනාධිකරණයට ඇති බල තල අනුව අදාළ සිතාසි නිකුත් කිරීම සිදු කර ඇති බව ඒ මහතා කීය. ඒ අනුව විත්තිකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කරන දෙවන මූලික විරෝධතාව අපැහැදිලි බව හෙතෙම සඳහන් කළේය.

කරුණු සලකා බැලූ අධිකරණය ප්‍රකාශ කෙළේ අනවශ්‍ය කරුණු මතු කරමින් මෙම පැමිණිල්ල දිගින් දිගටම පත්වාගෙන යාමට විත්තිකරුගේ නීතිඥවරයා උත්සාහ කරන බවක් අධිකරණයට හැඟී යන බවය.

කෙසේ වුවද අවශ්‍ය නම් අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කර ඉදිරිපත් කිරීමට සලකා බලන ලෙස අධිකරණය නීතිපතිවරයාට මෙහිදී උපදෙස් දුන්නේය.

ඒ අනුව අදාළ චෝදනා පත්‍රය ලබන ඔක්තෝබර් මස 13 වැනිදාට පෙර ගොනු කරන ලෙසද ඒ සම්බන්ධ වන විරෝධතා පිළිබඳ ලිඛිත දේශන නොවැම්බර් මස 18 වැනිදා ඉදිරිපත් කරන ලෙසද නියම විය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව ඉකුත් ජනවාරි මස 25 වැනිදා හෝමාගම අධිකරණයේදී විභාග වී අවසානයේදී විනිසුරුවරයා විනිසුරු අසුනෙහි සිටියදීම විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරුණු බවට සඳහන් විය.

එම හැසිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකිද එලෙස අපහාසයක් සිදු කර ඇත්නම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගතහැකි පියවර කවරේද යන්න සලකා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස එම මහේස්ත්‍රාත්වරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම පැමිණිල්ල සලකා බැලූ අධිකරණය කළ දැනුම් දීම අනුව නීතිපතිවරයා සකස් කළ චෝදනා පත්‍රය මීට පෙර බාරදී තිබේ. එදින නිකුත් කළ සිතාසි මත ඥානසාර හිමියෝ ඊයේ (27) අධිකරණය හමුවෙහි පෙනී සිටියහ.

එහිදී ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම ලබන ඔක්තෝබර්මස 13 වැනිදා කැඳවීමට තීරණය කෙළේය.

වීඩියෝව

4 Comments to “ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට සංශෝධිත චෝදනා පත්‍රයක්! (video)

  1. බොරු වැල් බයිලා දොඩන්නෙ නැතුව තමුන් එදා අධිකරණ භූමියේ නොසුදුසුළෙස හැසිරුනාද නැද්ද යනවග විතරක් කිවුවනං හාමුදුරුවනේ….!

  2. අන්වර් මහත්තයෝ පැහැදිලිවම ලංකාවේ සිංහල බෞද්ධයන්ව විනාස කරන්න මුස්ලිම් බලවේග ක්‍රියා කරනවා. සිංහලයෝ පක්ෂ බදාගෙන උන්ගේ ජාතිය පාවා දෙනවා. සිංහලයන්ට සල්ලි ලැබෙනවානම් ඕන පාහර වැඩක් කරනවා. උන්ට ලොකු පක්ෂයයි සල්ලි විතරයි. සිංහලයන්ට ජාතියට නායකත්වය දෙන කවුරුවත් නැහැ. ඒවුනාට ඔබලාට එසේ නොවෙයි. ඔබලාගේ නායකයෝ ඔබලාගේ ජාතියට ආගමට නායකත්වය දෙනවා. කවුරු කොහොම කිව්වත් තව අවුරුදු 100 ක් විතර යනකොට ලංකාව මුස්ලිම් රටක් වෙනවා. එදාට ඔබලා අද බෞද්ධයන්ට පෙන්වන හොඳ මූණ නැහැ. අනිවාර්යයෙන් ඉස්ලාම් ආගමට ආවේ නැත්නම් බෙල්ල කපනවා. දැනටත් අලුත්ගම ධර්ගා නගරය, නිට්ටඹුවේ තිහාරිය, කොළඹ මාලිගාවත්ත, කල්මුනේ, අක්කරපත්තුව වගේ ප්‍රදේශ රාශියක මුස්ලිම් මූලධර්මවාදය තදින්ම තියෙනවා. මුස්ලිම් අයගේ තුච්ච වැඩ නිසා තමයි දැන් දැන් සිංහල සංවිධාන මුස්ලිම් ජාතිවාදයට විරුද්ධව ඇතිවෙන්නේ. එත් ඔබලාට බය වෙන්න දෙයක් නැහැ. මොකද සිංහලයන්ට සල්ලි ටිකක් වැඩිපුර දුන්නු ගමන් ඕනෑම පාවාදීමක් කරනවා. ලංකාව මුස්ලිම් රටක් වීම නවත්වන්න බැහැ.

    1. මට කියන්න තියෙන්නේ ඕක මානසික ප්‍රශ්නයක්. මුලින් ජාතිවාදී අදහස් පැමිණෙන්නේ අධිමානය නිසයි. පසුව එය හීනමානයට පෙරලෙනවා. ඔබට දැන් තිබෙන්නේ හීනමානයේ ලක්ෂණයි.

  3. Is the fellow in this video is Gnanasara?
    If so he is talented.He can dance well.No point being jealous of him.

Comments are closed.