Update : ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන් අභාවප්‍රාප්ත වෙයි!

පණ්ඩිත් අමරදේවයන් රෝහල්ගත කරයි

Update: 2016.11.03

රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගතකර සිටි හෙළයේ මහා ගාන්ධර්වයා අචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන් මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1927 දෙසැම්බර් මස 5 වනදා මොරටුවේදී මෙලොව එළිය දුටු අමරදේව ශූරීන් මියයන විට 88 වන වියේ පසුවුණා.

හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඔහු ඇතුළත් කෙරුණේ අද උදෑසනයි.

රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි අමරදේව ශූරීන් මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී ඇත්තේ.

2016.11.03

පණ්ඩිත් අමරදේවයන් රෝහල්ගත කරයි!

ප්‍රවීණ සංගීතවේදී,පණ්ඩිත් අමරදේව සූරීන් හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.