ජවිපෙ බිමල් පලස්තීනයේ සංචාරයක!

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (10) පලස්තීනය බලා පිටත්ව යාමට නියමිතය.

මේ වන විට පලස්තීන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදයේ ලේකම් ධුරය හොබවන ඒ මහතා පලස්තීනයේ ආරාධනයක් මත එම සංචාරයේ නිරත වේ.

එම සංචාරයෙන් පසු ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලට අදාලව ජෝර්දානයේ තරුණ සිංවිධාන හමුවීමටත් නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම මිත්‍රත්ව සංසදයේ කලක් සභාපති ධුරය දරන ලදී.