පන්හිද නැවතත් අසිපත කරගැනීමට කාලයයි!

පන්හිද නැවතත් අසිපත කරගැනීමට කාලයයි!

අන්වර් මනතුංග දීර්ඝ කාලයක් නිහඩව සිට නැවත ලියන්නට පටන් ගන්නට සිතුවා. මා නැවත පෑන අතට ගැනීමට හේතුව නම් සමහර මතවාදීව පරාජය කළයුතු කරුණු සදහා ප්‍රබලම අවිය පෑන බව මම අත්දැකීමෙන්ම වටහාගෙන තිබෙන නිසයි. කෙසේ නමුත් මා මෙවර බ්ලොග් ලිවීමට වඩා ප්‍රමුඛතාවය දෙන්නට අදහස් කරන්නේ පොත් ලිවීමටයි. ඒ අතර අතරින් පතර මෙම බ්ලොගය තුලත් සටහනක් දෙකක් තැබීමට උත්සාහ දරමි.

මෙම බ්ලොගය ඇරඹූ කාලයේ සිට මේ දක්වා කාලපරාසය ගෙන බලන කල සමාජය ඉතාමත් ඉක්මණින් වෙනස් වේගෙන යන බව පැහැදිලිය. ඇත්තනේම මේ මිනිස්සු කියවීමෙන් බැහැර වෙලා නැරඹීම කෙරෙහි නැඹුරුතාවයක් දක්වන යුගයකි. මේ නිසා මේ යුගයේ වඩාත්ම යෝග්‍ය මාධ්‍යය නම් ශ්‍රව්‍ය දෘෂ්‍ය එනම් වීඩියෝ මාධ්‍යයි. මේ නිසා මම ෆේස්බුක් හරහා වීඩියෝ ඉදිරිපත් කිරීම දිගටම කිරීමට බලාපොරොත්තු වෙමි. නමුත් පොතපත කියවා බුද්ධිය වර්ධනය කරගන්නට වෙහෙසෙන දියුණු මනස් සහිත පුද්ගලයන් අපගේ සමාජයේ නැත්තාම නොවෙති. පෑන අසිපතක් කරගැන්මට අදහස් කලේ ඔවුන් උදෙසාය. ඇත්තෙන්ම මතවාදී අරගලයේ ගාමක බලවේගය ඔවුන්ය. අන්තවාදීන්ට හසුරුවාගත නොහැකි වී තිබෙන්නේද ඔවුන්ය. මන්ද ඔවුන් බුද්ධිමත්ය. නමුත් ඔවුන්ගේ විචාර බුද්ධිය පුබුදුවාලන්නට නම් අපි කරුණු ඉදිරිපත් කළ යුතුය. අපි සත්‍ය කරුණු ඔවුන්වෙත නොදෙන්නේ නම් ඔවුන්ගේ මතවාදය පක්ෂග්‍රාහී වීම වැලැක්විය නොහැක.

කෙසේ නමුත් අතීතය සමග සසදා බලන කල වර්තමානයේ අපට තිබෙන ප්‍රතිරෝධය ඉතා සුළුය. අද කෑ කෝ ගහන්නේ කිරිකජු ඇම්බැට්ටයන් කිහිප දෙනෙකි. ඔවුන් වටා සිටින රොත්තම හරසුන් ෆැන්ටසියක අතරමංවු අත්දැකීම් රහිත ගැටවු ගැටිස්සියන් පිරිසකි. අපගේ ඉලක්කය ඔවුන් නොවේ. ඔවුන් සමාජ අත්දැකීම් ලබන කල ඉන් මිදෙනු ඇත. නමුත් බහුතර සමාජය සත්‍යයෙන් පෝෂණය කිරීම කලයුතුම කරුණකි. ඒ සදහා ඔබ සැම මා සමග නැවතත් අත්වැල් බැදගනු ඇතැයි විශ්වාස කරමි.

 

4 Comments to “පන්හිද නැවතත් අසිපත කරගැනීමට කාලයයි!

  1. ඔබගේ පැතුම් අනිවාර්යයෙන්ම ඉටු වේවා ඔබගේ සමාජ මෙහෙය සාර්ථක වේවා

    1. හදිස්සියක් නැහැ. ලේඛකයා ලිපි ලියන්නේ අදහස් ගලා එන ආකාරයටයි.

Comments are closed.