මුස්ලිම් ගුරුවරුන් පත්කළැයි කොලඹ ආනන්ද/නාලන්ද විදුහල් වලත් ජාතිවාදය අවුළුවන ලකුණු!

කොලඹ ආනන්ද සහ නාලන්ද විදුහල් වලට මෑතකදී මුස්ලිම් ගුරුවරුන් කිහිපදෙනෙක් පත්කිරීම නිසා එහි සිටින ඇතැම් ගුරුභවතුන් පිරිසක් ජාතිවාදය ඇවිස්සීමේ කටයුත්තක යෙදී සිටින බවට වාර්තා වෙනවා. මේ සදහා ඔවුන් සිසුන්ව අවුස්සා සිසුන් තුලින් මුස්ලිම් විරෝධයක් මතුකර ගැනීමේ උත්සාහයක නියැලී සිටින බවට අපවෙත ලැබෙන ආරංචි මාර්ග සදහන් කරනවා. මේ සම්බන්ධව සිසුවෙකු තැබූ ෆේස්බුක් සටහනක් පාදක කරගනිමින් අන්තර්ජාල වෙබ්අඩවියක් වාර්තා කර තිබුණේ මෙසේයි

 

උපුටා ගැනීම

කොළඹ ආනන්දයේ සහ නාලන්දයේ පාලනය මුස්ලිම්වරු අතට?

මුස්ලිම් ගුරුවරුන් පත්කළැයි ආනන්ද විදුහලෙත් ජාතිවාදය අවුළුවන ලකුණු!
මෙම පාසලේ මෙවැනි ආකාරයට මුස්ලිම් දරුවන් මුස්ලිම් තොප්පි දමාගෙන නැත. මේ මෙම පුවත පලකල වෙබ්අඩවිය විසින් සැකසු ඡායාරූපයකි

ජාතික සංහිඳියාවෙන් යුතු සිසු පරපුරක් බිහි කිරීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මුස්ලිම් ජාතික ගුරුවරුන් කිහිප දෙනෙකුට ලංකාවේ පැරණිම බෞද්ධ පිරිමි පාසල් ද්විත්වයක් වන කොළඹ ආනන්ද විද්‍යාලයට සහ නාලන්දා විද්‍යාලයට පත්වීම් ලබා දී ඇතැයි වාර්තා වනවා. මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට විකල්පයක් වශයෙන් ඇරඹි කොළඹ ආනන්ද සහ නාලන්ද යන විද්‍යාලයන් දීර්ඝ කාලයක සිට මෙරට සිංහල බෞද්ධ අනන්‍යතාවය සුරකිමින් උගත් බුද්ධිමත් තරුණ පරපුරක් රටට දායක කිරීමට කටයුතු කරන ලදි.

වාර්තා වන අන්දමට ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල ගුරුවරුන් රැසකට හදිසියේම ස්ථාන මාරු ලබාදී ඇති අතර පුරප්පාඩු වන තනතුරු සඳහා කොළඹ සහිරා විද්‍යාලය ඇතුලු මුස්ලිම් පාසල් වලින් ගුරුවරුන් පත් කර තිබේ. කෙසේ වෙතත් මෙම පත් කිරීම් වලට එරෙහිව මෙම විද්‍යාල වල විදුහල්පතිවරු, ගුරුවරු ආදි ශිෂ්‍යයින් සහ සිසුන් දැඩි විරුද්ධත්වය පළ කර ඇති අතර නුදුරේදීම මෙය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි යැයිද වාර්තා වී තිබේ.

මෙම මුස්ලිම් ගුරුවරුන්ගේ ආගමනය පිළිබඳව කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවෙකු සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනක් පහතින් දැක්වේ.

Screen-Shot-2017-10-15-at-3.48.17-PM
උපුටා ගැනීම අවසන්
මේ සම්බන්ධව අප සොයා බැලීමේදී වාර්තා වුයේ ආනන්ද සහ නාලන්ද විදුහල්ය වලට යම් යම් විෂයන් සදහා ගුරුවරුන්ගේ අඩුපාඩුවක් තිබු බවත් මේ සදහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අදාල ප්‍රදේශයේ වෙනත් පාසල් වල ගුරුවරුන් පිරිසක් පුරප්පාඩු සදහා පත්කර ඇති බවත්ය. මෙම පත්වීම් ලද ගුරුවරුන් අතර අන්‍යාගමික ගුරුවරුන්ද සිටිති.
අවශ්‍ය කරන්නේ ගුරුවරුන්ගේ ආගම නොව දැනුමයි. එම ගුරුභවතුන් නිසි අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති නම් දක්ෂතාවයද ඇතිනම් එයින් පාසලේ බෞද්ධ කමට හානියක් වන්නේ කෙසේද? ඇරත් පාසලේ සිටින බෞද්ධ ගුරුවර ගුරුවරියන්ගේ සංඛ්‍යාව ගැන සලකන කල අන්‍යාගමික ගුරුභවතුන් සිටින්නේ ඉතාමත් අල්පයකි. විවිධත්වයේ අලංකාරය නොදන්නා ඇතැම් පුද්ගලයන් මෙලෙස ජාතිවාදී ලෙස කටයුතු කිරීම ඉතාමත්ම ඛේදජනකය.

One Comment to “මුස්ලිම් ගුරුවරුන් පත්කළැයි කොලඹ ආනන්ද/නාලන්ද විදුහල් වලත් ජාතිවාදය අවුළුවන ලකුණු!

Comments are closed.