Playboy සඟරාවේ හිජාබයකින් සැරසුණු මුස්ලිම් කාන්තා රූපයක්!

වැඩිහිටියන් සඳහා පලකෙරෙන ‘Playboy’ සඟරාව පළමුවරට හිජාබයකින් සැරසුණු මුස්ලිම් නිරූපිකාවකගේ ඡායාරූප පළ කර ඇති බව බීබීසී ය වාර්තා කරනවා.

‘Playboy’ සඟරාවේ ඔක්තෝබර් කලාපය සඳහා පෙනී සිටින්නේ ‘ජීවත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් සමාජයේ පවතින පූර්ව නිගමනයන් අභියෝගයට ලක් කිරීම සඳහා’ බව ඇමරිකානු ජාතික මාධ්‍යවේදිනියක් වන නූර් තාගොරි පවසනවා. බටහිර විලාසිතාවට අනුව ටී ෂර්ටයක්, ඩෙනිම් කලිසමක් සහ ජැකට්ටුවකින් සැරසුණු නූර් තාගොරි නිරුවත, විනීතභාවය පිළිබඳ හඬ අවදි කරනා බවයි බීබීසිය පවසන්නෙ.

මුස්ලිම් කාන්තාවන් හිජාබයකින් සැරසී සිටීම තුළින් ඔවුන් ”දැඩි පාලනයකට” නතු වීම හෝ ”අවනත භාවයකට” යටත් වන බවට පවතින අදහස ඇය ප්‍රතික්ෂේප කරන ඇය, ලොව ‘ළාබාලම’ ගුවන් නියමුවරිය
ඇමරිකාවේ වාණිජ රූපවාහිනී ක්ෂේත්‍රයේ හිජාබයකින් සැරසුණු පළමු පුවත් නිවේදිකාව බවට පත් වීම තම ඉලක්කයන් බව පවසනවා. අරාබි සම්භවයකින් පැවත එන නූර් විසි දෙහැවිරිදි වියේ පසුවන්නියක්.

ඇය මේවනවිට ‘Newsy’ නමැති ඇමරිකානු වීඩියෝ පුවත් මාධ්‍ය ජාලයක සේවය කරනු ලබන අතර, ‘Washington post’ පුවත්පතට පසුගිය වසරේදී අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ සිය ඉලක්කයට ආගම බලපෑමක් වනු ඇති බවට ඇතැමුන් පළ කරන අදහසට විරුද්ධ බවයි.

 

 

 

3 Comments to “Playboy සඟරාවේ හිජාබයකින් සැරසුණු මුස්ලිම් කාන්තා රූපයක්!

  1. Anver,

    Obata mokada hitenne mema nawa nirmanaya gena? satutuyda? meka Islamaya muslimwarungen ath kireemata gath uthsahayak kiyala hitenne nethda?

  2. ganiyek asabya sagarawaka jayarupayakata peni sitima mata nam agamen wadak naha

  3. me tawfeek mahaththaya hithanne mewaaye palawena siyaluma de Anver mahaththayage aakalpa kiyala
    ane meka news web adawiyak e hinda nikan pissu prashna ahanna epa

Comments are closed.