තුර්කියේ රුසියානු තානාපති වෙඩි තබා ඝාතනය කරයි! (Video)

තුර්කියේ රුසියානු තානාපති වෙඩි තබා ඝාතනය කරයි

තුර්කියේ රුසියානු තානාපති Andrei Karlov වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ, තුර්කියේ අන්කාරා නුවර රැස්වීමක් අමතමින් සිටියදීයි.

රැස්වීමට සහභාගි වී සිටි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. වෙඩි තැබීමට පෙර සිරියාවේ ඇලෙප්පෝ නගරය පිළිබඳව ද ඔහු කිසියම් සඳහනක් කර ඇති බවට විදෙස් වාර්තා සදහන් කර තිබෙනවා.

වෙඩි ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.