කහ උණ වැළදී දුමින්ද සිල්වා රෝහල් ගත කරයි!

කහ උණ වැළදී දුමින්ද සිල්වා රෝහල් ගත කරයි

මරණ දඩුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කහ උණ වැළදීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මේවන විට ඔහු වෛද්‍ය නිර්දේශ මත රෝහල් වාට්ටුවක රඳවා ඇති බවද එම ආරංචි මාර්ග අනාවරණ කළේය.

භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 08වැනිදා  ඔහුට මරණ දඩුවම නියම විය.

One Comment to “කහ උණ වැළදී දුමින්ද සිල්වා රෝහල් ගත කරයි!

  1. මෙම දුමින්ද නම් අපරාධකරුට නීතියෙන් නම් සැබෑම දඬුවම නියම වී ඇත. නමුත් මරණ දණ්ඩනය කෙසේ වෙතත් ජීවිතාන්තය දක්වා සිර දඬුවමවත් සැබෑවටම ලැබේ නම් අසාධාරණයට ලක්වූ සියලු පාර්ශවයන්ට (මෙහිදී මා සදහන්කළේ භාරත ලක්ෂ්මන්ගේ නෑයන් පමණක් නොවේ. මොහු නිසා අනාථ වූ සිය ගණනක් දියණිවරුන් සහ ඝාතනය වූ සියලු දෙනා ගැනයි.) පිහිටක් වර්තමානයේ පවතින බව සිතා හිත හදා ගැනීමටවත් පුළුවන්. එහෙත් පොදුවේ ගතකල ඇතැම් අවස්ථාවාදී දේශපාලුවන් සිටිනතාක් එයද සැක සහිතය.
    **********************************************************

    “උණ වැළදීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. මේවන විට ඔහු වෛද්‍ය නිර්දේශ මත රෝහල් වාට්ටුවක රඳවා ඇති බවද එම ආරංචි මාර්ග අනාවරණ කළේය.”

    * කොහොමත් මොවුන් හිරේට ගියාම වැඩිපුරම ඉන්නේ රෝහලේ තමයි.

Comments are closed.