නිකාබයක් හැද මුස්ලිම් කාන්තාවකසේ වෙස්වලාගත් පුද්ගලයෙක් ගම්පහින් අල්ලයි!

burqa-gmpha

තමන්ගේ ඇස් දෙක පමණක් පෙනෙන සේ මුස්ලිම් කාන්තාවන් අඳින බුර්කා ඇඳුමකින් සැරසී ගම්පහ දුම්රිය ස්ථානයේ සිටි පිරිමි පුද්ගලයකු ඒ අසල සිටි පුද්ගලයන් හා ත්‍රිරෝද රථ රියැදුරන් එක්ව ගම්පහ පොලිසියට භාරදී තිබෙනවා.

දුම්රිය ස්ථානයේ බංකුවක හිඳගෙන සිට ඇති මොහුගේ ඇස් බැමි විශාල නිසා සැක සිතුණු පුද්ගලයකු මේ පිළිබඳව දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ. පසුව ත්‍රිරෝද රථ රියැදුරන්, දුම්රිය ස්ථානයේ නිලධාරීන් හා ජනතාව එක්ව සැකකරු ගම්පහ පොලිසියට භාර දී තිබේ.

තමා කටුගස්තොට ප්‍රදේශයේ අයකු බවත් දැනට පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් වේයන්ගොඩ පදිංචි තමාගේ පෙම්වතිය වෙනත් අයකු සමඟ පවත්වාගෙන යන හොර ප්‍රේමය අල්ලා ගැනීමට තමා මෙසේ වෙස් වළාගෙන සිටි බවට සැකකරු පොලිසියට පැවැසූ බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අතර පසුව සැකකරුට ගවුමද ලබා දී මුදාහැර ඇත.

 

 

 

 

One Comment to “නිකාබයක් හැද මුස්ලිම් කාන්තාවකසේ වෙස්වලාගත් පුද්ගලයෙක් ගම්පහින් අල්ලයි!

Comments are closed.