අහෝ! ජාතිවාදීන්ට දණනමා හමුදා පාලක ජුන්ටාවට රූකඩයක් වූ සුඛී!

මේ වන විට 72 හැවිරිදි වියේ පසුවන අවුන් සාන් සුකී මියන්මාරයේ නිල නොලත් නායිකාව ලෙස හඳුන්වයි. ඇයට පෙර හමුදා පාලනය විසින් ඇතිකළ නීතියක් නිසා රටේ පාලක ධූරය නීතියෙන් ලැබිය නොහැකි තත්වයක් පැවතියද දේශපාලන නූල් සුත්තරයක් මගින් ඇය තමාවෙත පාලන බලය ආරෝපනය කරගෙන ඇත. වත්මන් මියන්මාරයේ රක්ඛින් ප්‍රාන්තයේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව ඇය පසුගිය අඟහරුවාදා කළ ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රජාව සෑහීමට පත් නොවූවත් බුරුම ජුන්ටාවාදීන් විශේෂයෙන් එරට ආගමික අන්තවාදී පිරිස් කුල්මත් කිරීමට සමත් විය. මේ ප්‍රකාශයෙන් පසුව කලින් ඇයගේ ආධාරකරුවන්ව නොසිටි පෙර පාලනය කළ හමුදා ජුන්ටාවට කඩේ ගිය ජාතිවාදීන් පිරිස් වීදි බැස සුඛීට සහාය පළ කරමින් උද්ඝෝෂණය කරන්නට විය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණය ස්ථාපනය කිරීමට බලයට පත්කළ නායිකාව අද ජාතිවාදීන්ගේ සහ පෙරසිටි හමුදා පාලක ජුන්ටාවේ සුරතලියක සහ වහලියක ලෙස කටයුතු කිරීම ඛේදජනකය. ඇත්තෙන්ම එය ලංකාවටද ආදර්ශයකි. වත්මන් ලංකාවේද යහපාලන රජය බලයට පත්වූයේ ජාතිවාදය/ආගම් වාදය තුරන් කරනවා, දූෂණය නැතිකරනවා යනුවෙන් ඔවුන් විසින් දුන් පොරොන්දු ජනතාව අනුමත කිරීම නිසයි. නමුත් මියන්මාරයේ මෙන්ම ලංකාවේද යහපාලන ආන්ඩුව අද වන විට සිදුකරමින් යන්නේ ජාතිවාදය ශක්තිමත් කරන/ජාතිවාදීන්ට කඩේ යන සහ දූෂණය රජකරවන වැඩපිළිවෙලකි.

1991 දී නොබෙල් සාම ත්‍යාගය දිනාගත් මේ නායිකාව, රක්ඛින් ප්‍රාන්තයේ ජනවාර්ගික ශුද්ධකරණයක්‌ නැති බවත්, එල්ලවන චෝදනා ගැන විදේශ පරීක්‍ෂණයකට තමන් බිය නැති බවත් සඳහන් කර සිටියහ. මේ ප්‍රකාශ බී.බී.සී. ලෝක සේවය මෙන්ම ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනයද මවිතයට පත්කරන සුළු විය. බුරුමයේ සිටින බී.බී.සී. වාර්තාකරු ජොනා ෆිෂර් ප්‍රකාශ කරන්නේ සුකී විසිනෂණය රජකරවන ශක්තිමත් කරන සහ තමාවෙත පාලන බලය ආරෝපනය කරගෙන ඇත. අදොහැකි තත්වයක් පැවි ජනතාව වෙතින් ඇය දිනෙන් දිනම ඈත්ව යන බව පැ හමුදාවට අවශ්‍ය කරුණු ලෝකය හමුවේ ප්‍රකාශ කළ බවයි. එදා හමුදා පාලකයන් විසින් නිවාස අඩස්සියේ තබාගෙන සිටි සුඛී අද මේ වන විට සිටින්නේ පෙර හමුදා පාලක ජුන්ටාවේම රූකඩයක් බවට පත්ව බව ඉතාමත් පැහැදිලිය.

රොහින්ගා මුස්‌ලිම්වරුන් වෙනුවෙන් කතා කරන්නට ගියහොත් සුකීගේ දේශපාලන ගමන මෙන්ම ආණ්‌ඩුවද විනාශයට පත්වන බව ඇයට හැගී ගොස් ඇති සෙයකි. ඇයට අවශ්‍ය කොක්කෙන් නොව කෙක්කෙන් හෝ බලය පවත්වාගෙන යාමයි. බලය හමුවේ සුඛී දීන තත්වයට පත්වීම ඛේදජනකය. එනිසාම ඇය ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් අගයන සමාජය බලාපොරොත්තු නොවන එරට බලවන්ත හමුදාවට අවශ්‍ය ප්‍රකාශය සිදුකර ඇත. මෙහිදී ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය පවසන්නේ කුමක්‌ද? සුකී වැල්ලේ හිස සඟවාගෙන ඇති බවයි. ඇත්ත! සුඛී අද පැස්බරෙකුමෙන් වැල්ලේ ඔළුව සගවාගෙන තමන් ආරක්ෂිත යැයි සිතන බව පැහැදිලිය. නමුත් ඇය කඩේ යන මේ ජුන්ටාව සහ ජාතිවාදී නඩය මැතිවරණයේදී සිටියේ ඇයගේ ප්‍රතිපාර්ශවයේ බවට ඇයට අමතක වීද?

බුරුමය ගැන විශේෂයෙන්ම එරට අන්තජාතිවාදී ප්‍රජාව පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය ඉතාමත් අවධියෙන් කටයුතු කරන බව සත්‍යයකි. එනිසා ජාත්‍යන්තර මාධ්‍ය බුරුමය සම්බන්ධව ඉදිරිපත් කළ සත්‍ය කරුණු වලට එරෙහිව සුකී සිය හඬ අවදිකර ඇත. මේ ගැන විදෙස්‌ මාධ්‍යකරුවෝ විමතියට පත්ව ඇත. එදා ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාධාරණය ගැන හඩ අවදි කළ සුඛීද මේ? සුඛී පවසන්නේ සැප්තැම්බර් 05 වැනිදායින් පසු කිසිම හමුදා මෙහෙයුමක්‌ රකින් ප්‍රාන්තයේ සිදුකර නැති බවයි. නමුත් සහන සංවිධාන ප්‍රකාශ කරන්නේ දිනපතා බංග්ලාදේශයට රොහින්ගා අනාථයන් විසිදහස බැගින් පලායන බවයි. රොහින්ගාවරු බංග්ලාදේශයට පලා යන්නේ කවර හේතුවක් නිසාද? ඇත්තෙන්ම රොහින්ගා සරණාගතයන්ගේ ඉරණම ඛේදජනකය. නමුත් මොවුන්ගේ ගලවා ගැනීම් වස් බුරුම හමුදාවට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට සුඛීට හමුදාවක් නැත.

Archbishop Desmond Tutu (R) talks to reporters after his meeting with Myanmar democracy leader Aung San Suu Kyi (L) at Suu Kyi's residence in Yangon on February 26, 2013. Tutu met fellow Nobel Peace Prize winner Aung San Suu Kyi

පෙර හමුදා පාලනය විසින් සුකී නිවාස අඩස්‌සියේ තබා සිටින විට බටහිර ලෝකයට ඇය තරම් වීරයකු සිටියේ නැත. ඒ නිසාම ඇයට නොබෙල් සාම ත්‍යාගයද පිරිනැමිණි. නෙල්සන් මැන්ඩෙලාට, තෙරේසා මවුතුමියට පිරිනැමුණු නොබෙල් සාම ත්‍යාගය ඇයටද හිමිවිය. එහෙත් දැන් සුකී සමඟම නොබෙල් ත්‍යාගය හිමිකර ගත් ඩෙස්‌මන්ඩ් ටුටූ රදගුරුවරයා පවසන්නේ කුමක්‌ද? සුකීගෙන් නොබෙල් සාම ත්‍යාගය ආපසු ලබාගත යුතු බවයි. සුකීට දැන් නොබෙල් ත්‍යාගයට වඩා එදා තමන්ගේ මැතිවරණ ක්‍රියාදාමයට එරෙහිව කටයුතු කළ ජාතිවාදී නඩය වැදගත් වී ඇත.

දකුණු ඉන්දියාවේදී මාධ්‍යවේදීන් අමතමින් ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා වහන්සේ ඉල්ලීමක් කළේ මියැන්මාරයට ‘බුදුන් දෙසූ මග යන ලෙස’ යි. “ඔවුන් මතක තබාගත යුතුයි මෙවැනි අවස්ථාවලදී බුදුන් වහන්සේ සිටියා නම් උන්වහන්සේ අනිවාර්යයෙන්ම අසරණ (රොහින්ගියා) මුස්ලිම්වරුන්ට සරණ වෙනවා. ඒ නිසා මේ තත්වය අතිශයින්ම, අතිශයින්ම කණගාටුදායකයි. රොහින්ගියා හිංසනය නතර කළ යුත්තේ මියැන්මාර බෞද්ධයන්” යනුවෙන් එහිදී උන්වහන්සේ පැවසූහ.

සුකීට පෙර සිය ෆේස්‌ බුක්‌ පිටුව හරහා අදහස්‌ දක්‌වා තිබූ බුරුම හමුදා ප්‍රධානී ජෙනරාල් මින් අවුන් සඳහන් කර තිබුණේ රකින් ප්‍රාන්තයේ බලය අල්ලා ගැනීමට අන්තවාදීන් උත්සාහ කරන බවයි. නමුත් අතිශය බිහිසුනු ලෙස ඔහු සිය හමුදා බලය යෙදවුයේ ඔය කියන අන්තවාදීන්ට එරෙහිව නොව අහිංසක සිවිල් ජනතාව වෙතය. මෙහිදී රොහින්ගාවරු කිසිදා බුරුමයට අයත් ජන කොට්‌ඨාසයක්‌ ලෙස නොසැලකූ බවත් ඔහු අවධාරණය කර ඇත. ඔහු මෙසේ සටහන් කිරීමෙන් ගම්‍ය වන්නේ කුමක්ද? මේ එදා හමුදා පාලක ජුන්ටාව පලකල අදහස් නොවේද? දැන් සුඛීටද සිදුව තිබෙන්නේ රොහින්ග්‍යාවරු බුරුමයට අයත් නොවන ජන කොට්‌ඨාසයක්‌ යැයි සිතා කටයි පක්ෂාගාතයයි දෙකම වසාගෙන සිටින්නටය.

රොහින්ගා ප්‍රශ්නය නිසා සහ ඒ සම්බන්ධව ජාතිවාදීන් ගෙන යන වෛරී ප්‍රකාශ නිසා බුරුම ජනතාව තුළ පසුගිය දින දැඩි නොසන්සුන්තාවක්‌ ඇතිවිය. ඒ නිසාම සුකීගේ විශේෂ ප්‍රකාශය ගැන එරට ජනතාව තුළ පැවැති බලවත් උනන්දුව නිසාම පසුගිය අඟහරුවාදා දිනයේ රජයේ සේවකයන් සේවයට වාර්තා නොකර ඇයගේ ස්‌ථාවරය දැන ගැනීමට උනන්දුවෙන් සිටි බව සී.එන්.එන්. රූපවාහිනිය වාර්තා කර තිබිණි. යැන්ගුන් නගරයේ මහජනයා රැස්‌වන උද්‍යානවල විශාල රූපවාහිනි තිර සවිකර තිබූ අතර ජනයා ඒ අසල රැස්‌වී මහත් උනන්දුවෙන් ඇයගේ විනාඩි 30 දේශනයට සවන් දුන්හ.

ජාතිවාදීන් රට තුළ ඇතිකර තිබෙන උග්‍ර මුස්‌ලිම් විරෝධය හමුවේ සාමය ලැදි ප්‍රජාව සතුටු කරන ප්‍රකාශ සිදු කිරීමට මේ නොබෙල් සාම ත්‍යාගලාභිනියට නොහැකිය. එම නිසා ඇය මෙවර එක්‌සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමටද ගියේ නැත. එක්‌සත් ජාතීන් අමතනවාට වඩා තම ජනතාව ඇමතීම ඇය සිය ගැලවිජ්ජාව බවට පත්කරගෙන ඇත. නමුත් සිය දිවිපරදුවට තබා ඇය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ යෙදී ඇයව බලයට පත්කළ සාමය ලැදි ජනතාව වෙතින් ඇය දිනෙන් දිනම ඈත්ව යන බව පැහැදිලිය.

 

අන්වර් මනතුංග

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *