ඉන්දුනීසියාවේ බුදු දහම Buddhism in Indonesia

ඉන්දුනීසියාවේ බුදුදහමට දිගු ඉතිහාසයක් ඇති අතර එය ඉන්දුනීසියාවේ ආදි යුගයේ සිට එන ස්මාරක රාශියකි. බුද්ධාගම ඉන්දුනීසියාවේ නිල ආගම් හයෙන් එකක් ලෙස පිළිගනු ලැබේ. ඉස්ලාමය, ක්‍රිස්තියානි ආගම (ප්‍රොතෙස්තන්ත සහ කතෝලික), හින්දු ආගම සහ කොන්ෆියුසියානුවාදය අනෙකුත් ආගම් වේ.

බුද්ධ ප්‍රතිමා විකිණීමට තිබෙන මුස්ලිම් වෙලදසැල්

2000 ජාතික සංගණනයට අනුව, ඉන්දුනීසියාවේ සමස්ත පුරවැසියන්ගෙන් 0.8% ක්ම බෞද්ධයන් වන අතර සංඛ්‍යාත්මකව ගත්කල මිලියන 1.7 ක් පමණ ප්‍රමාණයකි. බොහෝ බෞද්ධයන් ජකර්තා, රියා, රියායු දූපත්, බංග්ලා බෙලිටුන්ග්, උතුරු සුමාත්රා සහ බටහිර කල්මන්තන් යන නගරවල මිශ්‍රව ජීවත් වෙති.

කෙසේ වෙතත්, මෙම අගයයන් බොහෝදුරට ඉහල මට්ටමක පවතී. මන්ද, ඉන්දුනීසියාවේ නිල ආගම් සම්බන්ධව සැලකිලිමත් වූ, ටාවෝවාදීන් සහ චීන ජන සමූහයේ වෘත්තිකයන්, වඩාත් මෑත සංගණනයේ දී බෞද්ධයන් ලෙස තමන් හැඳින්වූයේය. වර්තමානයේ ඉන්දුනීසියාවේ බොහෝ බෞද්ධයන් චීන සම්භවයකින් යුක්තය. කෙසේ වෙතත්, ජාවානීස් සහ සස්කන් වැනි කුඩා ජන වර්ග වලට අයත් බෞද්ධයන් ද වේ.

පින්ඩපාතයේ වඩින භික්ෂුන් වහන්සේ

බුදුදහම ඉන්දුනීසියාවේ දෙවැනි පැරණිම දහම ලෙස සැලකේ. හින්දු දහම පැරණිම දහම ලෙස සලකන අතර බුදුදහම පැමිණ තිබෙන්නේ දෙවැනි සියවසේ බව සදහන්. ඉන්දුනීසියාවේ බුදුදහමේ ඉතිහාසය හින්දු දහමේ ඉතිහාසයට සමගාමීව පවතින අතර ඉන්දියාවේ සිට ඉන්දුනීසියාව දක්වා පැතිරුණු ඇතැම් අධිරාජ්‍යයන්ගේ බලපෑම ඊට දායක වී ඇත. ඉන්දුනීසියානු දූපත් සමූහයේ බුදුදහම පැමිණීම ආරම්භ වූයේ පළමු සියවසේ මුල් භාගයේදී ඉන්දුනීසියාව හා ඉන්දියාව අතර සාගර සේද මාවතේ ආරම්භ කරන ලද වෙළඳ කටයුතු වලින් ආරම්භ විය.

ඉන්දුනීසියාව තුල පැරණිතම බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය ලෙස ගැනිය හැක්කේ කරවාංග්, බටහිර ජාවා හි පිහිටි බාතුජයා ස්ථූප සංකීරණයයි. එහි තිබෙන පැරණිතම ධාතු දෙවැනි සියවසට අයත් යැයි ගණන් බලා ඇති අතර මෑතම ධාතු දොලොස්වැනි සියවසට අයත් බවට සැලකේ. මීට අමතරව, සුමත්‍රා වල ජම්බි, පල්මම්බන් සහ රියා ප්‍රාන්තවල බෞද්ධ ස්ථාන ගණනාවක් ද මධ්‍යම හා නැගෙනහිර ජාවාවල ද දක්නට ලැබේ. මෙම ඉන්දුනීසියානු දූපත් සමූහයේ ඇති ස්මාරක වලින් සිලේන්ද්ර රාජවංශය, මට්ටාරම් සහ ස්විජියා වැනි අධිරාජ්යයන් වැනි බලවත් බෞද්ධ අධිරාජ්යයන්ගේ නැගීම හා වැටීම සාක්ෂි දරයි.  ඉන්දුනීසියාව නව මාවතකට පත්කළ මෑතකාලීන පුරෝගාමී නායකයකු වූ සුහර්තෝගේ යුගයේදී රාජ්‍ය ප්‍රතිපත්තිය වශයෙන් සකස් කළ පන්කසිලාව තුල බුදුදහමද රාජ්‍ය ආගමක් බවට පත්කරන ලදී.

බොරෝ බුදුර් වෙසක් උත්සවය

එවකට සිටි ජාතික නායක සුහර්තෝ බුද්ධාගම හා හින්දු භක්තිය ඉන්දුනීසියානු සාම්ප්‍රදායික ආගම් ලෙස සැලකීය. වසර දහස් ගණනකට පසුව පලමු වතාවට ඉන්දුනීසියාවේ භික්ඛුණී අභිශේකය 2015 වසරේදී බන්ඩුංග්, ලෙම්බංග් හි විශ්ම කුසලයානි හිදී සිදුවිය. මෙම අභිශේකය සදහා ඉන්දුනීසියාවේ වජිරාදේවි සද්ධික භික්ෂුණිය, ශ්‍රී ලංකාවෙන් මේධා භික්ෂුණිය, ජපානයෙන් අනුලා භික්ෂුණිය, වියට්නාමයේ සන්තසූකා සන්තණ භික්ෂුණිය, මැලේසියාවේ සුමංගල භික්ෂුණිය සහ ඕස්ට්‍රේලියාවේ ජෙන්ටි භික්ෂුණිය සහභාගී විය.

වර්තමානයේ ඉන්දුනීසියානු රාජ්‍ය ප්‍රතිපත්තිය වන පන්කසිලාවේ මූලධර්මයට අනුව, බෞද්ධ සංඝයා වහන්සේ නියෝජනය කරන බෞද්ධ භික්ෂුව, පූජක, බ්‍රාහ්මණ, කිතුණු සභාපාලක, හෝ වෙනත් පිළිගත් ආගම් නියෝජනය කරන, සියලු රාජ්‍ය අනුග්‍රහය ලත් උත්සව සඳහා සහභාගී වනු ඇත.

වසරකට වරක් ඉන්දුනීසියාවෙන් හා අසල්වැසි රටවල දහස් ගණන් බෞද්ධයන් ඉන්දුනීසියානු ජාතික වෙසක් උත්සවය සැමරීම සඳහා බෝරුබුදූර් වෙත පැමිණේ.