ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතු පුතුන්ට!

ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතු පුතුන්ට

තමන් ජනාධිපති ධුරය දරන කාලයේදී සිය පුතුන් ව්‍යාපාරය මෙහෙයවනු ඇති බවත්, අලුත් ව්‍යාපාරවලට අතගැසීමක් සිදුනොවනු ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ළඟදීම මාධ්‍ය හමුවක් පවත්වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

සිය ට්විටර් පණිවුඩයෙන් එළැඹෙන ජනවාරි 20 වැනිදාට පෙර සියලු ව්‍යාපාරික කාර්යයන්වලින් ඉවත්වන බව පවසා සිටි ට්‍රම්ප්, තමාගේ පුතුන් දෙදෙනා වන ඩොන් සහ එරික් ඇතුළු අනෙකුත් විධායක කණ්ඩායම සියලු ව්‍යාපාර කටයුතු මෙහෙයවනු ඇති බව පවසා තිබේ.

එමෙන්ම, තමාගේ ජනපති ධුර කාලය තුළදී අලුත් ගනුදෙනුවලට අතගැසීමක් සිදු නොවනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර, ඇමෙරිකාවේ මීළඟ රාජ්‍ය ලේකම්වරයා පිළිබඳවද තමන් ඉදිරියේදී දැනුම්දෙන බව ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත.