ලංකාවේ මුස්ලිම් විවාහ දික්කසාද නීතිය දේව නීතියද?

ලංකාවේ මුස්ලිම් විවාහ දික්කසාද නීතිය දේව නීතියද?

පසුගියදා ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය මගින් පැවැත්වු රජය මගින් ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සදහා වු වෑයමට එරෙහි විරෝධතාවයේදී මා දුටු එක් සටන් පාඨයක් වුයේ අල්ලාහ්ගේ නීතිය වෙනස් කරන්නට ඉඩ දෙන්නේ නැති බවයි. එහිදී මට නැගුණු පැනයක් නම් ඇත්තටම ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය අල්ලාහ්ගේ නීතියක්ද? යන පැනයයි.

මෙහිදී බොහෝ දෙනෙකු පටලවා ගන්නා කරුණක් නම් සියළුම මුස්ලිම් නීති අල්ලාහ්ගේ නීති ලෙසයි. ඇත්තෙන්ම සියළුම මුස්ලිම් නීති අල්ලාහ්ගේ නීති නොවේ. මුස්ලිම් නීති යනු මුස්ලිම්වරුන් විසින් පනවා ගන්නා නීතිරීතිය. අතීතයේ ලංකාව පාලනය කළ යටත් විජිත පාලකයන් විසින් 1801 වර්ෂයේදී මුස්‌ලිම්වරු අතර පැවැති නීතිරීති වෙනම ග්‍රන්ථාරූඩකර ඇත. වර්තමානයේ පවතින නීතිය අවසන් වරට සංශෝධනය වී තිබෙන්නේ 1957 අංක 13 දරණ පනත තුලිනි.

ඇත්තෙන්ම දේව නීතියක් එනම් අල්ලාහ්ගේ නීතියක් නම් එය ශුද්ධවු අල් කුර්ආණයට සහ සුන්නාහ්වට එනම් නබිතුමන්ගේ ආදර්ශයට පමණක් සකස්වු එකක් විය යුතුය. නමුත් අපේ රටේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය ශුද්ධවු අල් කුර්ආනය සහ සුන්නාහ්වට අනුව පමණක් සකස් වුවක් නොවන බව නිරීක්ෂණය කරන්නෙකුට වැටහෙන්නේය.

මෙම නීති පද්ධතියට මුලිකවම පාදක කරගෙන තිබෙන්නේ ශාෆි මදහබය හෙවත් ඉමාම් ශාෆි රහිමහුල්ලා තුමාගේ ගුරුකුලයට අනුව යැයි ඒ පිළිබද විද්වතුන් පවසති. නමුත් කිසියම් පුද්ගලයෙකු මුස්ලිම් නොවන සහ අහ්ලුල් කිතාබ් හෙවත් කිතුණු සහ යුදෙව් නොවන කාන්තාවක සමග ආදර සම්බන්ධතාවයක් ඇතිකරගෙන විවාහයක් සදහා එළඹෙන්නේ නම් ඒ පිළිබදව ශාෆි මදහබයේ ප්‍රතිපාදන නොමැත්තේ යැයි විවාහ ලේකම් පවසයි. ඉන්පසුව ඔහු මෙයට විසදුමක් ගනු සදහා හනෆි මදහබයට පනින්නේය. පසුව විවාහ කටයුතු සිදුකෙරෙන්නේ හනෆි මදහබයට අනුව යැයි ඔහු පැවසුවද එතැනදී සිදුවන්නේ ශාෆි හනෆි රී මික්ස් එකක් බව මට පසක් වු කාරණයකි.

ඉස්ලාමයට අනුව පුරුෂයා විසින් කාන්තාවට මහර් හෙවත් දෑවැද්ද දෙන ආකාරය සහ කයිකුලි යන කාරණා වලදීද මේවා ඇත්තටම කුර්ආනයට සහ සුන්නාහ්වට අනුකූලව සිදුවෙනවාද? යන්න සම්බන්ධව ගැටළු රැසක් ඇත. එමෙන්ම විවාහ ලේකම්ලා පත්වෙන ආකාරය සහ ඔවුන්ගේ සුදුසුකම් නුසුදුසුකම් සම්බන්ධවද ගැටළු ඇත. එපමණක් නොව කාති හෙවත් විනිසුරුවරුන්ගේ පත්වීම් ලැබෙන ආකාරය සහ ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධවද ගැටළු තිබේ. මේ ක්‍රමය සම්පුර්ණයෙන් විවේචනය කරනවා නම් මෙම ලිපිය ඉතාමත් දිග්ගැස්සෙනු ඇත.

සමස්ථයක් වශයෙන් කියන්නට තිබෙන්නේ ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය අතීතයේ ලංකාවේ සිටි මුස්ලිම් නායකයන් පිරිසක් විසින් එදා ඔවුන් තුල තිබුණු ඉස්ලාම් දැනුමේ ආකාරයට සකසන ලද එකකි. නමුත් වර්තමානය වෙන විට මුස්ලිම්වරුන් අතර ඉස්ලාමය සම්බන්ධව දැනුම එදාට සාපේක්ෂව බෙහෙවින් වර්ධනය වී ඇත. එමෙන්ම ඉස්ලාමීය නීතිරීති සම්බන්ධව හසල දැනුමක් සහිත විද්වතුන් අද අපගේ සමාජය තුල සිටිති. වත්මන් කාලවකවානුවේ සිටිනා අපගේ වගකීම නම් එම නීතිය සම්බන්ධව නැවත නිරීක්ෂණයක් සිදුකර එහි ඇති කුර්ආනයට සහ සුන්නාහ්වට නොගැලපෙන කරුණු ඉවත් කර නීතිය යාවත්කාලීන කිරීමයි.

 

 

 

11 Comments to “ලංකාවේ මුස්ලිම් විවාහ දික්කසාද නීතිය දේව නීතියද?

  1. lankawata udarata nitiya ,tesawalame nitiya saha shariya nitiya ona naha lankawata civil nitiya witarak hodatama ati yal pana giya niti kunu kudeta danna ona yala panagiya niti gal yugaye niti

  2. මාත් හිතාගෙන හිටපු එකක් තමයි ඔබ පැහැදිලි කරලා තියෙන්නේ. මොකද රාසික් කිව්වා එක තැනකදී ඉස්ලාම් දහමේ අඩු වයස් විවාහයට අනුමැතිය නැහැයි කියලා. එහෙනම් විරුද්ධ වෙන්නේ මොන පදනමින්දැයි කිව්වේ නැහැ. මගේ අදහස නම් මෙතන තියෙන්නේත් සිංහල ජාතිවාදීන්ට තියෙන ඒ මනෝ ව්‍යාධියම තමයි. ඒ කියන්නේ අනන්‍යතා අර්බුදය (identity crisis) කියන එක. ඒ තමයි තමන්ගේ ජාතිය, ආගම සංස්කෘතික අනන්‍යතාවය විනාශ වේවී කියන භීතිකාව.

    නීතී හැදෙන්නේ කාලයේ අවශ්‍යතාවය අනුව. එය දේව නීතීයක් නොවේ නම් වෙනස් විය යුතු අවස්තාවකදී වෙනස් වීම ගැටලුවක් නොවේ. හරි නම් මුලින්ම කලයුත්තේ මේවගේ තැනකදී මෙහි ඇති සමාජීය හා ආගමික පදනම, ප්‍රශ්ණ ගැන පුලුල් කතිකාවක් මුස්ලිම් සමාජය තුලත්, පිටතත් ඇතිකරගැනීම. ඒ වෙනුවෙන් ත්‍රීවිධ භාෂාවන් මෙහෙයවීම. උද්ඝෝෂණ කරනවා නම් (එයද අයිතියක් බැවින්) කලයුත්තේ එය යම් අවධියකට පැමිණියායින් පසුවයි. මෙතන සිදුවී ඇත්තේ එහි කණපිට අවසානයේ කලයුතු දෙයක් ආරම්භක අවස්තාවේදීම සිදුකිරීම. ඒ නිසා සම්පූර්ණ වැරදි චිත්‍රයකුයි ගිහිල්ලා තියෙන්නේ. තමිල්නාඩුවේ සිදු කරනදේ ඒ ආකාරයෙන්ම ලංකාවට ආදේශ කරගැනීමට යාම මෝඩ ක්‍රියාවක්. මොකද තමිල්නාඩුවේ හා ලංකාවේ සමාජ දේශපාලන තත්වය එකිනෙකට වෙනස්. අපේ අරගලය කුමන ආකාරයට පවත්වා ගත යුතුද යන්න මුලින් අප විසින් පවතින තත්වය අනුව නිෂ්චය කරගැනීම වැදගත්.

    ඊලඟ වැදගත්ම කාරණය තමයි සාමුහිකත්වය. මොකද මෙය පොදු ගැටලුවක් නිසා මුස්ලිම් සමාජය තුල තියෙන හැම නියෝජිතයකුටම උනන්දුවක් තිබෙනවා. එය සැලකිල්ලට ගැනීම වැදගත්. ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම වැදගත්. මා දන්නේ නැහැ ඔවුන් කෙතරම් දුරට ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වූවාද කියා. තනිවම තීන්දු ගැන සමස්ත සමාජයම අනතුරේ හෙලීම කිසිම විදිහකට අනුමත කල නොහැකි.

  3. wal wataram epa civil nitiyata ekangada natida? kiyala kiyanna agamika niti walin wadak nahane niktawa dan boru baila epa karunakara meka terum ganna sinhala demala muslim katawak me ratata wadak naha dan nawa kalayata galapena dewal tora ganna atitayen wartamanayata enna

    1. සිවිල් නීතියට එකග නැති දෙයක් මෙම නීතියේ නැහැ. මන්ද සිවිල් නීතියට මෙම නීති පද්ධතියත් ඇතුලත් නිසා.

      1. අන්වර් මම මේ සම්බන්ධයෙන් ලිපියක් lanka e news එකේ පල කරන්න අදහස් කරන් ඉන්නවා. මොකද මම හිතුවා මේ මාතෘකාව සමාජයෙන් එලියටත් ටිකක් අරන් යන්න. අපි බහුතරයක් මේ අවස්තාවේදී නිහඬව ඉන්න එක හොඳ මදි කියලා හිතුණා. මොකද්ද ඔබේ අදහස? ok නම් කියන්න මම mail කරන්නම්. අඩුපාඩු තියෙනවා නම් හදල එවන්න.

          1. ලිපිය බොහෝදුරට අවසන්. පිලියෙල කරද්දි සිකුරාදා තව උද්ඝෝෂණයක් ගැන ආරංචි වුනා. මම ඒකත් අන්තර්ගත කලා.

  4. meka civil nitiyenuth atugala danna ona civil nitiya tanikarama bautika nitiyak karanna ona muslim wiwaha nitiya ona kiyala kiyana minisun tanikarama muslim anthawadin unwa meratata ona naha

  5. මම කලිං කිව්වේ කනිෂ්ක මහත්මයා ට වෙන්න පුළුවං ; රටගෙන, මව්බිම ගෙන කතා කරන්න කලිං මව් බෂාවට කෙසේද ගරු කරන්නේ ලෙස දෙනගන්න. ඔය කියන, ලියන සිංහල පොඩ්ඩක් සින්හල අකුරුවෙලින් ලියන්න හිතන්න .

    තමන්ගේ බාෂාව තමන්ගේ අකුරුවලින් ලියන්න කෙමෙති නෙති අයට රට ගෙන, ජාතිය ගෙන තියන කෙක්කුම කුමක් ද?

    ඒ වගේම හෙමොටම ටියූෂන් දෙන්න යන අන්වර් මහතාටත් අපි කියන්න කමෙති, මුස්ලිම් විවාහ නීතිය ගෙන කතා කරන්න කලින් එන්න අපිගාව. සියලූම නීතිරීති ගෙන හොඳ ටියූෂමක් දෙන්නම්.

    සිවිල් නීතිය ගෙන කතා කරන සිංහලයාට සිවිල් කියන ඉංගිරීසි පදයට සිංහල පදයක් තාම ලැබුනේ නෙත් ද?

    හිස්පිලි, පාපිලි දන්නෙති මොඩයොත් එකක් කතාකරන්න ගියොත් අපිත් ඌගේ මට්ටමට ම බහින්න වෙනවා.

    සිවිල් කියන පදයේ තේරුම් කුමක් දෙයි දන්නවාද?

    සිවිල් කියන ඉංගිරීසි පදය අර්ථවන්නේ “ජනතාව” ලෙසයි. සිවිල් නීතිය නම් “ජනතා නීතිය”.

    දෙවෙනි කාරනාව මේ සිවිල් නීතිය කෙසේද ඇතිවුනේ. කවුරුද පළමුවට හදුන්වා දුන්නේ?

    මට මෙවෙනි කාරානා විස්තර කිරීමට තරම් හෙකියාව සහ කාලය නෙති නිසා, අවශ්වන ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරමි.

    ප්‍රජාතන්ත්‍ර වාදය සහ සිවිල් නීතිය අතර සම්බන්දතාවයක් තියනවාද, නෙත් ද?

    සම්බන්දතාවක් තියනවානම් ඒ කුමක් ද?

    නවීන නීතිරීති සහ නීතිපොත් කවදා ද එතිවුනේ. කවුරු විසින් ද?

    ඊට කලින් තිබුණු නීතිරීති මොකක්ද, කවුද පිලිපෙද්දේ?

    ෂරියා කියන පදයටත් නීතියටත් තියන සම්බන්දතා කුමක් ද?

    ෂරියා සහ සිවිල් නීති අතර තියන වෙනස්කම් සහ එකමුතුබාවය කුමක් ද?

    කලාල් දෙපාර්තුමේන්තුව ලෙස දෙපාර්තුමේන්තුවක් එති දේ දන්නවා ද? එහි අර්ථවන්නේ කුමක් ද?

    නවීන / සිවිල් නීති වගන්ති/රීති තුල එති අරාබි පද කිහිපයක් ද? එවෙනි අරාබි පද කෙසේද එතුල්වුනේ? එහි අර්ථවන්නේ කුමක් ද ?

    මේවා ටියූෂන් දෙන්න ගියොත් දවස් හිහිපයක් අවශ්‍ය වෙයිද?

  6. me halo mama tamun kiyana wadakata nati kehel mal walin wadak naha mama kiyapu deta adahas dakwanawa mama oya tamun hitan inna desapremiyek nowei habai mama me rate inna minisunta adarei habai jatiwadinta saha agam wadinta ara

Comments are closed.