ඩොනල්ඩ් ට‍්‍රම්ප් යළිත් ඉදිරියට එයි!

ඩොනල්ඩ් ට‍්‍රම්ප් යළිත් ඉදිරියට එයි

ඇමරිකානු ජනපතිවරණයේ පූර්ව ජනපතිවරණ සමීක්ෂණවලට අනුව මේ වනවිට හිලරි ක්ලින්ටන්ට වඩා ඉදිරියට පැමිණීමට ඩොනල්ඩ් ට‍්‍රම්ප් ( Donald Trump ) සමත්ව සිටිනවා.

ඒ ඇමරිකානු රාජ්‍ය තොරතුරු පුද්ගලික විද්‍යුත් ලිපිනය හරහා හුවමාරු කරගැනීමේ චෝදනා මත හිලරි ක්ලින්ටන් පසුබෑමත් සමඟයි. මේ අතර හිලරිට සහාය දක්වමින් ඇමරිකානු ජනපති බරක් ඔබාමා පවසනන්නේ ඇමරිකානු ජනපතිවරණයේ ප‍්‍රතිඵල මත ලෝකයේ ඉදිරි පැවැත්ම තීරණය වනු ඇතිබවයි.

ඇමරිකානු ජනපති යනු ඇමරිකානු ජනතාවගේ පමණක් ම ජනපති නොවන බවත්, ලෝකය වඩා මානව හිතවාදී යහපත් තැනක් කිරීම වෙනුවෙන් ඇමරිකානු ජනපතිවරයාට විශාල කාර්යභාරයක් පැවරෙන බවත් ඇමරිකානු ජනපති බරක් ඔබාමා ඊයේ ප‍්‍රකාශ කළා.

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප් යනු කිසිදු මානව හිතවාදී ගුණයක් නොමැති අයෙකු වීම නිසා ඇමරිකාවේ පාලනය ඔහු අතට යාම ලෝකයේ සියළු ජන කොටස් කෙරෙහි අහිතකර අන්දමින් බලපානු ඇති බවයි ඔබාමා මෙහිදී කියා සිටියේ.

ඒ නිසා ලෝකය විසින් අසීරුවෙන් දිනාගත් සිවිල් අයිතිවාසිකම් රැුකගැනීමේ අරමුණින් ඇමරිකානු ජනතාව නොවැම්බර් 08 වැනිදාට ඇමරිකාවේ ජනපතිලෙස තෝරාගත යුත්තේ ඩිමොක‍්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන් බව ජනපති ඔබාමා මෙහිදී අවධාරණය කළා.

One Comment to “ඩොනල්ඩ් ට‍්‍රම්ප් යළිත් ඉදිරියට එයි!

  1. ඇමරිකානු ජනපති යනු ඇමරිකානු ජනතාවගේ පමණක් ම ජනපති නොවන බවත්, ලෝකය වඩා මානව හිතවාදී යහපත් තැනක් කිරීම වෙනුවෙන් ඇමරිකානු ජනපතිවරයාට විශාල කාර්යභාරයක් පැවරෙන බවත් ඇමරිකානු ජනපති බරක් ඔබාමා ඊයේ ප‍්‍රකාශ කළා.
    This statement smacks of American Exceptionalism as my article itself shows .

    http://groundviews.org/2016/10/29/looking-beyond-the-trump-clinton-duel-the-nightmares-of-american-exceptionalism/

    Quote :However, hovering behind the centre stage, and the highlights of the duel between Trump and Clinton, lies the real inherent danger which has been posing a real threat to global peace and fairplay –The Ghost of American Exceptionalism (AE). Despite their differences, all of the Republican and Democratic candidates continue to champion this idea and belief with religious zeal, let alone pay allegiance – a belief that the U.S. is uniquely qualified to lead the world and that the US, in its governance, politics, mission, and place in the world, is unique, and, in its most extreme version, qualitatively superior to other nations — abides to this day.

Comments are closed.