ට්‍රම්පච්චිට නිව්ස් ටැපලිලා වෙච්චි සං‍ගෙදිය!

ලංකාව ආසියාවේ ආශ්චර්ය කොරන්න ගිහින් කෙලව ගත්තු අපේ අප්පච්චි වගේමයි ඇමරිකා ග්‍රේට් අගේන් කරන්න ගිය ට්‍රම්පච්චිගේ වැඩත්. ට්‍රම්පච්චි නිසා ග්‍රේට් කෙසේ වෙතත් ඇමරිකා වර්ස් අගේන් වෙයි කියලා තමයි විචාරකයන් කියන්නේ. මේ අව් අස්සේ ට්‍රම්පච්චි ලෝකේ සිද්ධවෙන දේවල් වලට හොට දාන්න ගිහින් ඒවයිනුත් නාගන්නවා. මේ ලගදිත් ඔහොම සිද්ධියක් වුණා.

පසුගියදා ට්‍රම්පච්චි තමන්ට හුරේ දාන ජනතාවක් ඉස්සරහ මේ වගේ කතාවක් කළා. මම ඕක කිව්වා. ඔය මුස්ලිම් ජිහාඩිස්ට්ලා දාස් ගණනින් රටට ගන්ඩ එපා කියල මම ස්වීඩ්න් රජයට අවවාද කලා. කොහෙද ඒ ගොල්ලො මාව ජෝක් එකකට ගත්තනෙ. මං වගේ යමක් කම් දන්න කියන යමක් කමක් තියෙන කෙනෙක් දෙයක් කිව්වහම ඒකට සවන් දුන්නා නම් අද රෑ මේ විනාශෙ සිද්ධ වෙන්නෑ. ඕක දන්න නිසා තමයි මම අපේ රටේ මුස්ලිම් ට්‍රැවල් බෑන් එක දැම්මෙ. අපේ අධිකරණයේ ජාති ද්‍රෝහියො දේශ ද්‍රෝහියො ඒකට ඉඩ දෙන්නෑ. ස්වීඩනයේ වගේම හෙට අනිද්දා අපේ රටේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇතිවෙන එක ෂුවර් කියලා ට්‍රම්ප් කියද්දී අපේ අප්පච්චිට හුරේ දාපු සෙට් එක වගේමයි. ට්‍රම්ප්පච්චි ගාවත්. උන්ටත් ට්‍රම්ප්පච්චිව සීයට දෙසීයක්ම ෂුවර් නිසා හුරේ දැම්මා. ඇත්තටම මුං එකෙක්වත් පත්තර බලන උන් නෙමෙයිද අප්පා!

ට්‍රම්ප්පච්චි මෙහෙම තමන්ගේ මැටි මෝල් ජනතාව ඇන්දෙව්වෙ 2020 ජනාධිපතිවරණය වෙනුවෙන් කියල තිබ්බ ෆ්ලොරීඩාව පළමු රැලිය අමතමින්. ට්‍රම්ප්පච්චි හිතාන ඉන්නේ 2020 දී ඇමරිකානු ජනතාව ගොන් වැඩ කරයි කියලයි. ඒක ගැන කතාකරන්න තවම කල් වැඩියි. නමුත් ඇමරිකාවේ ගොඩක් මිනිස්සු කියා සිටින්නේ මූට පිස්සුද එහෙම නැත්තන් අපට පිස්සුද?  කියලයි.

කොහොම වුනත් ට්‍රම්ප්පච්චිගේ කතාවෙන් අන්දමන් වෙච්චි ස්වීඩන පාලනය ඇහුවේ ‘කොහෙද අපේ රටේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිද්ධ වුනේ? කියලයි. ස්වීඩනයේ හිටපු අගමැති කාල් බ්ලයිට් ට්විටර් පණිවිඩයක් නිකුත් කරල ට්‍රම්ප්පච්චිගෙන් ඇහුවෙ ස්වීඩනයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුවුනේ කවදාද? කියලයි.

ට්‍රම්ප්පච්චි ඒකට උත්තර දුන්නෙ පස්සෙන්දා. ඔහු කියා හිටියෙ ‘මම ඒක දැක්කෙ ඇමරිකාවෙ ෆොක්ස් රූපවාහිනියෙන්. ඒකනෙ මං කියන්නෙ මේ සේරම ජනමාධ්‍ය කාරයො Fake News කාරයො කියල. ඒක නිසා උන් කියන ඒවා ගණන් ගන්න එපා. මම කියන එක විතරක් විශ්වාස කරන්න’ කියල මෙසෙජ් එකක් දාලා ට්‍රම්ප්පච්චි ලිස්සලා ගියා.

කොහොම උනත් අපේ අප්පච්චි ඉන්න කාලේ මාධ්‍ය ටික ඔක්කොම එයාට කැරකුණා වගේ ඇමරිකාවෙ එහෙම සිද්ධ වෙන්නෙ නැහැ. මේ හින්ද ටම්ප්පච්චිට ඇමරිකාවේ ලේසි වෙන එකක් නම් නැහැ.

https://m.facebook.com/story.php?story_fbid=1435781209848262&id=346937065399354