දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකාවේ බෞද්ධ කිතුණු බේධයක් ඇතිකිරීමට අන්තවාදීන් දැරූ තැත වරදී!

දෙහිවල පිහිටි ප්‍රෙස්බිටිරියන් ජාතික පාසලේ 11 වන වසරේ ඉගෙනුම ලබන බෞද්ධ සිසුවියක් ලවා පාසලේ විදුහල්පතිනිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට දෙහිවල අන්තවාදී ආගමික කල්ලියක් උත්සාහ දරා තිබෙනවා. මෙම පැමිණිල්ල නම් පාසැලේ සිසුවියන් 9 දෙනෙකු “යොහෝවාගේ සාක්ෂිකරුවෝ” නම් වූ ක්‍රිස්තියානි කංඩායමක් කිතුණු බවට පත්කර ඇති බවටයි. එම සිසුවිය පවසා තිබුණේ තමන්ටද මෙම ආගමට පැමිණෙන ලෙස බලකළ බවයි.

මේ සම්බන්ධව ඇය චෝදනා කොට තිබුණේද පාසලේ සිසුවියකගේ මවක් වෙතයි. අදාළ මව පළමුව එක් ශිෂ්‍යාවක් “යොහෝවාගේ” කණ්ඩායම වෙත බදවාගන ඇති බවත් පසුව ක්‍රම ක්‍රමයෙන් ශිෂ්‍යාවන් 9 දෙනෙකු බෞද්ධත්වයෙන් ඈත්කොට භික්ෂුන් වහන්සේලාට පරුෂ වචනයෙන් අමතන තත්වය දක්වා වෙනස්කිරීමට මානසිකව බලපෑම් එල්ල කර ඇති බවත් එම චෝදනාවේ සදහන්. නමුත් එම චෝදනා වලට ලක්වු සිසුවියන් 9 දෙනාම පවසන්නේ එවැනි දෙයක් සිදු නොවු බවත් මෙම චෝදනා කරන සිසුවිය බොරු ගොතා කියන බවත්ය.

 

එහෙත් පාසැලේ විදුහල්පතිතුමිය මෙම චෝදනාව බොරු එකක් බව වටහා ගෙන ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට තීරණය කිරීම නිසා අදාල චෝදනාව ඉවත දැමුණි. දැන් එම සිසුවියගේ දෙමාපියන් ඇතුළු අන්තවාදීන් උත්සාහ දරන්නේ අන්තර්ජාලයේ අන්තවාදී වෙබ්අඩවි හරහා පාසලට මඩ ප්‍රචාරයක් දියක් කිරීමටයි.

 

One Comment to “දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකාවේ බෞද්ධ කිතුණු බේධයක් ඇතිකිරීමට අන්තවාදීන් දැරූ තැත වරදී!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *