හම්බ දමන ජාතකය අළුත්ම එක! තිසර පටෙන් වඳ කිරීම!

හම්බ දමන ජාතකය අළුත්ම එක! තිසර පටෙන් වඳ කිරීම!

මුස්ලිම් විරෝධී භීතිකා වාදීන්ට තමන්ගේ පච ප්‍රචාරණය පවත්වාගෙන යාමට කිසියම් පුවත් මූලයක් අවශ්‍යය. දැන් ඒකට අළුත්ම එකක් ඇවිත් තිබේ. ඒ තිසර පටයේ වඳ බෙහෙත් දැමීමයි. මෙම පච ප්‍රචාරකයන් කලක් තිස්සේම මෙම වඳ බෙහෙත් සංකල්පය මුස්ලිම්වරුන්ට එරෙහිව සමාජය තුල ප්‍රචාරණය කළ එකකි. විශේෂයෙන්ම මුස්ලිම් වෛද්‍යවරුන්ට එරෙහිව, මුස්ලිම් හෝටල් වලට එරෙහිව මෙම පච ප්‍රචාරණය දියත් කරන ලදී.

අළුත්ම ප්‍රවණතාවයට පාදක වුනේ ලංකාදීප පුවත්පතේ පලවු පුවතකි. එහි සඳහන් වුනේ මීතොටමුල්ලේ අවතැන් වුවන්ට බෙදන්නට ගෙනා බ්‍රෙසියර් වගයක පෙති වර්ගයක් සහ ජෙල් වර්ගයක් තිබුණු බවයි. ඇත්තෙන්ම අපේ රටේ ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් නැත. තිබෙන්නේ ගිරාපෝතක මාධ්‍ය කලාවකි. පලකරන දේ සත්‍යාසත්‍යතාවය ගැන ඔවුන්ට වග විභාගයක් නැත. පුවතෙහි පලවුයේ එක්තරා කාන්තාවක් පැමිණ මෙම බ්‍රෙසියර් ලබා දුන් බවයි.

මීට දශක කිහිපයකට පමණ පෙර අපේ රටේ බහුතර කාන්තාවන් තිසර පට ලෙස භාවිතා කළේ තමන් විසින්ම අතින් මසාගත් ඒවායි. ඉන්පසුව ගම්වල තිසර පට මසන කාන්තාවන් බිහිවිය. ඊට පසුව ඒ යුගය පසුකරමින් තිසර පට මසන කුඩා ගාමන්ට් බිහිවිය. මෙම තිසර පට ශරීරයට පහසු, අලංකාරයට, මෙන්ම වාතය ඇතුලත පිටතට යාමට එ‍මේ පහසුවට එම්බ්‍රොයිඩර් කළ ඒවා විය. පසුකාලීණව තිසිර යුගල උළුප්පා පෙන්වීමට පෑඩ් එකක් වශයෙන් ස්පන්ච් වර්ගද භාවිත විය.

බ්‍රෙසියර් පෑඩ් ලෙස යොදා ගන්නා සිලිකා ජෙල්

නමුත් දැන් නූතන යුගයේ ජාත්‍යන්තරව බ්‍රෙසියර නිශ්පාදනය කිරීමේදී ඇතුලත නිමැවුම සඳහා භාවිතා කරන්නේ සිලිකා ජෙල් විශේෂයකි. එය බ්‍රෙසියරයේ අලංකාරය මෙන්ම සුවපහසුවද ගෙන දෙන්නට ඔවුන් විසින් භාවිතා කරති.

ශල්‍යකර්ම මගින් පියයුරු තුලට ඇතුලත් කරන සිලිකා ජෙල්
ශල්‍යකර්ම මගින් පියයුරු තුලට ඇතුලත් කරන සිලිකා ජෙල්

එපමණක් නොව දැන් සිලිකා ජෙල් පියයුරු ඇතුලත ශල්‍යකර්මයක් මාර්ගයෙන් තැන්පත් කර පියයුරු අලංකාර කර ගැනීමද බටහිර රටවල සිදුවේ. නමුත් අපේ රටේ සාමාන්‍ය දුප්පත් ජනතාවට තවම මේවා අළුත්ය. කූඨ අන්තවාදීන් යොදා ගත්තේ මෙම හිදැසයි. අවාසනාවට රනිල්ගේ බාප්පගෙ පත්තර කඩමාල්ලත් එයට උල්පන්දන් දුනි.

පලමුව අප ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුත්තේ කාන්තාවකගේ ස්ථන ග්‍රන්ථිය හරහා බෙහෙත් යැවීමෙන් වන්ඳ්‍යාභාවයට පත්කළ හැකි බවට ඇති විද්‍යාත්මක සාධක කවරේද යන්නයි. ස්ථන ග්‍රන්ථිය ක්‍රියාකරන්නේ Out Put එකක් ලෙස මිස In Put එකක් ලෙස නොවේ. එහෙත් මෙම පච ප්‍රචාරකයන්ට Out Put හෝ In Put ගැන අදාලත්වයක් නැත. කළ යුත්තේ කෙසේ හො පච ප්‍රචාරණය සමාජගත කිරීමයි. මේ බොරුව එළිවෙන කොට ඔවුන් තව බොරුවක් සොයා ගනිති.

ජාතිවාදීන්ගේ පච ප්‍රචාර
ජාතිවාදීන්ගේ පච ප්‍රචාර

කෙසේ වුවද මෙම පච ප්‍රචාරණයට වෙනදා මෙන් සම්බන්ධ වුයේ ෆේස්බුකියේ ජාතිවාදීන් කියන ඔක්කොම හරිය යන මතයේ සිටින නූගත් බයි මානසිකත්වයේ සිටින සුළු පිරිසයි. අනිකුත් බහුතර සිංහල බෞද්ධ ජනතාව මෙය අමුලික පචයක් බව දනිති. ඇතැම් සහෝදරවරු මෙය ජාතිවාදීන් බයිට් කරනු පිණිස යොදා ගනිති. පහත සදහන් වන්නේ එවැනි බයිට් එකකි.

උපුටා ගැනීම

දොස්තරලා තිසර පට ප්‍රශ්ණයට පැහැදිළි විසඳුමක් දීමට ඉදිරිපත් නොවන වටපිටාවක, ඉදිරියේදී සිංහල කාන්තාවන් තිසරපට පැළඳීමෙන් වැළකී සිටීමේ බරපතල අවදානමක් අප ඉදිරියේ පවතින, ඒ අනුව අපේ පිරිමි ප්‍රජාවට මගතොටදී අවාසනාවන්ත තත්වයන්ට මුහුණ දෙන්නට සිදුවිය හැකි මෙවන් අනුවේදනීය මොහොතක  මේ සඳහා විසඳුමක් ඉදිරිපත් කල අපේ හෙළ කොල්ලා ගැන ආඩම්බර නම් ෂෙයාර් කරන්න ෆ්‍රෙන්ස්…….
———————————————————————————–
කාන්තා තිසර පට ඇතුළට ජෙලි පැකට් යෙදීම සම්බන්ධව අප විරුද්ධ විය යුතුය. පුරාතන සාහිත්‍යයේ ස්ත්‍රී පියයුරු උපමා කර ඇත්තේ හංසයින්ටය. හංසයින් බඳු පියයුරු හැඳින්වීමේ දී තිසර තන යැයි සැළලිහිණි සංදේශයේ ද සඳහන් වන අතර ඒ හංසයන් වසාලන රෙදිපට තිසර පට නම් වේ.

එනමුත් හංසයන් ජෙලි කන බවට කිසිම සංදේශයක සඳහන් නොවන අතර 1960 සිට ලංකාවේ වෙළඳපොලේ නම දිනා සිටින මෝතා ජෙලි වුවද තම වෙළඳ දැන්වීම් වල “හංසයින් පවා කන ජෙලි ” ලෙස පවසන්නේ නැත. එසේ වුවද හංසයින් කිරි බොන්නට ලැදියැයි අපිට විශ්වාස කළ හැක්කේ පුරාතන සාහිත්‍ය පුරාම හංසයා කිරි දියෙන් වෙන්කරන බවට පවසන නිසා ය. දියෙන් වෙන්කර ගන්නා කිරි ටික කඩේට, පොළට ගෙනගොස් විකුණන හෝ නිවසේ සිට යෝගට් සාදන හංසයින් ඔබට මහමග දී හමු වී ඇත්දැයි මා නොදනිමි. නමුත් මට නම් එවැනි ව්‍යවසායක හංසයින් හමු වී නොමැති නිසා හංසයින් යනු කිරි බොන සතෙක් යැයි මම විශ්වාස කරමි.

ඉහත කරුණු ඇසුරෙන් මා යෝජනා කරන්නේ තිසර පට තුළට යෙදිය යුත්තේ හංසයින් අනුභව නොකරන ජෙලි නොවන බවය. තිසර පට තුළට යෙදිය යුත්තේ හංසයින් බීමට ප්‍රිය කරන කිරිය. හයිලන්ඩ් කිරි ලීටරයේ බෝතල් දෙකක් තිසර පට ඇතුළට තබා මැසීමෙන් මේ ගැටළුව විසඳීමට හැකිය.

– සහන් කසීර වික්‍රමසිංහ –

Sahan Kaseera Wickramasinghe

උපුටා ගැනීම අවසන්

තවත් එවැනිම බයිට් එකක්
තවත් එවැනිම බයිට් එකක්

ජාතිවාදීන් විසින් තම ප්‍රචාරණය සදහා මෙම පුවත යොදා ගැනීමට ප්‍රධාන හේතුවක් වුයේ මීතොටමුල්ල අවතැන් වු ජනතාවට විශාල වශයෙන් උදව් කලේ මුස්ලිම් ජනතාව බව ඔවුන් දන්නා නිසාය. ඇත්තටම මෙම ජාතිවාදී සෙට් එක අවතැන් වු ජනතාවට කළ කෙංගෙඩියක් නැත. ඒ මිනිස්සුන්ව මුස්ලිම්වරුන්ගෙන් ඈත් කරන්නට මෙම පච ප්‍රචාරණය යොදා ගති. මුස්ලිම් විරෝධය මවාපාන ෆෙස්බුකියේ ජාතිවාදී කල්ලිය තවත් අළුත් ජාතකයක් ඉතා නුදුරේදීම සොයා ගනු ඇත.

දිනකට ගබ්සා 600ත් 800ත් අතර ප්‍රමාණයක් කෙරෙන අපේ රටේ මෙම ජාතිවාදීන්ට එය ප්‍රශ්නයක් නැත. මන්ද ඒ කරන්නේ ඔවුන්ගේ ජාතියේ වෛද්‍යවරුන් බැවිනි. කෙසේ වුවද දැන් දරුවන් අවශ්‍ය නැති අයට හොදම ලේසිම ක්‍රමයක් තිබේ. එනම් හම්බයන්ගෙන් බ්‍රෙසියරයක් ඉල්ලාගෙන ඇද ගැනීමයි. මෙම පච ප්‍රචාරයට දායක වු සැමගෙන් මා ඉල්ලා සිටින්නේ ඔළුව අතගා බලන ලෙසයි. සමහර විට අං ඇවිත් තිබෙන්නට පුළුවන.

 

 

 

 

2 Comments to “හම්බ දමන ජාතකය අළුත්ම එක! තිසර පටෙන් වඳ කිරීම!

  1. වඳුරන්ට කණ්ණාඩි දුන්නවගේ ෆෝන් කට්ටක් නැත්තනම් කොම්ප්‍යුටර් කට්ටක් අරගෙන වැඩකාරයෝ වගේ ෆේස්බුකියේ පෝස්ට් දාන සහ ඒවට කොමෙන්ට් දෙන මොළේ කචල් හෝම් ඇන්ඩ් කොම්පැනි කාරයොන්ගෙ කුණුහර්පවලට, තන් පිලිබඳ විශේෂඥ දැනුමක් ඇති රසායන විද්‍යාඥයොත් පැනල පස්සපැත්ත දීල. ඒවගේම පච පත්තර වාර්තා කාරයොත් නාසය වහගෙන අසූචි කන තත්වය බැලුවම දුකය් මචං.

  2. ඥාණසාර හිමි ඝාතන තැතක් කියලා නිව්ස් එකක් දැක්කා. දුකක් වගේ දැනුනා මේ මනුස්සයා ගැන. හැමෝම දන්නවා මේ මනුස්සයා ඝෝටාභය ගේ රූකඩයක් කියල.

    දන්න කියන අය ඥාණසාරට අනතුරු අඟවල තිබ්බොත් හොඳයි. රාජපක්‍ෂලාට ඥාණසාර හිමිව මරල ජාතිවාදය අවුස්සලා රට ලේ විලක් කරන එක ඒ තරම් දෙයක් නෙමෙයි. වෙන කෙනෙක් මේ මනුස්සයව මරනවනම් මෙචචර කල් මර මරා ඉන්න ඕනේ නැහැ.

    මේ දවස්වල ඥාණසාර ආයිත් උඩ පනින හැටි දකිනකොට ලොකු ප්ලෑන් එකක් යනවා ව‍ගේ කාටත් තේරෙනවා. පව් මනුස්සයා.

Comments are closed.