සෙල්ෆි ගහන්න ගිය ලාංකික දැරියන් දෙදෙනෙකු ඕමානයේදී දියට වැටී මරුට!

ශ්‍රී ලාංකික දැරියන් දෙදෙනෙකු ඕමානයේදී දියේ ගිළී මිය ‍ගොස් ඇතැයි ඕමානයේ මාධ්‍ය ආයතන වාර්තා කරනවා.  මෙම දැරියන් දෙදෙනා සිය පවුල් වල සාමාජිකයින් සමඟ විනෝද චාරිකාවකට සහභාගිවී සිටි අවස්ථාවක දෙදෙනා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී දැරියන් මෙම අනතුරට ලක්වී ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙම එක් දැරියක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේ දී ඇයගේ පය ලිස්සා ගොස් ඇති අතර අනෙක් දැරිය ඇය බේරා ගැනීමට උත්සාහ දැරීමේ දී දෙදෙනාම ගැඹුරු දියට ඇද වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දියේ ගිලුණු දැරියන් දෙදෙනා බේරාගෙන රෝහල්ගත කළද ඒ වන විටත් ඔවුන් මියගොස් සිටි බව සඳහන් වෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඕමානයේ ඉන්දීය පාසලක සහ එරට පෞද්ගලික පාසලක අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික දැරියන් දෙදෙනෙකි.