පැය 24 පුරා රෝහලට නොමිලේ රෝගීන් ප්රවාහනය කරන ආදර්ශමත් මිනිසෙක්! (video)

දුප්පතාගේ දුක හඳුනන ආදර්ශමත් මිනිසෙක්

සල්ලිවලට මනුස්සකම අමතක කරන සමාජයක මනුස්සකම පිරුණු සොඳුරු හදවත් තියෙන අයත් අප අතරම ජීවත් වෙනවා කියන එක මනාවට කියාපාන සිද්ධියක් ගැන  වාර්තා වෙනවා.

ඒ අකුරුස්ස පැත්තේ අසනීපයක් හැදුන ඕනම කෙනෙක්ව නොමිලේම අකුරැස්ස දිසා රෝහලට අරගෙන යන ත්‍රීරෝද රථ රියදුරෙක් ගැන.

නමින් ඔහු චමින්ද සිසිර කුමාර. වයස අවුරුදු 35 ක් වුණු චමින්ද ජීවත් වෙන්නේ අකුරැස්ස ඉලුප්පැල්ල ගමේ.

දෙදරු පියෙක් වන මොහුගේ බිරිඳ ඇගුලුම් කම්හලක සේවය කරනවා.

තමන්ගේ දුරථනයට ඇමතුමක් දුන් විගස අදාල ස්ථානයට ගිහින් එම රෝගියාව රෝහල වෙත ගෙන යාම චමින්ද සිදුකරන්නේ ලොකු කැමැත්තකින්.

ඒ වගේම අකුරැස්ස පොලිස් බල ප්‍රදේශයේ අවමගුල්, දානමය පුන්‍යකර්මය සඳහාද ප්‍රවාහන පහසුකම් ලබාදීම ඔහු විසින් සිදුකරනවා.

චමින්ද කියන්නේ මීට අවුරුද්දක විතර කාලයක ඉදන් මේ සත්ක්‍රියාව කරගෙන යන බවත් ඉපදිලා මැරෙන මිනිසුන් බව සිතා මැරෙන විට රැගෙන යන්නේ තන් කළ දේ පමණක් බවත්ය.

ඒ වගේම මේ වගේ සත්ක්‍රියාවක් කරද්දි තමන්ට දුරකථන ඇමතුම් දීලා රවට්ටන පිරිසක් ගැනත් චමින්ද කිව්වේ ලොකු කණස්සල්ලකින්.

හිරු