අතුරුගිරිය පොලිස් නිලධාරීන්ට අත් බෝම්බ ප්‍රහාරයක්!

අතුරුගිරිය පොලිස් නිලධාරීන්ට අත් බෝම්බ ප්‍රහාරයක්

වැටලීමකට ගිය අතුරුගිරිය පොලීසියේ  නිලධාරීන් කණ්ඩායමකට සැකකරුවෙකු විසින් අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් තිබෙන බව වාර්තාවෙනවා.

අපරාධ රැසකට සම්බන්ධ අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා  පොලිස් කණ්ඩායම අතුරුගිරිය, සීවලී මාවත ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට ගොස් ඇති බව සඳහන්ය.

එහිදී සැකකරු පොලිස් නිලධාරීන්ට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇත. එහිදී පොලීසිය සැකකරුට වෙඩි තබා ඇති අතර ඒ සමගම ඔහු පළාගොස් තිබේ.

එම අවස්ථාවේ පොලීසිය විසින් සැකකරුට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී සැකකරු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

කෙසේ ‍වෙතත් වෙඩි ප්‍රහාර හමුවේ ඔහු පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශනන ආරම්භ කර තිබේ.

සැකකරු එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව අතුරුගිරිය පොලීසිය පැවසුවේය.