ශ්‍රී ලාංකිකයන් 10% කට මානසික ව්‍යාකූලතා!

ශ්‍රී ලාංකිකයන් 10% කට මානසික ව්‍යාකූලතා

ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තාවලට අනුව ලෝකයේ සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකු ජීවිතේ කුමන අවස්තාවක හෝ මානසික ව්‍යාකූලතාවයකට මුහුණ දෙන බව මානසික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පවසයි.

ඒ අනුව ලොව පුරා මිලියන හාරසිය පනහක් දෙනා මානසික රෝග වලට මුහුණ දෙන එතුමිය පවසනවා.

බොහෝ දෙනා අතර සුලභව දකින්නට ලැබෙන මානසික රෝගී තත්වය විෂාදය (Depression) බව පැවසූ වෛද්‍ය රමණී ප්‍රකාශ කළේ ඕනෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු සිය ජීවිත කාලය තුළ දී මෙයට ගොදුරුවන බවයි.