Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය http://www.anvermanatunga.net ජනතාවගේ බ්ලොග් අඩවිය People's Blog Mon, 18 Sep 2017 06:06:20 +0000 en-US hourly 1 29781825 සූ කයි-ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න http://www.anvermanatunga.net/2017/09/09/retake-aun-san-suki-noble-price-sinhala/ http://www.anvermanatunga.net/2017/09/09/retake-aun-san-suki-noble-price-sinhala/#comments Sat, 09 Sep 2017 03:51:53 +0000 http://www.anvermanatunga.net/?p=16826 එක්කෝ ඇය තම නොබෙල් ත්‍යාගය වහාම ආපසු දිය යුතුය. නැතිනම් එය ඇගෙන් ගත යුතුය. ‘බුරුමයේ ප්‍රජාතන්තවාදී නායිකාව’ යැයි අතීතයේ හරසරින්... Read More »

The post සූ කයි-ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
එක්කෝ ඇය තම නොබෙල් ත්‍යාගය වහාම ආපසු දිය යුතුය. නැතිනම් එය ඇගෙන් ගත යුතුය. ‘බුරුමයේ ප්‍රජාතන්තවාදී නායිකාව’ යැයි අතීතයේ හරසරින් හැඳින්වූ ඇය, තවදුරටත් එම ගෞරව නාමය සඳහා තබා, නොබෙල් ත්‍යාගයක් ළඟ තබාගැනීමටවත් කිසිසේත්ම සුදුසු කෙනෙක් නොවේ. සාමාන්‍යයෙන් දේශපාලකයන්ගෙන් ජනතාව මහා දේවල් හෝ ප්‍රාතිහාර්ය බලාපොරොත්තු නොවෙති. ඒ, දේශපාලනයේ සාමාන්‍ය භාවිතාව තුළ එය දූෂිත යාන්ත්‍රණයක් වන බවට පවතින සදාතනික සත්‍යය සහ අත්දැකීම් සමුදාය නිසා ය. නමුත් බුරුමයේ හෙවත් මියැන්මාරයේ ජනයා අවුන් සාන් සුකී කෙරෙහි බලාපොරොත්තු ‘තබාගෙන’ සිටියා නොවේ. ඔවුහු සාමය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සිය බලාපොරොත්තු ඇය සමග ‘බද්ධ කරගෙන’ සිටියෝය. රොහින්ගියාවරුන් මියැන්මාරය තුළ දරුණු ලෙස ආගමික මර්දනයට හසුවන්නට පටන් ගත් මුල් අවධියේදී රොහින්ගා සරණාගත දරුවෙක් ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියක් සමග මෙසේ කීවාය.

“අල්ලා දෙවියන්ට වැන්දට පස්සෙ අපි වැන්දෙ, ගෙදර බිත්තියෙ එල්ලල තිබ්බ සුකීගෙ පින්තූරෙට..!”

2010 වසරේ පටන් ආපස්සට බලන විට අවුන් සාන් සුකී අවසන් වසර 21 න් 15ක්ම හිරු එළිය නොදකිමින් නිවාස අඩස්සියේ සිටි අයෙකි. ඈ එහිදී විඳි මානසික වධ වේදනා තවම සපුරා සුවපත් වී නැතුවා වන්නට ඇත. ඇගේ පවුලට ජුන්ටාව කළ සැහැසිකම් ඇය තුළ තවම ජීවත් වනවා වන්නට ඇත. නමුත් ඒ සම්පූර්ණ කාලය මුළුල්ලේ මුළු ලෝකයම ඇය සමග සිටි බව කීම නිවැරදි ය. අන්තර්ජාතික පුවත්පත් හා සඟරාවල ඈ වෙනුවෙන් සහ ඈ ගැන ලිපි සහ ශිර්ෂපාඨ දහස් ගණනක් ලියැවෙන්නට ඇත. ඒවා විවිධ භාෂාවලට පරිවර්තනය වන්නට ඇත. නමුත් එදා ලෝකයක්ම එක පෙළට සිටගෙන සිටියේ මෙවැනි නායිකාවක් තනන්නටද?

මේ මොහොතේ මියැන්මාරය තුළ රොහින්ගියා මුස්ලිම්වරුන්ට එරෙහිව මහා සංහාරයක් ක්‍රියාත්මක වෙයි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘බෞද්ධ ත්‍රස්තවාදය’ක සහ වාර්ගික අර්බුදයක සම්මිශ්‍රණයකි. ජගත් සංවිධානයට අනුව මියැන්මාරයේ රොහින්ගියා මුස්ලිම්වරුන් යනු ලෝකයේ වඩාත්ම පීඩාවට හසුවූ සුළුතරයයි. නමුත් අවුන් සාන් සුකී ට ඒ බව නොපෙනේ. ඒ රොහින්ගියාවරුන්ගේ විලාපයන් නොඇසේ. “එහෙම දෙයක් වෙන්නෙ නෑ..” යැයි ඇය සරල ලෙසම තිරකොට කියයි. සිය මානව හිමිකම් උල්ලංඝනය වීමේ අමිහිරි අත්දැකීම හොඳින්ම විඳ ඇති අයෙකු විසින්ම එසේ පැවසීමම, තඩි අමානුෂික කමකි.

මේ සිටින්නේ 60 දශකයේදී එංගලන්තය බලා ගොස් ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් දර්ශනවාදය හා දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හැදෑරූ සුකී ද? මේ සිටින්නේ 1988 වසරේදී බහුපක්ෂ ඡන්ද ක්‍රමයක් ඉල්ලා නොබියව හමුදා රජයට විවෘත ලිපියක් ලිව් සුකී ද? මේ සිටින්නේ ඒ වසරේම අගෝස්තු 26 වැනිදා, එනම් මෙයට වසර 29කට පෙර බුරුමයේ ශ්වේදගොන් පැගෝඩාව අසල පැවැත්වූ ප්‍රථම මහජන රැස්වීමේදී දේශයට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටි සුකී ද? 1988 වසරේදී ‘සිවිල් අසහනය සහ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම වෙනුවෙන් කැප වූ, “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මියැන්මාර ජාතික ලීගය” පිහිටුවාගත් සුකීද? 1991 වසරේදී යුරෝපා පාර්ලිමේන්තුව විසින් පිරිනමන සාකාරොව් මානව හිමිකම් ත්‍යාගය දිනාගත් සුකී ද? ඒ වසරේම ඔක්තෝබර් මාසයේදී නොබෙල් සාම ත්‍යාගය දිනාගත් සුකී ද?

 ඒ සුකී දැන් කෝ?

වර්ගවාදය වළක්වාලීමේ සහ දඬුවම් කිරීමේ සම්මුතිය (Convention on the Prevention and Punishment of Genocide) විසින් වර්ග සංහාරයක් සිදුවිය හැකි ක්‍රියාවන් 5 ක් විස්තර කරයි. එයට අනුව, “ජාතියක්, ජන වර්ගයක්, රටක් හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ කොටසක් වශයෙන් සිතාමතාම විනාශ කිරීම” වර්ග සංහාරයක් යටතට ගැනේ. මියැන්මාරයේ නිල නොලත් නායිකාව බවට අවුන් සාන් සුකී පත්වීමෙන් අනතුරුව රොහින්ගියා මුස්ලිම්වරු මේ අවශ්‍යතා පහෙන් හතරකටම යටත්ව දිනපතා ඝාතනය වෙති. පණ පිටින් පුළුස්සා දැමෙති. අලුත්ම සංඛ්‍යා ලේඛනවලට අනුව පසුගිය සතියේ රොහින්ගියානුවන්ගේ සුසානය යනුවෙන් දැන් හැඳින්වෙන, මුස්ලිම් ආගමිකයන් සොය සොයා කපා කොටා පුළුස්සා දමන රඛීන් ප්‍රාන්තයෙන් පමණක් රොහින්ගියා මරණ 70,000 ක් අවම වශයෙන් වාර්තා වී තිබේ. පසුගිය සති දෙක ඇතුළත රොහින්ගියානුවන් මිලියන කාලක් දෙනා සරණක් සොයමින් අසල්වැසි බංග්ලාදේශයට පළා ගොස් ඇත. දැඩිමතධාරී හින්දු භක්තිකයෙකු වන ඉන්දියාවේ මෝදි දැනටමත් කියා තිබෙන්නේ රොහින්ගියා සරණාගතයන් සිය රට බලා ආවොත් කළ යුතු දෙය ගැන කිසිවෙකුගෙන් උපදෙස් අවශ්‍ය නැති බවයි!

මියැන්මාර ඉතිහාසයේ ප්‍රථම වතාවට නිදහස් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූයේ 2015 නොවැම්බර් 13 වැනිදා ය. එහිදී ඇගේ පක්ෂය ඓතිහාසික ජයග්‍රහණක් ලබාගත්තේය. විදේශික සබඳතා ඇති අයට අයට රටේ  මුල් පුටුවට පත්විය නොහැකි යැයි මියැන්මාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් නියම කරන නිසා විදේශිකයෙකු සමග විවාහ වී සිටි සුකී ට රටේ ජනපතිනිය බවට පත්වන්නට බැරි විය. නමුත් ඇය තමන් වෙනුවෙන්ම තත්වාකාර හෙවත් ඩී ෆැක්ටෝ නායිකාව වශයෙන් රට පාලනය කරනු පිණිස ‘ස්ටේට් කවුන්සලර්’ යනුවෙන් තනතුරක් නිර්මාණය කරගත්තා ය. රටේ සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංවිධාන, සංගම් සහ පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වාගැනීමටත්, පාර්ලිමේන්තුවට වගකීමටත් මෙම තනතුර මගින් ඇයට  බලය ලබාදෙයි.

දැන් සුකී ට බලය තිබේ. ජාගර දේශපාලනයේ ප්‍රකට පිරුළ අනුව “බලය ඇති විට මොළය නැත. මොළය ඇති විට බලය නැත”! 

එනිසා සුකී මියැන්මාරය තුළ රොහින්ගියා සංහාරයක් සිදුවන බව දන්නේ ම නැත. නැත්නම් ඇයට ‘මතක නැත.’ ද ගාඩියන් පුවත්පත මෙසේ පවසයි. “ඇය දැන් විපුල බලයක් භුක්ති විඳිමින් සිටින්නීය. ඇය දැන් නිදහස් ය. නමුත් ඒ බලය හෝ නිදහස ක්‍රියාවේ යොදවනවා වෙනුවට ඇගේ ප්‍රතිචාරය නිශ්ශබ්දතාවයේ” මනා ලෙස වාර්තාගත වී ඇති සංඛ්‍යාලේඛන නොපිළිගැනීමේ සහ මානුෂීය ආධාර ලබාදීමට බාධා කිරීමේ සම්මිශ්‍රණයක් බවට පත්ව තිබේ…” මානුෂීය ආධාර බෙදාදීමට ආ අන්තර්ජාතික සංවිධාන සාමාජිකයන්ට සුකී චෝදනා කළේ “ත්‍රස්තවාදීන්ට උදව් කරනවා” යනුවෙනි!

සංහාරයට ලක්වන ජනයාට ‘රොහින්ගියානුවන්’ යන යෙදුම භාවිතා නොකරන්නැයි සුකී ඇමරිකානු තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියාය. රොහින්ගියා තාඩන පීඩන සම්බන්ධයෙන් සන්නද්ධ හමුදාවට ඇඟිල්ල දිුගු කරනවාට ඇය කැමති නැත! සියවස් ගණනක් මියැන්මාරය තුළ දිවි ගෙවූ රොහින්ගියා මුස්ලිම්වරුන්ගෙන් බහුතරයකට අද අත් වී ඇත්තේ එදා ලංකාවේ කඳුකරයේ තේ වතුවල දහදුක් විඳිමින් සිටි දමිල ජනතාවට අත් වූ ඉරණමම ය. 1982 පුරවැසි නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව කියන අවුන් සාන් සුකී නිසා මියැන්මාරයේ රොහින්ගියා මුස්ලිම්වරුන්ගෙන් බහුතරය රටේ පුරවැසියන් නොවේ. ඇය ඔවුන්ව හඳුන්වන්නේ ‘ඉන්ටපෝලර්ස්’ හෙවත් ‘අයුතු මැදිහත්කරුවන්’ ලෙස ය. එසේ වී තිබෙන්නේ ඔවුන් උතුරුදිග අයර්ලන්තයේදී, ඉන්දු කාශ්මීරයේදී හෝ ලංකාවේදී සිදුවුණාක් මෙන් “රටෙන් කොටසක්” පවා ඉල්ලා සිටින්නේ නැතිව ය.

පෙබරවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය රොහින්ගියා මුස්ලිම්වරුන් මියැන්මාරය තුළදී ලක්වන සැලකීම් පිළිබඳ වාර්තාවක් නිකුත් කළේය. ඒවායින් හෙළිදරව් වන අපරාධ අතිශය සාහසික ය. ඒ ඇතැම් සිද්ධියක් රොහින්ගියා මුස්ලිම් ජාතියට අයත් ගැහැනු දරුවන් සහ ස්ත්‍රීන් දූෂණය කිරීම් ගැන ය. ඒ සිද්ධිවලදී හටගත් දරුණු ලිංගික තුවාළ හේතුවෙන්ම ඔවුන් මිය ගිය අවස්ථාවන් ගැන ය. දරුවන් සහ වැඩිහිටියන්ගේ උගුරු දඬු, ඔවුන්ගේ පවුල්වල අයවලුන් ඉදිරියේදීම කපා දැමූ ආකාරය ගැන ය. මියැන්මාර හමුදාවේ හෙලිකොප්ටර විසින් රොහින්ගා ගම්වලට වෙඩි වර්ෂා පැවැත්වූ ආකාරය ගැන ය. ජනයා සිය නිවෙස් තුළට දමා පණ පිටින් ගිනි තැබූ ආකාරය ගැන ය. සොල්දාදුවන් අබිමුව විලි රුදාවෙන් පෙළුණු මවකට පහර දුන් අන්දම සහ ඉක්බිති ඉපදුණු කිරි කැටියා එසැණින් මරා දැමූ ආකාරය ගැන ය. පළා යන ජනයා පිරුණු බෝට්ටු, වෙඩි පහරින් සිදුරු කර ගං දියේ ගිල්වා දැමූ හැටි ගැන ය. සුකී මේ වාර්තාව දැක නැති සෙයකි. ඇය උපන්තේකට රඛීන් ප්‍රාන්තය වෙත ද ගොස් නැත. එසේම රොහින්ගියා කතුන් ලක්වන තාඩන පීඩන පිළිබඳ ජාත්‍යන්තරය කරුණු හෙළිකරන්නට පටන්ගත් විගස අවුන් සාන් සුකීගේ කාර්යාලය එහි ෆේස්බුක් පිටුවේ බැනරයක් ප්‍රදර්ශනය කරන්නට වූහ. “Fake Rapes” යැයි එහි ලියැවී තිබිණි!

මියැන්මාරයේ රටක් අහිමි ජනතාව ඔවුන් ය. මියැන්මාර බෞද්ධයෝ ඔවුන්ට මෙසේ කියති. “තොපි අයිති මේ රටට නෙවෙයි.. මේක අපේ රටට… තොපි බංගලි දේසෙට පලයව්..” ඔබට මෙහි යම් සමීප කමක් දැනේද..? එදා 1983 වසරේදී ලංකාවේ සිංහල අන්තවාදීන් දමිල සහෝදරයන් ට කීවේ ද මෙයටම සමාන කතාවක් නොවේද..? ‘දෙමළුන්ගේ රට ඉන්දියාව. මේ රට තොපේ නෙවෙයි” පලයව් තමිල්නාඩුවට..!’

මව් රට යනු තමන් ඉපදුණු රට නොවේද…?

සැබෑවකි. මේ වන විට රොහින්ගියා මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගෙන ඇත. මේ අලුත්ම ඝාතන රැල්ලට ආසන්නතම සිද්ධිය වූයේ මෙයට සති දෙකකට පමණ පෙර ‘අර්කාන් රොහින්ගියා ගළවාගැනීමේ හමුදාව’ යනුවෙන් තමන්ව හඳුන්වා ගන්නා ආයුධ සන්නද්ධ රොහින්ගියානුවන් කණ්ඩායමක් විසින් ආරක්ෂක අංශ සාමාජිකයන් 12 දෙනෙකුව වෙඩි තබා ඝාතනය කිරීමයි. නැවතත් ඔබට යම් සමාන කමක් දැනිණිද? දැන්, රොහින්ගියානුවන්ට තිබෙන විසඳුම කුමක්ද? රටෙන් කොටසක් ඉල්ලා සිටිමින් සන්නද්ධ අරගලයකට යාමද? අවසානයේ ප්‍රභාකරන් කෙනෙක් හෝ රොහින්ගියා ඩයස්පෝරාවක් නිර්මාණය කර ගැනීමද..? මේ අර්ථයේදී මේ දෙරට අතර එකම වෙනස ජාතිය වෙනුවට ආගම ආදේශ වීම පමණි.

අතීතයේ මතු යම් දිනෙක මියැන්මාරයේ රොහින්ගියා සංහාරය ජාත්‍යන්තරය විසින් හේතු සාධක ඇතිව සනාථ කරන දිනයක “ආහ්.. ඔව්” ඒත් ඉතින් ඒක අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්’ යනුවෙන් පවා මේ අමානුෂ ගැහැනිය විසින් කියන්නට ඉඩ තිබේ. නමුත් එදා 1991 වසරේ පිරිනැමුණු නොබෙල් සාම ත්‍යාගය භාර ගනිමින් සුකී කළ කතාවේ මේ කොටස ඔබට මතකද?
“Wherever suffering is ignored, there will be the seeds of conflict, for suffering degrades and embitters and enrages.”
“දුක් ගැහැට විඳීම් නොසලකා හරින විට ඒ අවමන් සහගත පහත හෙළීම් සහ අප්‍රසන්නතා සහ ප්‍රකෝප වීම් නිසා අරගලයේ බීජ හටගනු ඇත…”!!

දුක යනු, ඒ බව තමන්ගේම මුවින් කියූ චරිතයක් අද මෙසේ හැසිරෙමින් සිටීමයි. 

මියැන්මාරයේ වෙසෙන මිලියනයක් වූ රොහින්ගියානුවන් අතරින් මේ වනවිට ඉතිරිව සිටින්නේ මිලියන භාගයක් පමණි. සෙසු සියල්ලන්ම රටෙන් පළාගොස් ඇත. අසරණ කම නිසාම රට තුළ ඉතිරිව සිටින රොහින්ගියානුවන් ‘ජාතියේ (ආගමේ) හතුරන් වශයෙන් දකින අෂීන් විරතු වැනි චරිතවලට අවුන් සාන් සුකීගේ හැසිරීම තුළ තව තවත් වීරත්වය ආරූඪ වේ. පසුගිය අගෝස්තු මාසයේ අවසන් සතියේදී විරතු හා ඔහුගේ ඩෙනිම් හඳින ඇබිත්තයන් විසින් පවත්වාගෙන යන ‘බා මා තා’ කණ්ඩායමේ සතිපතා පුවත්පත වූ ‘අවුන් සේ යාතු’ හි ශිර්ෂපාඨය වූයේ මෙයයි. “ලෝකය අවසන් වන තෙක් ජාතිය සහ ආගම පැවතිය යුතුය”. ඒ කලාපයේ,  රඛීන් ප්‍රාන්තයේ ආගමික ත්‍රස්තවාදය ඇතිකිරීම සඳහා මුල් වූ චරිතය ලෙසට හඳුනාගැනෙන විරතුගේ සම්මුඛ සාකච්ඡාවක් ද අන්තර්ගත වී තිබිණි. විරතුලා මෙසේ පිනුම් ගසන්නේ 2010 වසර වන තෙක් දශක ගණනාවක් රට මර්දනයෙන් භීතියට පත් කළ හමුදා ජුන්ටාව යටතේ වූවා නම් දුක නැත.

මේ සියලු කරුණු මධ්‍යයේ වන විට සුකී හට පිරිනැමූ නොබෙල් සාම ත්‍යාගය. නොබෙල් කමිටුව විසින් ආපසු කැඳවිය යුතුය යනුවෙන් විශාල ජාත්‍යන්තර මතයක් ඇති වී තිබේ. ඒ සඳහා අත්සන් ලක්ෂ 5 කින් යුක්ත අන්තර්ජාල පෙත්සමක් ද මේ වන විට අත්සන් තැබේ. (https://www.change.org/p/take-back-aung-san-suu-kyi-s-nobel-peace-prize)

ඇතැම් ජාත්‍යන්තර මාධ්‍යයන්  කවදත් ඇගේ නම උච්ඡාරණය කරන්නේ ‘සූකී’ නොව ‘සූ කයි’ යනුවෙනි. එනිසා මේ ලිපිය අවසන් කළ යුතු හොඳම ක්‍රමය මෙයයි.
‘සූ කයි- ගම කයි!’
– රදිකා ගුණරත්න

සූ කයි- ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

සූ කයි- ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

සූ කයි- ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

සූ කයි- ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

සූ කයි- ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

සූ කයි- ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

සූ කයි- ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

සූ කයි- ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

 

 

 

 

 

The post සූ කයි-ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
http://www.anvermanatunga.net/2017/09/09/retake-aun-san-suki-noble-price-sinhala/feed/ 2 16826
සුංගාවිල මුස්ලිම් මිනිස්සු මහා කැලයට යට වූ සෝමාවති චෛත්‍යය සොයාගත් හැටි! http://www.anvermanatunga.net/2017/07/30/somawathi-chaithya-revealed-by-muslims-sinhala/ Sun, 30 Jul 2017 16:58:43 +0000 http://www.anvermanatunga.net/?p=16817 පොලොන්නරුවේ  ඓතිහාසික සෝමාවතිය චෛත්‍ය 1940 වසරේදී තම පියා ඇතුළු ඥාතීන් පිරිසක් විසින් සොයා ගනු ලැබූ බව සුංගාවිල පුරාණගම පදිංචි එස්.එල්... Read More »

The post සුංගාවිල මුස්ලිම් මිනිස්සු මහා කැලයට යට වූ සෝමාවති චෛත්‍යය සොයාගත් හැටි! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
පොලොන්නරුවේ  ඓතිහාසික සෝමාවතිය චෛත්‍ය 1940 වසරේදී තම පියා ඇතුළු ඥාතීන් පිරිසක් විසින් සොයා ගනු ලැබූ බව සුංගාවිල පුරාණගම පදිංචි එස්.එල් මොහිදීන් බාබා (90) මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන් මව්බිම ට විශේෂ ප්‍රකාශයක් කරමින් අදහස් දැක්වූ මොහිදීන් බාබා මහතා මෙසේද කීය.

ඒ කාලයේ අපේ ඥාතීන් පදිංචිව සිටියේ සුංගාවිල පුරාණ ගමේ. දෙසීයක් විතරවූ ඒ පිරිස පොල් අතු සෙවිලි කළ නිවාස 40 ක ජීවත් වුනේ. ගොඩ වී විගාව හා මසුන් අල්ලා ගැනීමෙන් ජීවත් වූ මේ පිරිස ගවයන් ඇති දැඩි කිරීමද කලා. 1957 අවුරුද්දේ ඇතිවු ගංවතුරින් අපේ නිවාස 40 ම ගසා ගෙන ගියා. ඉන්පසු අපි ගම අතහැර දමා සුංගාවිලට  පැමිණියා.

මේ කාලයේ අපේ ගමේ පල්ලියක් තිබුනා. සුංගාවිල පෙරියාආරු ගගෙන් එගොඩවී සෝමාවතිය චෛත්‍යයට යන්න වෙනවා. මේ කාලයේ මසුන් අල්ලන්න වනාන්තරයට යනවා. ගමයන් පටිටිවල රඳවනවා. මේ කාලයේදී අපේ තාත්තට සෝමාවතිය චෛත්‍ය දැකගන්නට ලැබුණ බව අපට කීවා. ඒ කාලයේ හිටපු ජනපද නිලධාරී මහතෙකු වන මදුරුසිංහ මහතා නිතරම වගේ සෝමාවතිය චෛත්‍යයට යනවා. ඒ ගමනට මමත් එක් වෙනවා.

සුංගාවිල පෙරියආරු ගගේ පාලම් පාරුව පැද්දේ මම. එක් කෙනෙකු එගොඩ කරන්න ශත 10 ක් අය කළා. සමහර දවස්වල අපි ගවපට්ටිවල රාත්‍රිය ගත කරනවා. රාත්‍රී කාලයේදී සෝමාවතිය චෛත්‍යට ඉහලින් නිල් රතු රෝස පාට ආලෝක ධාරා එනවා. ඒවා එක්වරම නිවී යනවා. අපි එක්ක සිටි මදුරසිංහ මහත්තයා කීවේ ඒවා දේවතා එළි බවයි.

අපේ මිනිස්සු මේ චෛත්‍යයට හරිම ආදරෙයි. චෛත්‍යයට නමස්කාර කොට වනාන්තරයෙන් එන විට කිසිම කරදරයක් වන්නේ නැහැ. ඒ කාලයේ වන්දනාකරුවන් ආවිට අපි කරත්තවලින් එක්ක යනවා. පාරේ යන විට ගසකින් කොළ අත්තක් කඩා එල්ලීමෙන් පසු කිසිදු කරදරයක් වන්නේ නැහැ.

අලියාර් අම්මා උම්මා (92)

පදිංචිය සුංගාවිල. දරුවන් 7 දෙනෙක් සිටිනවා. අපි ජීවත්වුනේ සුංගාවිල පුරාණ  ගමේ. ඒ කාලයේ සෝමාවතිය චෛත්‍ය ගැන අපටත් ආරංචි වුනා.

මේ චෛත්‍යයේ බොහොම හාස්කම් තිබෙනවා. රාත්‍රී කාලයේදී වල් අලි රංචි පිටින් ඇවිත් චෛත්‍යයට පදිනවා. හරක් පට්ටිවල සිටින අපේ ඥාතීන් මේවා හොඳින් දැක තිබෙනවා. රාත්‍රී කාලයේදී මේ චෛත්‍යයේ පාට පාට ආලෝක දැකගන්නට පුළුවන්. චෛත්‍ය වදින්න දෙවිවරු වඩිනවා කියලා අපේ නෑදෑයෝ මට කියලා තිබෙනවා.

එස්. අස්තාර් (65) මහතා

අපි පදිංචිව සිටියේ සුංගාවිල පුරාණ ගමේ. 1957 මහ ගංවතුරින් අපේ ගෙවල් ගසාගෙන ගියා. ඉන් පසු සුංගාවිලට පැමිණියා.

මේ කාලය වනවිට සෝමාවතිය පුදබිම පිළිබදව අපටත් දැනගන්නට ලැබුනා. මුස්ලිම්වරු මේ පලාතේ ගව පට්ටි පවත්වාගෙන ගියා. සෝමාවතිය චෛත්‍යය නිසා මේ මිනිසුන්ට වන සතුන්ගෙන් කිසිම කරදරයක් වන්නේ නැහැ. මේ පාරේ යනවිට සෝමාවතිය චෛත්‍යයේ පිහිට ඉල්ලා කොළ අතු ගස්වල එල්ලනවා. ඉතින් කිසිම කරදරයක් වන්නේ නැහැ.

කොටි ත්‍රස්තවාදීන් සෝමාවතිය චෛත්‍යයට හානි කරන්න ආවා. එහිදී කොටි නායකයෙක් මිය ගියා. ඔවුන්ට චූඩා මානික්‍යය ගෙනියන්න බැරිවුණා. වල් අලි රංචුවක් ඒ වෙලාවේ ඔවුන්ට පහරදීමට ඇවිත් තිබෙනවා.

මේ චෛත්‍යයට මුස්ලිම් ජනතාව ගෞරව කරනවා. ඒ පළාතේ තිබෙන බෞද්ධ සිද්ධස්ථානවල නටබුන් මේ මිනිස්සු ආරක්ෂා කරනවා. පසුගිය කාලයේ කෙටි ත්‍රස්ථවාදීන් ගවපට්ටිකරුවන් දෙදෙනෙකු මරා තිබුණා. ඒ මළ සිරුර ගෙන එන්න ආරක්ෂක හමුදාව ගියේ නැහැ. නමුත් අපි සෝමාවතියට බාරයක් වී වනාන්තරයට ගොස් ඒ මළ සිරුර කිසිම කරදරයකින් තොරව ගෙන ආවා. ඓතිහාසික සෝමාවතිය චෛත්‍යයේ පින්කම්වලට මුස්ලිම් ජනතාව පූර්ණ සහයෝගය ලබාදී ක්‍රියා කරනවා.

මෙම ප්‍රදේශයේ සිංහල මුස්ලිම් ජනතාව ආගම් භේදයකින් තොරව සහජීවනයෙන් ජීවත්වන බව කියන්නට ඕනෑ.

 

 

තමන්කඩුව – ගාමිණී ඔබේසේකර

මව්බිම පුවත්පත

2017 ජූලි 30 වන ඉරිදා 05 වන පිටුව

 

 

 

 

 

 

 

 

 

 

 

 

The post සුංගාවිල මුස්ලිම් මිනිස්සු මහා කැලයට යට වූ සෝමාවති චෛත්‍යය සොයාගත් හැටි! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16817
තිහාරිය‍ේ ප්‍රදීපාගාරය! තන්වීර් ඇකඩමිය http://www.anvermanatunga.net/2017/07/27/thihariya-thanweer-academy-sinhala/ Thu, 27 Jul 2017 02:35:18 +0000 http://www.anvermanatunga.net/?p=16813 මෙය වෙනස් ඉස්කෝලයකි. වෙනස් අධ්‍යාපන ආයතනයකි. වෙනස් අරමුණකින් පටන්ගත් තැනකි. වෙනස් විදියට හිතන මිනිසුන් වෙනස් දේවල් කළ යුතු කාලයකි මෙය.... Read More »

The post තිහාරිය‍ේ ප්‍රදීපාගාරය! තන්වීර් ඇකඩමිය appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
මෙය වෙනස් ඉස්කෝලයකි. වෙනස් අධ්‍යාපන ආයතනයකි. වෙනස් අරමුණකින් පටන්ගත් තැනකි. වෙනස් විදියට හිතන මිනිසුන් වෙනස් දේවල් කළ යුතු කාලයකි මෙය. මුස්ලිම් විරෝධය ලොව පුරා රෝගයක් මෙන් පැතිරෙන්නේ කලෙක පටන්ය. කලෙක එය උත්සන්න වෙද්දී කලෙක යටපත් වෙයි. දැන් ටිකෙන් ටික ඉස්ලාම් විරෝධය උත්සන්න වෙමින් පවතිද්දී අපි ‘තන්වීර් ඇකඩමි’ වෙත ගියෙමු.

නිට්ටඹුව තිහාරිය හන්දියෙන් මින්හාත් පාර දිගේ යද්දී තන්වීර් ඇකඩමිය හමුවෙයි. හවස් වරුවක තන්වීර් ඇකඩමියට අප ගියේ පෙර සිටම අපට ලැබී තිබුණු ආරාධනාවක් අනුවයි. කලක් තිස්සේ යන්නට හිතාගෙන හිටියත් ඒ පැත්තේ යන්නට අවස්ථාවක් ලැබුණේ නැත. මුස්ලිම් පල්ලියකට මීට පෙර වරක් ගිය අපට ‘මදරසා’වකට යන්නට කලක පටන් ආසාවක් තිබුණි. බෞද්ධයන් ඉස්ලාම් පල්ලියක හෝ මදරසාවක කුමක් සිදුවන්නේදැයි දන්නේ නැත. සියල්ල දෙමළ භාෂාවෙන් සිදුවන නිසාය. ඒ නිසා ලංකාවේ එකම සිංහල භාෂිත මදරසාවෙන් එහි එන්නැයි අපට ඇරයුමක් ලැබෙද්දී ටිකක් කල්ගත වී වුණත් අප තන්වීර් ඇකඩමියට ගොඩවැදුණේ ලොකු උනන්දුවකිනි.

මවුලවිවරුන් තනන මදර්සා
බෞද්ධයන්ට හෝ කතෝලිකයන්ට මෙන් ඉස්ලාම් ආගමට පූජ්‍ය පක්ෂයක් නැත. ඉස්ලාම් භක්තිකයන් තනිකඩව, පූජ්‍ය පක්ෂය ලෙස ආරාමවල හෝ වනගතව ගතකරන ජීවිත පිළිගන්නේ නැත.

“අපේ විශ්වාසය අනුව ආගම වෙනුවෙන් වැඩිපුරම කැපවෙන්නේ හොඳම මිනිස්සු. සාමයට ළැදි, සහෝදරත්වය පිළිගන්න ලෝකයේ යහපත ගැන හිතන මිනිස්සු. එහෙම කෙනෙක් පවුල්ගත නොවෙනවා නම්, දරුවන් හදන්නේ නැත්නම් ඒක වැරැද්දක් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේ අය තමයි දරුවන් හදලා පවුල් තනන්න ඕනෑ. ඒ වගේ අය තමයි බෝවෙන්න ඕනෑ.” මුස්ලිම් භක්තිකයන්ගේ විශ්වාසය මෙබඳුය. ඒ නිසා මුස්ලිම් ආගමික නායකයන් ලෙස සලකන්නේ බෞද්ධ භික්ෂූන් මෙන් පූජ්‍ය පක්ෂය නොවේ. කුමක් හෝ රැකියාවක් කරන, පවුල් ජීවිත ගතකරන එහෙත් ඉස්ලාම් ආගම ගැන වැඩිදුර අධ්‍යාපනය ලබා විභාග සමත්වීමෙන් පසුව ‘මවුලවි’වරයෙකු යන හැඳින්වීම් නාමය ලබන පුද්ගලයන්ය.

ඔවුහු භික්ෂූන් බඳු නොවෙති. ඔවුන් ආචාර්ය, වෛද්‍ය, මහාචාර්ය වැනි අනෙක් සුදුසුකම් මෙන්ම ඉස්ලාම් ධර්මය සම්බන්ධයෙන් සුදුසුකම් ලද පුද්ගලයන් පමණි.

“අපේ විශ්වාසය මිනිස් ජීවිතය කියන්නේ මරණින් මතු ජීවිතය සූදානම් කරන, එයට තෝරාගන්න ලැබෙන අවස්ථාවක්. යහපත් අය මරණෙන් මතු ස්වර්ගමය ජීවිතය ලබනවා. හැබැයි කෙනෙක් මිනිස් ජීවිතයේදී මවුලවිවරයෙක් වුණා කියලා එයාට ස්වර්ගයට ටිකට් එක ලැබෙන්නේ නෑ. නරක වැඩ කළොත් එයාත් අපායට තමයි. හැමෝම සමානයි. පල්ලියට ගියත් මවුලවි කෙනෙක් කියලා කවුරුත් ඉදිරිපස අසුනක් දෙන්නේ නෑ. මවුලවිවරුන්ට කවුරුත් වඳින්නේ නෑ. එයා සාමාන්‍ය පුද්ගලයෙක්.” ඉස්ලාම් භක්තිකයෝ එසේ විශ්වාස කරති.

“ලංකාවේ පිරිවෙන් වගේ මුස්ලිම් මවුලවිවරුන් බිහි කරන්නට ආගමික අධ්‍යාපනය උගන්වන්නේ මදරසාවලදී. තන්වීර් ඇකඩමිය තවත් මදරසා ආයතනයක්. හැබැයි ලංකාවේ අනෙක් මදරසා දෙමළ භාෂාවෙන් කටයුතු කරන්නේ. ලංකාවේ සම්පූර්ණයෙන් සිංහලෙන් උගන්වන එකම මදරසා එක තන්වීර් ඇකඩමිය. හැබැයි අපි උගන්වන්නේත් දෙමළ භාෂාවෙන් කරන දේමයි. එකම දේ අනෙක් ආයතනවල දෙමළ භාෂාවෙන් කටයුතු කරන එක විතරයි. ඉතින් ඔබ මෙතැනට ආපු එක ගැන අපට සන්තෝසයි. අපට පැහැදිලි කරන්න පුළුවන් මදරසාවක වෙන්නේ මොනවද කියලා. ඇතැම් සිංහලයන් හිතන්නේ අපි මදරසා ඇතුළේ කුමන්ත්‍රණ කරන්න උගන්වනවා කියලයි.” තන්වීර් ඇකඩමියේ විදුහල්පති හසීම් අපට විස්තර කළේය.

උණුසුම් පිළිගැනීම්
ඉස්ලාම් තැනකට යන්නට බියවන්නෝ සිටිති. පල්ලියකට හෝ මදිරාසාවකට ඇතුල්වෙන්නට නොදෙන බව ඇතැම්හු විශ්වාස කරති. කාන්තන්කුඩි වගේ ගම්මානයක පමණක් නොව තිහාරිය වගේ තැනකට යන්නත් බියවන්නෝ සිටිති. එහෙත් අනෙක් ඕනෑම කෙනෙකු මෙන් ඉස්ලාම් භක්තිකයෝද සාමාන්‍ය මිනිස්සුය. තිහාරියේ සිටින අප මාධ්‍යවේදී මිතුරා වන අස්කර්ගේ නිවසටද අපි ගොඩවැදුණේ තන්වීර් ඇකඩමියට යන අතරේය. ඔහුගේ මිත්‍රශීලී මව, මල්ලි සහ බිරිඳ සමඟ අපි කතා කළෙමු. අස්කර්ගේ මව මෙන්ම බාල සහෝදරයාද පහුගිය දිනවල ඩෙංගු රෝගයෙන් පීඩා විඳ තිබුණි. ආගම් භේදයක් නැත. ලංකාවේ ඕනෑම කෙනෙක්ට විඳින්නට සිදුවන අත්දැකීම් මුස්ලිම් කෙනෙකුටද විඳින්නට සිදුවනු ඇත.

තන්වීර් ඇකඩමියට අප එන අතරේ විනාඩි කිහිපයකට සැරයක් දුරකථනයෙන් අමතා දැන් කොතැනදැයි අසුවේ ඇකඩමියේ විදුහල්පති හසීම් සහෝදරයාය. ඔවුහු සියලුදෙනා එක්ව දැඩි උණුසමකින් අප පිළිගත්තෝය. “ඔයාලා ආවේ ඔයාලාගේ වැඩකට නෙවෙයි. අපේ වැඩකට.” ඔවුන් කීවේ එසේය.

සිංහල ජනතාව සමඟ සංවාදගත වීමට ඉස්ලාම් භක්තිකයන්ට මේ වන විට ඇත්තේ දැවැන්ත වුවමනාවකි. බාධාවකට ඇත්තේ භාෂාවයි. එහෙත් සාමයට ළැදි සෑම ඉස්ලාම් පුරවැසියෙකුටම ඇති බිය වන්නේ අනවශ්‍ය ගැටුමකට බෞද්ධයන් සහ ඉස්ලාම් භක්තිකයන් යොමුවේවිද යන්නයි. ඔවුන්ට ඇහුම්කන් දෙන ඕනෑම කෙනෙකු ඉමහත් ගෞරවයෙන් පිළිගන්නටත් අහන ඕනෑම පැනයකට පිළිතුර දෙන්නටත් ඔවුන් සූදානම්ය.

තන්වීර් ඇකඩමිය
තන්වීර් අරාබි වචනයකි. තන්වීර් යන්නෙහි තේරුම ප්‍රදීපාගාරය යන්නයි. ලංකාවේ බොහෝ ඉස්ලාම් භක්තිකයෝ නම් වශයෙන් මෙවන් අරාබි යෙදුම් පාවිච්චි කරති. මංමාවත්වලට අරාබි වචන පාවිච්චි කරති. බොහෝ ඒවා සාමකාමී තේරුම් ඇති නම්ය. එහෙත් බොහෝ මුස්ලිම් නොවන ලාංකිකයන් අරාබි වචන ප්‍රිය කරන්නේ නැත.
ඇකඩමිය ගැන අපට විස්තර කළේ එහි විදුහල්පති හසීම්ය.

“අපේ තේමා පාඨය යහපත් කටයුතුවලට සහාය වෙන්න කියන එකයි. සිංහල කතාකරන මුස්ලිම් ජනතාව අතරින් ඉස්ලාමීය විද්වතුන් බිහි කිරීමයි අපේ ආයතනයේ මූලිකම අරමුණ. ඇකඩමිය 2009 මැයි 24 වැනිදා තමයි පටන්ගත්තේ.”

“මුස්ලිම් සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලබනවා වගේම සැලකිය යුතු පිරිසක් මුස්ලිම් ජනතාව තමන්ගේ මව් භාෂාව ලෙස සිංහල භාෂාව පාවිච්චි කරනවා. එහෙත් සිංහල භාෂාවෙන් ඉස්ලාම් ආගම අධ්‍යයනය කරන්න අවස්ථාවක් නැහැ. පාසල් විෂය මාලාවේ සිංහල භාෂාවෙන් ඉස්ලාම් ආගම විෂයක් විදියට තිබුණත් උගන්වන්න පහසුකම් නෑ. ගුරුවරු මදි. ඒ නිසා ලංකාවේ ඉස්ලාම් ආගම අරාබි සහ දෙමළ භාෂාවලින් තියෙන්නේ.”

ඉස්ලාම් ධර්මය දෙමළ භාෂාවෙන් පමණක් පැවතීම නිසා සිංහල පමණක් දන්නා කෙනෙකුට ඉස්ලාම් ආගම ගැන අවබෝධයක් ලබාගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එපමණක් නොව සිංහල භාෂාවෙන් ඉස්ලාම් ධර්මය ගැන වැරදි ප්‍රචාරයක් සිදුවෙද්දී එයට ප්‍රතිචාර දක්වන්නට ඉඩක් ලැබෙන්නේත් නැත. ඒ නිසා සංවාදවලදී ඉස්ලාම් ආගම ගැන පැහැදිලි අවබෝධයක් ලබන්නට හැකියාවක් නැත.

“ගොඩක් පොදු උත්සවවල සර්වාගමික කටයුතු සිද්ධවෙනවා. එතකොට කිතුනු දේශකයා සහ බෞද්ධ හිමිනමක් සිංහලෙන් දේශනා කරනවා. හින්දු දේශකයා සිංහලෙන් කතා නොකළත් හින්දු ආගම බෞද්ධ ආගම එක්ක ගැටගැහිලා තියෙන නිසා වැරදි වැටහීම් ඇතිවෙන්නේ නෑ. හින්දු ආගම ගැන සිංහලයා දන්නවා. ඒත් ඉස්ලාම් දේශනය දෙමළින් සිද්ධවෙද්දී කියන්නේ මොනවාද කියලා සිංහල අය දන්නේ නෑ. ඉස්ලාම් මවුලවිවරු සිංහලෙන් දේශනය කළත් ඒ අයට තමන්ගේ පණිවිඩය හරියට යවාගන්න බෑ. කෙටියෙන්, අපැහැදිලි සහ කම්මැලි හිතෙන දේශනයක් වෙන්නේ.” හසීම් මහතා තවත් පැත්තක් පෙන්වා දුන්නේය.

“සියවස් ගණනාවක් මුස්ලිම්වරු ජීවත්වුණත් අපේ සංස්කෘතිය ගැන අවබෝධයක් නැතිවෙන්න මේ භාෂා ප්‍රශ්නය හේතුවෙලා.”

ඇකඩමියේ ඉගෙනගන්නා සිසුන් උසස් පෙළ විභාගයට සහ මවුලවිවරයෙක් වීම සඳහා අවැසි විභාගවලට සූදානම් කිරීම සිදුකෙරෙයි. අරාබි භාෂාව, ඉස්ලාම් ශිෂ්ටාචාරය, ඉස්ලාම් ආගම, දේශපාලන විද්‍යාව සහ සිංහල යන ප්‍රධාන විෂයන් උගන්වන අතර මේ විෂයන් අතරින් තුනකින් උසස් පෙළ විභාගයට මුහුණදිය හැකිය. මේ විෂයන්ට අමතරව දෙමළ, ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණය උගන්වයි. ලංකාවේ ඇති අනෙක් ආගම් සහ සංස්කෘතීන් පිළිබඳවත් උගන්වයි.

“මේක තමයි ඕනම මදරසාවක වෙන්නේ. ෂරියා නීතිය උගන්වනවා කිව්වාම සමහරු අර්ථකථනය කරනවා මිනීමරන හැටි උගන්වනවා. අමුතු දෙයක් උගන්වනවා කියලා. එහෙම කියන්නේ හරියට දන්නේ නැති හින්දා.”

ආරම්භය
ප්‍රබෝධය නම් සිංහල භාෂිත ඉස්ලාම් ආගමික සඟරාවේ කර්තෘවරයා වන එම්.එච්.එම්. හසන් මහතා තන්වීර් ඇකඩමිය ආරම්භ කිරීම වෙනුවෙන් සැලකිය යුතු මැදිහත්වීමක් කළ අයෙකි. මේ වනවිට තන්වීර් ඇකඩමිය වෙනුවෙන් පිහිටුවාගෙන ඇති ස්වෙච්ඡා පාලක සභාවේ සාමාජිකයෙකි. ඔහු තන්වීර් ඇකඩමියේ ආරම්භය ගැන මෙලෙස විස්තර කළේය.

“ඇකඩමිය පටන්ගැන්ම අවුරුදු දහයක් පහළොවක් තිස්සේ කතාවුණු දෙයක්. ගොඩක් ප්‍රශ්න තිබුණු හින්දා ඒක පටන්ගන්න බැරිවුණා. මුදල් ප්‍රශ්නයක් තිබුණා. දෙදාහේ අපි ඉඩමක් ගත්තා බිල්ඩිමක් හැදුවා. ඒත් ඉස්කෝලේ පටන්ගන්න දෙදාස් නවය වෙනකන් බැරිවුණා. දෙදාස් නවයෙදී ළමයි විසිපහක් එක්ක පොඩියට පටන් ගත්තා. මේ වෙද්දී පළවෙනි සහ දෙවැනි කණ්ඩායම් පිටවෙලා ඉවරයි. තවම මුස්ලිම් සමාජයෙන් විශාල ප්‍රතිචාරයක් මේකට ලැබිලා නැහැ. අපි එක වසරකින් ළමයි විසිපහ ගාණේ ළමයි එකසිය විසිපහක් බඳවාගන්න බලාපොරොත්තු වුණත් මේ වෙද්දී ළමයි හැත්තෑ ගණනක් තමයි ඉන්නේ.”

ආගම සහ භාෂාව
ඉස්ලාම් භක්තිකයෝ සියල්ලෝම පාහේ අරාබි භාෂාව ඉගෙන ගනිති. අරාබි වචන, නම් පාවිච්චි කරති. ඇතැමුන්ට එය එතරම් රුස්සන්නේ නැත. අරාබි භාෂාව පාවිච්චි කරන නිසා මුසල්මානුවන් ඉස්ලාම් රටවල් සමඟ මෙන්ම අන්තවාදී සංවිධාන සමඟද සම්බන්ධ බව සැක කරන්නෝ බොහෝය.

“මේ අරාබි භාෂාව ගැන අනෙක් ජනවර්ගවලට තියෙන කුකුස මට තේරෙනවා. එහෙත් අපට තියෙන විශ්වාසයන් එක්ක අපට අරාබි භාෂාව ඕනෑ. අරාබි භාෂාව වැදගත්වෙන්නේ අරාබියෙන් කුරාණය තියෙන නිසා. බෞද්ධයන්ට පාලි භාෂාව වැදගත් වෙනවා වගේම, ඊට වඩා ටිකක් වැඩියෙන් අරාබි භාෂාව ඉස්ලාම් භක්තිකයාට වැදගත් වෙනවා. බෞද්ධයෙක් ගාථා කියන්නේ පාලි භාෂාවෙන්නේ. අපේ නැමදුම් සහ යාඥා කරන්නේ අරාබියෙන්. ඒ නිසා ලෝකේ කොහේ පල්ලියක් තිබුණත් යාඥා කරන්න පුළුවන්. ඒ වගේම කුරාණයේ පරිවර්තන කොතරම් තිබුණත් ඒවා පරිවර්තන විතරයි. කුරාණය විදියට සලකන්නේ අරාබි භාෂාවෙන් ලියැවුණ, සංස්කරණය නොවුණ සැබෑ පිටපත විතරයි.” හසන් මහතා පැහැදිලි කරයි.

ලිබරල් සහ ඉස්ලාම්
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප සමඟ ගැටෙන තැන් ඕනෑම ආගමක තිබේ. ඉස්ලාම් ආගම තුළද එවැනි තැන් බොහෝය. අපට අනෙක් ඕනෑම ආගමක් ගැන ඇති හැඟීම ඉස්ලාම් ආගම ගැනත් එලෙසම ඇත. එහෙත් ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් විශ්වාස කිරීමේ අයිතිය ඒ විශ්වාසය අනෙකාට හානියක් නොකරන තාක් කල් පවතියි. අනෙකාගේ විශ්වාසයට ගරු කිරීම මෙන්ම ඒවා අවබෝධ කරගැනීම වැදගත්ය.

ඥානසාර හිමියන් කුරාණය සම්පූර්ණයෙන් කියවා නැති බව ලියුම්කාරියට විශ්වාසය. ඉස්ලාම් විරෝධී අදහස් මෙන්ම කුරාණයේ වගන්ති උපුටමින් ඥානසාර හිමියන් ප්‍රමුඛ ඉස්ලාම් විරෝධීන් මතුකරන කරුණු බොහොමයක් අන්තර්ජාලයෙන් ඕනෑ තරම් සොයාගත හැකිය. ලියුම්කාරිය කුරාණය කියවා ඇත. කුරාණයේ ඇත්තේද අනෙක් ඕනෑම ආගමක මෙන් යහපත් සමාජයක් ඇතිකිරීමේ බලාපොරොත්තුවෙන් ලියූ දේවල්ය.

අනෙක් ඕනෑම සංස්කෘතියක මෙන් සදාචාරවාදී වෙන්නට ගොස් නිදහස සීමා කරන තැන ඉස්ලාම් ආගමේත් ඇති බව ඇත්තය. එහෙත් කුරාණය මිනිස් සමාජය ආපස්සට ගෙනයන විනාශකාරී ලියැවිල්ලක් නොවේ.

ඉස්ලාම් ආගම ගැන වැරදි අදහස් සමාජගත වෙද්දී තන්වීර් ඇකඩමිය වැනි ආයතන වැදගත් වෙන්නේ සංවාදයක් ඇති කිරීමටයි. ඉස්ලාම් භක්තිකයන්ද සමාජයෙන් තව තවත් ඈත් වෙනවා වෙනුවට සිංහල සමාජය සමඟ සංවාදගත වීම වැදගත්ය. ‘තන්වීර්’ හෙවත් ප්‍රදීපාගාරයෙන් අනාගතය ආලෝකවත් කරන්නට සමත් මිනිසුන් බිහිවෙනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. ඒ වෙනුවෙන් ඔවුන්ට සුබ පතන්නෙමු.■

 

රාවය පුවත්පත

 

 

 

 

 

The post තිහාරිය‍ේ ප්‍රදීපාගාරය! තන්වීර් ඇකඩමිය appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16813
ගම්පොළ බුවනෙකබාහු රජුගෙන් ගම්වර ගත් ඉබන් බතූතා හෙවත් ඉබ්නු බතූතා! http://www.anvermanatunga.net/2017/07/26/iban-bathutha-ibnu-bathootha-sinhala/ Wed, 26 Jul 2017 02:29:54 +0000 http://www.anvermanatunga.net/?p=16810 බුදුන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩම කර පිහිටවූ ශ්‍රී පාද ස්‌ථානය බෞද්ධ ජනතාවගේ පමණක්‌ නොව අන්‍යාගමික ජනයා අතර ද ප්‍රකට... Read More »

The post ගම්පොළ බුවනෙකබාහු රජුගෙන් ගම්වර ගත් ඉබන් බතූතා හෙවත් ඉබ්නු බතූතා! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
බුදුන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩම කර පිහිටවූ ශ්‍රී පාද ස්‌ථානය බෞද්ධ ජනතාවගේ පමණක්‌ නොව අන්‍යාගමික ජනයා අතර ද ප්‍රකට වන්නේ සිරිපා ගමන් මගෙහි වූ අපූර්වත්වය නිසාම විය යුතුය. අබු අබ්දුල්ලා මහමුත් හෙවත් ඉබන් බතූතා සිරිපා වැඳපුදා ගත්තේ ද එබැවින් විය යුතුය. ඔහු සිරිපා වැන්දේ ක්‍රි.ව 1342 දීය. ඔහුගේ සිරිපා ගමන අහම්බයක්‌ නොවුණ ද කලක පටන් වූ සැලැසුමක ප්‍රතිඵලයක්‌ ද නොවීය.

මධ්‍යතන යුගයේ අප්‍රිකාවේ මොරොක්‌කෝවේ, ටැන්ජියර්ස්‌ හි උපත ලැබූ ඉබන් බතූතා ආසියාව යුරෝපය සහ අප්‍රිකාව පුරා සැරිසැරූයේ මේ විශ්මයජනක සොබාදහම දස දහස්‌ වරක්‌ වින්දනය කරමින් බව සෑම රටකදීම කියා ඇත. 1304 දී උපන් ඔහු වයස අවුරුදු 21 දී උතුරු අප්‍රිකානු වෙරළ දිගේ ආපසු නොහැරී ඇවිද ගියේ සිය දේශාඨක ජීවිතය අරඹමිණි. ඇලෙක්‌සැන්ඩ්‍රියා, කයිරෝ, ජෙරුසෙලම, ඇන්ටියොක්‌ හරහා දමස්‌කස්‌ නුවරට පැමිණි ඉබන් බතූතා අනතුරුව මෙදිනා සහ මක්‌කම ශුද්ධ නගර වල වැදපුදා ගත්තේය. ඉරාකය සිරියාව පලස්‌තීනය අරාබිය ඉරානය අප්‍රිකාව තෙක්‌ ඇවිද ගිය හෙතෙම යළිත් මක්‌කම ගියේ ගිහි ජීවිතයේ අරුතක්‌ නොමැති බැව් සිතමින් බව සිංහල ශබ්ද කෝෂය සවිස්‌තරාත්මකව පෙන්වා දෙයි.

දේශයෙන් දේශයට යාම තරම් ජීවිතය විදිය හැකි අන්කවරකින් හෝ සිතට සැනසිල්ලක්‌ නොගෙනෙන බැව් කියමින් බතූතා, යළිත් කොන්ස්‌තන්තිනෝපලයටත් තුර්කිය සුළු ආසියාව ඛුරාසායනය ඇෆ්ගනිස්‌ථානය කාබුල්, හින්දුකුෂ් හරහා ඉන්දියාවේ සින්දු නදි වෙත ගියේය. දිල්ලියේ මහම්මුද් බින් තුග්ලුක්‌ අධිරාජ්‍යයාගේ ආරාධනයෙන් රජවාසලට ගොස්‌ එහිදී මාලික්‌ කාදි විශිෂ්ට පදවිය ලැබීය. මෙකලදීම ඔහු මුස්‌ලිම් ආගමික වත් පිළිවෙත් අනුව තවුස්‌දම් රැකීමටත්, (ඉස්ලාම් දහම තුල තවුස් දම් පිරීමක් ගැන සදහන්ව නොමැත. මෙය එකල ඔවුන්ගේ සංස්කෘතික විශ්වාසයක් විය හැක) ධර්මිෂ්ඨ ජීවිතයක්‌ ගත කිරීමටත් අදිටන් කරගෙන ඇත.

හේ වර්ෂ 1341 දී දකුණු ඉන්දියාවටත් මලබාරයටත් මාලදිවයිනටත් ගියේය. මෙකල මුහුදුකරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරය වූයේ මුහුදු කොල්ලකෑමයි. යාපනයේ හා ඒ අවට මුහුදු කොල්ල කෑම්වල නිරතව සිටියේ ආර්යය චක්‍රවර්තීන්ය. සුමාත්‍රාව සහ මලබාරය ඔස්‌සේ ඉබන් බතූතා යාපනයේ වයඹ දෙසින් මෙසිරිලකට ආයේය.

ගම්පොළ බුවනෙකබාහු රජුගෙන් ගම්වර ගත් ඉබන් බතූතා හෙවත් ඉබ්නු බතූතා! සිරිලක අසිරිය ඉබන් බතූතා ගේ දෑස පැහැරගත් අයුරු එච්. ඒ. ආර්. ගිබ්ස්‌ ගේ ඓතිහාසික ග්‍රන්ථයෙන් විචිත්‍රවත් වන්නේ එතැන් සිටය. බතූතා අන්‍යයන්ගේ සිත් පැහැර ගන්නේ, යහගුණ වගාවෙනි. එසේම විටෙක දැඩි මතධාරියෙකුද බව සනාථ වන කරුණුද ජනශ්‍රැතිවලද සඳහන්ය.

ගම්පොල යුගයේ හතරවන බුවනෙකබාහු රජ සමයේ (ක්‍රි.ව 1341) පැමිණි බතුතා ගම්පොල කහටපිටියේ කිරිගහ පාමුල වාඩිවී ගිමන් හරිමින් සිටියදී ඈතින් දිස්‌වූ උල් හැඩැති අපූරු කන්දක්‌ දැක මේ නම් යස නිමැවුමකැයි කීය. වෙන තැනෙක නොගොස්‌ හෙතෙම කිරි ගහ අසලම රැදී සිටීමට තීරණය කොට එහි රැඳීය. මුස්‌ලිම් තාපසයෙක්‌ කහටපිටිය කිරිගහ අසල සිටින බව සැලවූ බුවනෙකබාහු රජ තෙමේ වහා ඇතුපිට නැග එතැනට ගොස්‌ තර්ජනාත්මක ස්‌වරූපයෙන් කරුණු විමසන කළ, ඉබන් බතුතා නිහඩව මන්ත්‍ර ජපකොට ඇතුට පා සොලවාලිය නොහැකි සේ තැබූ බව ඉතිහාස කෘතීන් හුවා දක්‌වයි. එසේ වූ තැන බුවනෙකබාහු රජ තෙමේ, ගම්වර දී බතූතා අස්‌වසා ලූ බවත් වත්මන කහටපිටිය පල්ලිය ඉඩම බතූතාට පැවරූ බවත් සදහන්ය.

අනතුරුව රජ, බතූතා දෑස්‌දල්වා බලා සිටි කන්දේ වගතුග පැහැදිලි කැර දී අවැසි නම් එහි යාමට ඉඩ සලසා දෙන බව පවසා ඇත. මා මේ සුන්දර දිවයිනට පා තැබූ දා සිට බලවත් ආශාවෙන් පසුවූයේ පූජනීය ආදම්ගේ පා සටහන් දැක වැඳ පුදා ගැනීමටයි. යනුවෙන් බතූතා පවසා ඇත. ඔහු සිරිපාදය නිතරම හැදින්වූයේ ආදම් පා තැබූ තැන ලෙසය. ආදම්ගේ පා සටහන් දැක ගැනීමට සැතැප්ම දොළහකට ආසන්න දුරක්‌ ඇති කන්ද ට යන බව බතූතා, ආර්යය චක්‍රවර්තීන්ටද දැන්වීය.

ඔබට සිරිපා වැඳගන්නට යැමට මා උපකාර කරන්නම්. ඔබ පැමිණි නැව ආපසු හරවා යවන්න. ආර්යය චක්‍රවර්තීන් කීය. එසේ කී කළ බතූතා සිය නැව් ප්‍රධානියාට කතා කොට ආපසු යන ලෙස කීය. බතූතා සිය සිරිපා ගමන පිළිබඳව ඔහුගේ වචන වලින්ම කරුණු ගෙනහැර දක්‌වා තිබූයේ මෙලෙසය.

ඉබන් බතූතාගේ සිරිපා චාරිකා විස්‌තරය
පල්ලැක්‌කියක මා හිදුවා ඔසවාගෙන යන ලෙස කුලීකරුවන් යෙදූ ආර්යය චක්‍රවර්තීන් මට ඇති තරම් කෑම බීම සැපයූවා. මේ ගමන බොහොම දුෂ්කරයි. නමුත් අතිශයින්ම වැදගත්. ඉගෙනගන්න බොහොමයක්‌ දේ මෙහි තිබුණා. සෙරන්ඩිබ්හිල් තමයි සිරිපාද කන්ද කියන්නේ. මේ බව හුගක්‌ දෙනෙක්‌ දන්නේ නැහැ. අමුතු සීතලක්‌ එක්‌ක දැවටුන මද සුළග ඇගට අමුතු සිසිලසක්‌ ගෙන දුන්නා. මද දුරක්‌ යන විට හමුවූ මැහැලි අම්බලම ප්‍රදේශයේ ගල් ගුහා රැසක්‌ තිබුණා. ඒවායේ ලොකු ඉතිහාසයක්‌ තිබෙන බව මා සමග ගිය පිරිස්‌ කියා සිටියා. කන්ද ඉහළට යන තෙක්‌ම තැනින් තැන ජලය ගලා හැලෙනවා. ජලයේ ශබ්දය හරිම මිහිරියි. ඇගේ එල්ලෙන ඇලෙන පුංචි සත්තු පිරිලා. ඒ කූඩැල්ලො කියන සත්තු බව දැන ගත්තා. වෙනත් ලොකු සත්තු බොහොමයක්‌ මුණ ගැහුණත් ඒ එක සතෙක්‌වත් නපුරක්‌ කළේ නෑ.

මේ ගමන අතිශයින්ම දුෂ්කර බව යළිත් කිව යුතුයි. කදු ගැටය මුදුනට යන්න මාර්ග දෙකක්‌ තිබෙනවා. එකක්‌ බාබා පාර (නල්ලතන්නි). අනෙක මාමා (රත්නපුර) පාර. මාමා පාර පහසුයි. තැනින් තැන යකඩ කණු හිටවලා යකඩ දම් වැල් ඇදලත් තිබුණා. කදීරූ ලෙන ළග මිනිස්‌සු පිරිලා. එතන දිය උල්පතකින් වතුර උනන පෙනුමක්‌ තිබුණා. සමතලා බිමක්‌ නිසා බෙහෙවින් දැකුම්කලුයි. පොකුණෙ මාළුන්ට කාගෙන්වත් කරදර නෑ. මෙතන තිබුණ ගල් ගුහාවේ බඩු මුට්‌ටු තියලා හැමෝම කඳු ගැටය නැංගා. එයත් බොහොම පීඩාකාරි ගමනක්‌.

කදු මුදුනට ගිය විට සියලු වෙහෙස දුරු වෙලා යනවා. ගල ඇතුලට පා සටහන කිදා බැස ඇත්තේ කොහොමද කියලා මට ප්‍රශ්නයක්‌. දිගින් වියන් 11ක්‌ පමණ පලල් පා සටහන මාව පුදුමයට පත් කළා.

ආපසු ආවේ බාබා පාරෙන්. ඒ පාරේ එක තැනක අමුතු විශාල ගසක්‌ තිබෙනවා. මිනිස්‌සු ගොඩක්‌ උඩ බලාගෙන ඉන්නවා දැක්‌කා. අහලා හොයලා බලද්දි මේ ගසේ කොළයක්‌ කවදාවත් බිමට නොවැටෙන බව මිනිස්‌සු කිව්වා. අහම්බයකින් කොළයක්‌ වැටුණොත් ඒ කොළය කෑමට ගන්නා අය වයසට නොයන බව ඔවුන් කිව්වා. සමහරු මේ ගස ඇවිදින ගස ලෙසත් හදුන්වනවා. මගේ ජීවිතයේ අමතක නොවන සුන්දර ගමනක්‌ තමයි සෙරන්ඩිබ් හිල් චාරිකාව.

ඉබන් බතූතා, ක්‍රි.ව 1352 දී යළි අප්‍රිකාවට ගොස්‌ සිය චාරිකා සටහන් කෙළේය.

ලෝකයේ සැතැප්ම 7740 ක්‌ දුර ගමන් කළ අසහාය කීර්ති ධර දේශාඨකයා බතූතාය. මධ්‍යතන ලෝකයේ අසහාය යාත්‍රිකයා වූ ඉබන් බතූතා ක්‍රි.ව 1378 දී අප්‍රිකාවේදී මෙලොවින් සමු ගත්තේය.

 

උපේක්‍ෂා

http://www.divaina.com/2014/03/16/feature03.htm

Ibn Battuta Travels in Asia and Africa 1325-1354

 

 

 

The post ගම්පොළ බුවනෙකබාහු රජුගෙන් ගම්වර ගත් ඉබන් බතූතා හෙවත් ඉබ්නු බතූතා! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16810
ලාංකික මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය යනු කුමක්ද? http://www.anvermanatunga.net/2017/07/25/muslim-marriage-divorce-act-of-sri-lanka/ http://www.anvermanatunga.net/2017/07/25/muslim-marriage-divorce-act-of-sri-lanka/#comments Tue, 25 Jul 2017 09:30:49 +0000 http://www.anvermanatunga.net/?p=16807 විවාහය සම්බන්ධව ලංකාවේ තිබෙන එක් නීතියක් වන්නේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියයි. මේ මුස්ලිම් විවාහ නීතිය, උඩරට විවාහ නීතියෙන්, සාමාන්‍ය විවාහ... Read More »

The post ලාංකික මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය යනු කුමක්ද? appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
විවාහය සම්බන්ධව ලංකාවේ තිබෙන එක් නීතියක් වන්නේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියයි. මේ මුස්ලිම් විවාහ නීතිය, උඩරට විවාහ නීතියෙන්, සාමාන්‍ය විවාහ නීතියෙන් හා තේසවලාමේ නීතියෙන් වෙනස් වෙනවා. ඒකට හේතුව වන්නේ යම් පුද්ගලයෙක් ඉස්ලාම් ධර්මය අදහන කෙනෙක්ද යන්න මත එම පුද්ගලයා මුස්ලිම් විවාහ නීතිය බලපාන බැවිනි. අනෙකුත් උඩරට නීතිය බලපාන්නේ උඩරට ජනතාවට පමණි. තේසවලාම නීතිය බලපාන්නේ යාපනය ආශ්‍රිතව හින්දු ජනතාව වෙතයි. සාමාන්‍ය විවාහ නීතිය යටත් විජිත යුගයේදී කිතුණුවන්ගෙන් අරඹා අද බෞද්ධ හෝ ඕනෑම කෙනෙකුට බලපාන එකක් බවට පත්ව ඇත.

එමෙන්ම මෙම නීතිය යම් ප්‍රදේශයකට අයත් වන නීතියක්ද නොවේ. මෙහි දක්නට ලැබෙන සුවිශේෂී කාරණයක් වන්නේ යම් පුද්ගලයෙකු සාමාන්‍ය නීතියෙන් පාලනය වුවත්  තේසවලාමේ නීතියෙන් පාලනය වුවත් එම පුද්ගලයා ඉස්ලාම් ධර්මය වැළඳ ගන්නේ නම් ඒ දිනයේ සිට එසේ වැළඳගත් කෙනා මුස්ලිම් නීතියෙන් පාලනය වීමයි. සරලව දක්වන්නේ නම් යමෙක් මුස්ලිම් නීතියෙන් පාලනය වන්නේද යන්න රදා පවතින්නේ එම පුද්ගලයා ඉස්ලාම් ධර්මය ඇදහීම මගිනි.

ලාංකීය මුස්ලිම්වරුන්ගේ වගතුග

ලාංකීය මුස්ලිම්වරුන්ගේ වග තුග

ලාංකීය මුස්ලිම්වරුන්ගේ ඉතිහාස කරුණු මොනවාද? කෙතරම් අතීතයකට මෙය දිව යනවාද? මුලික වශයෙන් පොත් පත්වල සදහන් වන ආකාරයට අරාබිවරුන් ලංකාවට පැමිණ තිබෙන්නේ ඔවුන් ඉස්ලාම් ධර්මය වැලද ගැනීමටත් පෙර සිටය. අනුරාධපුර යුගයේදී නගරයේ යවන වීථි එනම් යොන් වීදි තිබුණු බව ඉතිහාසයේ සටහන් වෙනවා. ඒ කියන්නේ ඒකාලයේ සිට අරාබි වරු මෙහි ජීවත් වු බවයි. ඉන්පසුවද 8 වන හා 9 වන සියවස්වලදී වෙළදුන් ලෙස මුස්ලිම් වරු ලංකාවට ඇවිත් තියනවා.  ඊට අමතරව පසුකාලීනව ඉන්දියාවෙන්ද ලංකාවට මුස්ලිම් වරු සංක්‍රමණය වෙලා තියනවා.  ලංකාවේ මුස්ලිම්වරු පැවත එන්නේ ඒ විදියට ලංකාවට ආපු අයගෙන් කියලයි සදහන් වෙන්නේ.

ඒ වගේම ලන්දේසි පාලන කාලයේදී ලංකාවට සොල්දාදුවන් වශයෙනුත් පිරිස් පැමිණ තිබෙනවා. මෙම පිරිස් බදවාගෙන තියෙන්නේ අතීතයේ ජාවක රට එනම් වත්මන් ඉන්දුනීසියාව සහ මැල්සියාව වන අතර ඔවුන් මැලේ ජාතිකයන් ලෙස පොදුවේ හැදින්වෙනවා. එම මැලේ ජාතිකයන්ගෙන් පැවත එන පිරිස්ද ලංකාවේ මුස්ලිම් ජන කොටස වලට අයත් වනවා.

එමෙන්ම ලන්දේසීන්ගේ පාලන කාලයේදී මොහම්මදික ආගම අදහන පිරිසට තිබුණු මුලික ගැටළුවක් වුයේ ඔවුන්ගේ නිතිය කුමක්ද යන්නයි. ඒ නිසා ලන්දේසි යුගයේ ෆල්ක් ආණ්ඩුකාරවරයා විසින් මුස්ලිම් නීති සංග්‍රහයක් ගෙන්වා ගත බවට පොත් පත් වල සදහන් වනවා.

එමෙන්ම 1799 ප්‍රකාශනය මගින් බ්‍රිතාන්‍යන් විසින් ලන්දේසීන්ගේ නීති තවදුරටත් පවත්වාගෙන යාමට එකග වුවා, ඒ හේතුවෙන් මෙම මුස්ලිම් නීති හෙවත් මෝහම්මදික නීති බ්‍රිතාන්‍ය යුගයේදීද දක්නට ලැබුණා. එමෙන්ම 1801 යුක්ති සන්නස මගින් මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන්  ඔවුන්ගේ දේපලවලට උරුමය හා අනුප්‍රාප්තිය, කුලිය, භාණ්ඩ හා පාර්ශවයන් අතර සිදුවන් සියලුම ගිවිසුම් සහ ගනුදෙනු මුස්ලිම්වරුන්ගේ නීති වලට අනුව විය යුතු බව දක්වන ලදී.

එමෙන්ම එවකට ක්‍රියාත්මක වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවට මෙම සංග්‍රහය (codification) ඉදිරිපත් කිරීමට පෙරාතුව ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් විසින් මෙය මුස්ලිම් වරුන්ගේ සැබෑ තතු වලට ගැලපෙන්නේද යන්න සොයා බැලීමට සිංහලට පරිවර්තනය කර මුස්ලිම් පුජකයින් හා නායකයින්  අතට පත් කළ බව සදහන් වේ.

ඉන් අනතුරුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනුමැතියද ඇතිව එය ක්‍රියාවේ යෙදවීමට 1806 අංක 14 දරන රෙගුලාසිය මගින් ප්‍රකාශයට පත් කළහ. එමෙන්ම 1852 අංක 5 දරන ආඥාපනත මගින් මෝහම්මදික නීති සංග්‍රහය ලංකාවේ සියලුම මුස්ලිම් වරුන්ට අදාල වන ආකාරයාට ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී.

මොහොම්මදික නීති සංග්‍රහය

මුස්ලිම්වරුන්ට අදාල වූ මොහොම්මදික නීති සංග්‍රහය මුස්ලිම් නීතිවල සර්ව සම්පුර්ණ සංග්‍රහයක් නොවූ බව සදහන් වේ. සාමාන්‍ය අදහසින් කියන්නේ නම් එහි වුයේ මුස්ලිම්වරුන්ගේ නීති හා භාවිතයන් සංග්‍රහ ගත කිරීමකි. එමගින් සියලු නීති ආවරණය නොකිරීම හේතුවෙන් එහි හිස්තැන් රාශියක් විය. ඒ හේතුවෙන් යම් කිසි ආරවුලක් නිරාකරණය කිරීමට විසදුම් නොමැති වන්නේ නම් එම හිස්තැන් සම්පුර්ණ කිරීමට උසාවි රෝම ලන්දේසි නිතිය යොදා ගත්තේය.

එමෙන්ම මෝහම්මදික නීති සංග්‍රහයේ කරුණු යල්පැන ගිය ඒවා වීම හේතුවෙන් භාවිතාවන්ට නොගැලපීම හේතුවෙනුත් මුස්ලිම් ජනයා අතරයම් ගැටළු කාරී තත්ත්ව ඇති විය.

එමෙන්ම 1929 වර්ෂයේදී අංක 27 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරීමේ ආඥාපනත පණවන ලදී. එමෙන්ම 1931 දී මුස්ලිම් අන්තිම කැමති පත්‍රයක් රහිත අනුප්‍රාප්තිය හා වක්ෆ් ආඥාපනත පනවන ලදී. එමෙන්ම මේ ආකාරයට මුස්ලිම් නීති නීතියේ වර්ධනය දැක්විය හැකිය. ඒ හේතුවෙන් 1931 දී මෝහම්මදික නීති සංග්‍රහය සම්පුර්ණයෙන්ම අවලංගු විය.

මෑත කාලීන වර්ධනයන්

මුස්ලිම් නිතිය හා දක්නට ලැබෙන වර්ධනීය තත්වයක් වන්නේ ක්වාසි අධිකරණය නමින් මුස්ලිම් විනිසුරුවරුන්ගෙන් යුත් මුස්ලිම් අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමයි. මෙම අධිකරණ ක්‍රමයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය වන්නේ 1929 මුස්ලිම් විවාහ සහ දික්කසාද ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ වෛවාහික නඩු විභාග කිරීමේ බලයයි. නමුත් මෙය ස්ථාපිත කිරීමට පෙරාතුව මෙම නඩු සාමාන්‍ය අධිකරණ ක්‍රමය යටතේ ක්‍රියාත්මක විය.

නමුත් පසුකලිනව මෙම පනතද අහෝසි වූ අතර ඉන් අනතුරුව 1951 මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත හදුන්වා දුන් බව දැක්වේ. මෙම පනතේ ඇති කරන ලද විශේෂතම ලක්ෂණය වුවේ, මුස්ලිම් විවාහය හෝ දික්කසාද සම්බන්ධ කරුණු වලදී පාර්ශවයන්ගේ තත්වය, අනොන්‍ය අයිතිවාසිකම් හා වගකීම් යන ආදිය ඔවුන් අයත් නිකායේ මුස්ලිම් නිතිය අනුව තීරණය කල යුතු බව දැක්වීමයි. එමෙන්ම 1956 දී මුස්ලිම් දේවස්ථාන හා පුණ්‍යභාර පනත හදුන්වා දීම සිදු කරන ලදී. එමෙන්ම මෙම පනත මගින් පෙර සදහන් කළ 1931 මුස්ලිම් අන්තිම කැමැති පත්‍රයක් රහිත අනුප්‍රාප්ති සහ වක්ෆ් ආඥාපනතේ 2 වන කොටස අවලංගු කළහ.

දරුවන් නඩත්තු කිරීම

ඉස්ලාමිය නීතියට අනුව පිරිමි දරුවෙක් වයස අවුරුදු 15 දී වැඩිවියට එළඹේ. එම නිසා පියෙකු තමන්ගේ පිරිමි දරුවා නඩත්තු කිරීමට බැදී සිටින්නේ ඔහුට වයස අවුරුදු 15 වන තෙක් පමණි. නමුත් වයස් පුර්ණ ආබාධිත දරුවෙක් නඩත්තු කිරීමට බැදී සිටියි.

දික්කසාද වීමකදී ගැහැණු දරුවන් සිටින්නේ  නම් ඔවුන් වැඩිවියට පත්වන තුරු හෝ විවාහ දිවියට පත් වන තුරු මවගේ භාරයේ සිටිය යුතු යැයි මුස්ලිම් නිතියේ සදහන් වේ. එමෙන්ම පිරිමි දරුවන් මවගේ භාරයේ සිටිය යුත්තේ වයස හත වන තෙක් හෝ උපරිමයක් වශයෙන් ඔවුන් තරුණු වියට පත් වන තෙක් පමණි. නමුත් මෙකි සියළු අවස්ථාවල දරුවන්ගේ නඩත්තුව භාරවන්නේ ඔවුන්ගේ නීත්‍යානුකූල පියාටමය.

විවාහ

එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාදිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය . මුස්ලිම් නිතිය අනුව මනමාලියට සිය විවාහයට අත්සන් කිරීමේ අවස්ථාව උදා නොවන අතර, එය සිදු කරනු ලබන්නේ ඇයගේ භාරකරු වේ. එනම් වලිවරයා වේ. බොහෝ විට වලිවරයා වන්නේ පියා, වැඩිමහල් සහෝදරයා හෝ වැඩිවියේ පසුවන ලේ ඥාතියෙකි.

එමෙන්ම මුස්ලිම් නීතියේ බහු විවාහ සංකල්පයක් ඇත. මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ දැක්වෙන ආකාරයට පුරුෂයෙකුට විවාහ 4ක් කර ගත හැකි අතර, ඒ සදහා කාදිවරයාගේ අවසරය අවශ්‍ය වේ.  නමුත් මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් පමනක් මෙය වලංගු වේ. නමුත් යම් පුරුෂයෙකු දික්කසාද වී නැවත විවාහයක් කර ගැනීමට පෙර දික්කසාදය දුන් තැනැත්තියට මාස 4 කුත් දින 10ක් දිය යුතුය. මෙය ඉද්දා කාලය ලෙස හදුන්වන අතර එසේ කිරීමේ අරමුණ වන්නේ ඇය ගැබ්ගෙන ඇද්දයි බැලීමටයි.

විවාහ සම්බන්ධයෙන් කතා කිරීමේදී යම් පුද්ගලයෙක් පෙර අවස්ථාවේදී සාමාන්‍ය නිතිය යටතේ විවාහ වී එක පාර්ශවිකව ඉස්ලාම් ධර්මය වැලද ගතහොත් එය බහු භාර්යා සේවනය කිරීම සදහා සුදුසු කමක් වන්නේ නැත. එමෙන්ම යම් පුද්ගලයෙක් ඉස්ලාම් ධර්මය අත්හැර දමා ලංකාවේ බලපවත්නා වෙනත් ආගමක් ඇදහීමට පටන් ගතහොත් ඔහුට විවාහ දෙකක් කර ගැනීමේ අයිතිය හිමි වන්නේ ද නැත.

 

 

 

 

The post ලාංකික මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය යනු කුමක්ද? appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
http://www.anvermanatunga.net/2017/07/25/muslim-marriage-divorce-act-of-sri-lanka/feed/ 1 16807
ඥණසාර ජාතකය! සාදූ! සාදූ! සාදූ! – සුනන්ද දේශප්‍රියගේ ලිපියක් http://www.anvermanatunga.net/2017/06/26/gnanasara-jathakaya-sunanda-deshapriya-sinhala/ Mon, 26 Jun 2017 01:11:59 +0000 http://www.anvermanatunga.net/?p=16803 තහංචි මැද්දෙන්: ඒකල්හි යහපාලනයේ ධජය පෙරටු කර බලයට පැමිණි සිරිසේනයෝද විජේදාසයෝද වික්‍රමසිංහයෝද යනාදීහු රාජ්‍ය විචාරණ සමයෙහි; ආශ්චයයන්හි කෙළ පැමිණි ගලබොඩඅත්තේ... Read More »

The post ඥණසාර ජාතකය! සාදූ! සාදූ! සාදූ! – සුනන්ද දේශප්‍රියගේ ලිපියක් appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
තහංචි මැද්දෙන්: ඒකල්හි යහපාලනයේ ධජය පෙරටු කර බලයට පැමිණි සිරිසේනයෝද විජේදාසයෝද වික්‍රමසිංහයෝද යනාදීහු රාජ්‍ය විචාරණ සමයෙහි; ආශ්චයයන්හි කෙළ පැමිණි ගලබොඩඅත්තේ ඥනසාර නම් තෙරනමක් බුදු සරණ වෙනුවට අබ සරණ දේශනා පවත්වමින් රටට කළඹවන්නේ මේ වගත් හුදී ජන පහන් සංවේගය පිනිස ලියා දක්වම්හ.

ඉර්දි බලයෙන් පොලිස් බලයද බැණ දේශනාවන්ගෙන් රාජ්‍ය කරවන්නෝද යටපත් කළ හැකි ඥනසාර ආශ්චර්යෙන් ගිනි කණ වැටුනු සිරිසේනයෝද වික්‍රමසිංහයෝද විජේදාසයෝද එක්ත්පස්ව එහිමියනට දොහොත් මුදුන් දී අනුසාසනා ලබන කල්හි, එහිමියෝ අධිකරණ ශාලා තුළට කඩා පැන මහත් කළබලයක් ඇති කරමින් අධර්ම දේශණාවක් පවත්වන්නේ විනිසුරු තොමෝ අධිකරණට අපහාස නොකරන සේ බැගැපත් වූ බවත්, ඒ අප සගයකු වූ ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම සහ ඝාතනය අරභයා පැවැත්නා නඩු
විභාගය කඩාකල්පල් කිරීමේ මහඟු කාරිය පිනිස බවත් නොලියා සිටිය නොහැක්කේමය.

ඒ මොහොතේම එහිමියන්ගේ අගසව් හිමිවරු බන්ධනාගාර බස් රථ රෝද අවහිර කර මහ මඟ සයන භාවනාවේ යෙදුණු යෙදී සිටි බවත් එකී භාවනාවන්ට අවහිර වන සේ අසළින් ගමන් ගන්නා සන්ධ්‍යා එක්නැළිගොඩ නම් වු අඟනක් දැක තුං නොදකින් යැයි ද ශ්‍රී මුඛයෙන් කෙළ පිඩක් සේ අපහාසකින් පින් වැඩූ බවත් ශ්‍රද්ධාවෙන් යුතුව දක්වම්හ.

එහිමියන්ගේ ආනුභාවය කොපමණ ද යත් මේ කිසිදු ක්‍රියාවක් නිසා හෝ එහිමියන්ට කිසිදු වරදක් සිදු නොවූ අතර යහතින් සුවෙන් වැජඹෙන බවත් පසවනක් ප්‍රීතියෙන් යුතුව සිරසේනයන්ට සහ වික්‍රමසිංහයන්ට සැළකර සිටිම්හ.

තවද කිව යුත්තක් වෙයි. එකල්හිම වචනයෙන් හෝ වරදක් නොකරන්නාවූ අප විමල් වීරවංශ මංත්‍රීවරයාණෝ දූෂණ චෝදනා ලබා අධිකරණයට ඉදිරිපත් කල්හි අවසිහියෙන් කෑ ගැසූ ඒ මහතානන්ගේ අතවැසියකු එවෙලේම සිරගත කරනු ලදුව වහාම දඩුවම්ද නියම කරනු ලැබුණේ අධිකරණයට අපහාස කළැයි කියමින් බවත් හුදී ජනයාගේ සංවේගය පිනිස ලියා තබම්හ.

ඊළඟ වතාවෙහි ඝෝෂාකරවනු පිනිස එහිමියන් කැඳවා ගන්නට හැකිදැයි වංශයෝ විමසා සිටියෝ ඒ එහිමියන්ගේ ඉර්දි බලයෙන් ආශ්චර්ය ඇති කරනු රිසියෙන් යැයි දැනමුත්තෝ වදාළහ.

තවත් වතාවෙක එහිමියෝ අන් ජනයාගේ රැස්වීමකට කඩා පැන මුසල්මාන යතිවරයකුට නොසෑහෙන ලෙස වාග් ප්‍රහාර දේශනාවක් මුදා හළ සේක.
ආණ්ඩුවේ බත්බැලකම කරන මුසල්මාන ඇමැති ගණයා කොතෙක් වෙතත් කටක් හැර එහිමියනට වචනයක් කීමට ආණ්ඩුවක් නොතිබුණ බව මුළු මුළුවල ජනයා පශ්චාත්තාප වූ නමුත් එහිමියෝ සිය ආශ්චර්ය පා විසිර වෙනතක අබ සරණ සේවය පිනිස වැඩියෝය.

අනතුරුව තවදුරටත් සිය ආශ්චර්යය පාන්නේ එහිමියෝ අලුත්ගම නම් දනව්වෙහි චිරාත් කාලයක් වාසය කළ මුසල්මානයන් අබ සරණ යැවූහ. ගිනි බිදුණි. ගිනි තැබුණි. අහස ඒකාලෝක විය. ගේ දොර වැනසුනි. ආශ්චර්යයක්ම වූවෝය. එහිමියන්ට වරදක් නොවූහ.

ඉන් අනතුරුව සිරිසේනයෝද විජේදාසයෝද එහිමියන් කැඳවා ඔබ හිමියනගේ ආශ්චර්ය කෙසේ දැයි අනුසාසනා ලබා ගනු රටටම රෑප පෙට්ටියෙන් ද පෙන්වූයේ අන් පෘතග්ජනයාට ද ආදර්ශයක් වනු පිනිසය.

යළිත් එහිමියනට කොළම්පුර අධිකරණයට එන්නැයි ධර්මානුකූලව දන්වනු ලදුව එහිමියනට ආශ්චර්යාත්මක ලෙස අසනීපක් වැළදුණි. අසනීප බවට එවූ කරදාසිය ව්‍යජයක් වුවත් ඍර්දි බලය නිසා වරදක් සිදු නොවු බවත් තුඩින්තුඩ පැතිර යත්දී,

තමට මරණ තර්ජන ඇතැයි අධිකරණයට නෑවිත්ම දිවයිනෙහි ගිනි අවුලවනු පිනිස තමන්ට අවශ්‍ය එක් දිනක් පමණකැයි හනුමා මාධ්‍යක් හරහා තර්ජනක්ද ලියා දැක්වූ අතර, අස්ගිරිය නම් ශ්‍රී ලංකා බුදුදහමේ එක් මුදුන් මල්කඩක් වන නිකාය මේ ආශ්චර්යයන් ගැන සතුටට පත්ව වැරදි ඇතත් ඥනසාරයෝ අත් අඩං ගුවට නොගත යුතුයැයිද එසේ වුවහොත් මහත් විපතක් ඇති වනු ඇතැයිද බය හිතෙන සංදේශයක් එවූහ.

ඥනසාර හිමියන් වැනිම අයකු රහමෙර පානය කොට බුදුන්ට දෙව්දත් දමා ගැසූ අසැබි වචනයෙන් සතර දිග්බාගය ගඳ ගස්වනු දුටුවෙමියි නාහට නාහන අබිත්ත කොලුවකු ඇසූ කළ ඔය අන්තර් ජාල පජාල බුදුන්ගේ කාලයේ තිබුණාදැයි වදාළ අතරවාරයේම,
තවද එකී අස්ගිරිය නම් නිකාය මහානායක තෙර, ඥානසාර විවේචනය කළ නිසා තමන්ට නොනමින් බැණ වැදී ඇතැයි සිතූ කටකාර අමැත්තකු වන සුදු බංඩා වහාම දණ ගසා සමාව භාජනය කළ බවත් ජනයාට දැන්වූවෝය.

නීතියේ පාලනය ගැනම කටමැත දොඩන සිරිසේනයෝද වික්‍රමසිංහයෝද මුවින් නොබා කල් බලත්දී, අවසානයේදී අධිකරණයටම ගොස් ඉර්දි බලය පෙන්වමියැයි අධිෂ්ඨාන කොට අප මහා ඥනසාර හිමිපානෝ එහි යත්ම ඇප ලබා දෙන බවට බත්බැල සේවකයෝ වන්දනා කළ සේක. අධිකරණ භුමියෙන් රැස් විහිදුණූ බවත් අහස නීලංකාර වූ බවත් තුඩින් තුඩ පැතිර ගියෝ ය. එසැණින්ම එහිමියෝ යළි පොලිස් කරුණාව ලබා අත් අඩංගුවට ද ඇප නිදහසට වහා හිමිකම් ලබත්දී, විනිසුරාණෝ මහත් වික්ෂිප්තියට පත්ව මේ මොන නීතියක්දැයි විමසන්නේ යහපාලන පොලිස් නිලදරුවෝ නැසු කන්ව ඇප දෙන්නැයිම කියා සිටියෝය. යහ පාලනය කොතරම් මුල්බැස තිබුණේද යත් විනිසුරාණෝ මෙලෙසද විමසුවේ යැයි අන්තර් ජාලකරුවකු බිය නැතිව ලියා දැක්වූයේ, සාමාන්‍ය සැකකරුවන් වෙනුවෙන් පොලිසිය මේ ආකාරයට ක්‍රියා නොකරන්නේ මන්දැයි විමසා පොලිසියේ ක්‍රියා පිළිවෙත කෙරෙහි අප්‍රසාදය පළ කළ බවත්ය.

මේ වනාහී දසවසරක් නඩු නැතිව දමිළ තරුණයන් සිරගත කරගෙන ඇති සිරිසේන – වික්‍රමසිංහ ධර්මදීපයේයැයි කියූ ජනයාට රාජ්‍ය නොවන සංවිධානකරුවෝයැයි සිරිසේනයෝද විජේදාසයෝද තර්ජනය කළහ.

මේ වනාහී කිතුණු මුස්ලිම් යනාදී ගණනින් සුලුතර ආගමික කොටස් නිරන්තරයෙන් බියට පත් කැරෙන සිරිසේන – වික්‍රමසිංහ ධර්මවීපයේයැයි කියූ මාධ්‍යකරුවනට ගාලු පුරයේ බල්ටි පැටියකු රෑප පෙට්ටියේ බැණ වැදුණහ.

ඥනසාරයන්ගේ ඉර්දි බල ආශ්චර්යය සිරි ලංකාවෙහි බලපවත්වන බැවින් එහිමියනගේ නියකට හෝ වරදක් නොවන වගට වග බලා ගැනීමට විජේදාසයෝ ශපත කර ඇතැයි පත්ඉරුකරුවෝ ලියූහ.

එරට කරවන සිරිසේන – වික්‍රමසිංහ දෙබෑයෝ ඥනසාර යනාදී අනේක හිමිවරුනට දොහොත් මුදුන් දී වන්දනා මාන කරන්නේ දැන් දැන් මේ සිරි ලංකාවෙහි ඒ අනුභාවයෙන් සතර මහා දෙව්ලොව පහළ වන පෙර නිමිති පෙනී නොපෙනී යති.

දෙබෑයන්ගේ සාදූ සාදූ හඩින් යහපාලනය පාදූර්භූත වන්නට ආසන්න බව උදේ හවා ස්ත්‍රෝත්‍ර ගායක රාජ්‍ය කුලී ලියන්නෝ ගායනා කරත්දි අප මහා ඥණසාර හිමිපාණෝ ඒ රුස්වළල්ල මැද උලුක්කරගත් සිය මැද ගිල්ල අන්‍ය සහ දුශ්ශිල ජනයාට පෙන්වමින් ඊළඟ ආශ්චර්යයට පැන් වඩමින් සිටින බවත්,

මෙකල්හිම ඥනසාරයන්ගේ බුරුම දේශයේ අතිජාත මිතුරු දේශකයා වූ විරතු නම් මැරවර හිමියකු බුදුදහම කෙළෙසන්නේ යැයි වසරකට දේශනා පැවැත්වීම තහනම් කිරීමට බුරුම දේශයෙහි මහනාහිමිවරු තීරණය කළ බවත් හුදී ජන පහන් සංවේගය පිනිස ලියා තබම්හ.
ඒ අතර වාරයේ නව ව්‍යවස්ථාව නව ව්‍යවස්ථාව යැයි කියමින් මෙරට ගැලීලීයෝවරු සාදු හඬ උස්වම නැගූ බවත් නොලියා සිටිය නොහැක්කේමය.

 

සාදූ සාදූ සාදූ!

 

ලංකා නිව්ස්වෙබ්

 

 

 

 

The post ඥණසාර ජාතකය! සාදූ! සාදූ! සාදූ! – සුනන්ද දේශප්‍රියගේ ලිපියක් appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16803
බලය නැතත් ජනතාවට සේවය කරයි! මේ සිංහල ෆාරුක්‌! http://www.anvermanatunga.net/2017/06/21/ulm-farook-sinhala/ Wed, 21 Jun 2017 08:42:24 +0000 http://www.anvermanatunga.net/?p=16800 වර්තමානයේ දී මැති ඇමැතිවරයකු නොවුවද සිය අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා ජනතාව තවමත් හමුවන දේශපාලනඥයකු රුවන්වැල්ලේ සිටී. වාද භේදයකින් තොරව හැකි... Read More »

The post බලය නැතත් ජනතාවට සේවය කරයි! මේ සිංහල ෆාරුක්‌! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
වර්තමානයේ දී මැති ඇමැතිවරයකු නොවුවද සිය අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා ජනතාව තවමත් හමුවන දේශපාලනඥයකු රුවන්වැල්ලේ සිටී. වාද භේදයකින් තොරව හැකි අයුරින් ජනතාවට යමක්‌ කරදීම එකම අරමුණ කොට ගෙන සිය දේශපාලන ජීවිතයේ 53 වන වසර ගත කරන මෙම අපූරු දේශපාලනඥයා වනුයේ අල්හාඡ් යූ. එල්. එම්. ෆාරුක්‌ මහතාය.

දැනට 76 වන වියේ පසුවෙමින් දේශපාලනයෙන් විශ්‍රාම ගෙන සිටියද ජනතාවගෙන් ඔහුට බේරී සිටීමට නොහැකි වී ඇත. එනයින් රුවන්වැල්ලේ කන්නන්තොට රොෂානා නිවසේ ඔහු සිටින හැම දිනකම සෑහෙන පිරිසක්‌ ඔහු සොයා එනුයේ තමන්ගේ ගැටලුවලට කුමන හෝ විසඳුමක්‌ ඔහුගෙන් ලැබෙන බැවිණි.

රුවන්වැල්ල ආසනය නියෝජනය කරමින් ඔහු වසර 14 ක්‌ පාර්ලිමේන්තුවේ එජාප මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය. අනතුරුව දෙවරක්‌ම ලංගම සභාපති ධුරය උසුලනු ලැබීය. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සභාපතිවරයා ලෙස ද කලක්‌ කටයුතු කළේය. ඒ නිසාම පක්‌ෂ විපක්‌ෂ සියලු දේශපාලනඥයන් සේම රාජ්‍ය නිලධාරීන් ද ඔහු හඳුනයි.

ජනතාවගේ ගැටලුවලට පිළියම් සොයා දෙනුයේ මේ දැන හැඳුනුම්කම් ප්‍රයෝජනයට ගනිමිනි.

දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමා 1956 වසරේදී වාමාංශික නායකයන් සමඟ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා රුවන්වැල්ලට පැමිණි අවස්‌ථාවේ ගැටවර වියේ පසුවූ ෆාරුක්‌ මහතා ඔහුට විශාල සහයෝගයක්‌ ලබා දුන්නේය. ගම් නියම් ගම් කරා ගොසින් කැපවී කටයුතු කළ ද ප්‍රේමදාස මහතා පරාජයට පත්විය. එහෙත් ඒ මහතා පසු කලෙක ජනාධිපති වූ විට කෘතගුණ සැලකීමක්‌ ලෙස එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ෆාරුක්‌ මහතාට ප්‍රවාහන රාජ්‍ය ඇමැතිකම දෙනු ලැබීය. එසේම ෆාරුක්‌ මහතාගේ ඉල්ලීම් ඉටුකරමින් රුවන්වැල්ලේ සංවර්ධන කටයුතු වලට ද උපකාර කළේය.

එජාප ක්‍රියාකාරී දේශපාලනයට එක්‌වෙමින් 1965 මැතිවරණයෙන් ජයගත් පී. සී. ඉඹුලාන මහතාගේ පෞද්ගලික ලේකම් වූ ෆාරුක්‌ මහතා කෑගල්ල දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභාවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කළේය. ඔහු මුලින්ම පාර්ලිමේන්තුවට පත්වන්නේ 1988 වසරරේදී ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් පී. සී. ඉඹුලාන ඇමතිවරයා ඌව ආණ්‌ඩුකාරවරයා ලෙස පත්කළ පසුවය.

එහිදී සිරිකොත මගින් රුවන්වැල්ලට මන්ත්‍රීවරයකු පත්කර ගැනීම සඳහා ඉල්ලුම්පත් කැඳවනු ලැබීය. ඒ අනුව හිටපු දේශපාලඥයන් ඇතුළු 27 දෙනකු ඒ සඳහා ඉදිරිපත් විය. එහිදී මුස්‌ලිම් ජාතිකයකු ලෙස ෆාරුක්‌ මහතා ද ඒ අතර විය. එජාප ශාඛා හා තරුණ සමිති නියෝජිතයන් 151 දෙනෙකුට ඡන්ද අයිතිය තිබිණි. එක්‌ අයකු පමණක්‌ මුස්‌ලිම් වූ අතර අනෙක්‌ සියලු දෙනාම සිංහල ජාතිකයන් විය. එහිදී සිංහල ඡන්ද 98 ක්‌ම ලැබුණේ ෆාරුක්‌ මහතාටය. ඔහු පාර්ලිමේන්තුවට ගියේ ඒ අයුරිනි. අනතුරුව 1989 මැතිවරණයට තරග කළ ෆාරුක්‌ මහතා කෑගල්ල දිස්‌ත්‍රික්‌කයට තරග කළ එජාප නියෝජිතයන් අතරින් දෙවන තැනට ද පත්විය.

1994 මැතිවරණයෙන් ද විශිෂ්ට ලෙස ජයගත් ෆාරුක්‌ මහතා ප්‍රේමදාස යුගයේ ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයා විය. ඉන්පසු ඔහුට දේශාපාලනයෙන් ඉවත්වීමට සිදුවූයේ එජාප නායකයන්ගේ ඉල්ලීමක්‌ ඉටුකිරීමටය. එනම් 2000 වසරේදී පැවැති මැතිවරණයේදී රුක්‌මන් සේනානායක මහතාට අවස්‌ථාව ලබා දීමටය. එජාප නායකයන්ගේ ඉල්ලීමට අවනත වූ ඔහු සිය ආසනය සේනානායක මහතාට පරිත්‍යාග කළේ ඊට එරෙහිව වචනයක්‌ හෝ කතා නොකිරීමෙනි. එමතු නොව ඔහු සේනානායක මහතාට සහාය ලබා දුන්නේය. එහිදී ෆාරුක්‌ මහතා ගොඩනගා තිබූ ඡන්ද පදනම මත සේනානායක මහතා ජයග්‍රහණය කළේය.. කෙසේ වුවද දේශපාලන අතීතය දෙස බැලීමේදී ෆාරුක්‌ මහතා පරාජිත දේශපාලනඥයකු නොවේ. මෑතකදී පනස්‌ වසරක දේශපාලන ජීවිතය සැමරීම සඳහා බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවය ද ගරු ගාම්භීර අයුරින් සිදුවූයේ ඒ නිසාය. සිංහල භාෂාව මැනවින් හැසිරවිය හැකි ෆාරුක්‌ මහතා සිංහල බෞද්ධ ජනතාවට කෙතරම් සමීපද යත් ඔහු හඳුන්වන්නේ සිංහල ෆාරුක්‌ කියාය. බෞද්ධ විහාරස්‌ථානවල පැවැත්වෙන පිංකම් සඳහා හැකි සෑම විටම සහභාගි වන ඒ මහතා ප්‍රදේශයේ භික්‌ෂූන් වහන්සේලාගේද සමීප දායකයෙකි.

මේ වන විට ජනතා සේවය සඳහා ඔහු යූ. එල්. එම්. ෆාරුක්‌ පදනම හා තුන් කෝරල පුරවැසි එකමුතුව සංවිධානය පිහිටුවා ඇත. එම සංවිධානයේ අනුශාසකත්වය දරන්නේ හාල්යාලේ අරියවංශ නාහිමියන්ය.

මෙකී සංවිධාන මඟින් වාර්ෂිකව ප්‍රජා සත්කාර්යයන් ද සිදුකරයි. පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, දිළිඳු පවුල්වලට ආධාර ලබාදීම, ළදරු පාසල්වලට උපකරණ බෙදා දීම, ගැබිනි මාතාවන්ට පෝෂණ ආහාර ලබාදීම ඇතුළු විවිධ සුබ සාධන කටයුතු මෙකී පදනම හරහා සිදුකරමින් පවතී ඉකුත් වෙසක්‌ පොහොය සැමරීම සඳහා ප්‍රදේශයේ විහාරස්‌ථානවලට විදුලි බුබුළු වැල් 26000 ක්‌ ලබා දීම ද ෆාරුක්‌ මහතා විසින් සිදුකරනු ලැබීය.

මෙකී කරුණු මත පිහිටක්‌ අපේක්‌ෂාවෙන් ජනතාව තවමත් ඔහු සොයා එති. එවිට කුමන හෝ පිළියමක්‌ ඊට ලබාදීමට ෆාරුක්‌ මහතා උත්සාහ කරයි. බොහෝ විට ඒවා සාර්ථක වේ. ඒ නිසා ඔහු තවමත් ජනහද බැඳගත් සැබෑ දේශපාලන සමාජ සේවකයෙකි.

දූෂණ අක්‍රමිකතා සම්බන්ධව චෝදනා කිසිවක්‌ නොමැති ෆාරුක්‌ මහතාගෙන් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විමසන ලදුව එජාපය වෙනුවෙන් වෙනස්‌ නොවී අවංක දේශපාලනයක්‌ කළ තමාට මෙවර ජනතාවට සේවය කිරීම සඳහා තනතුරක්‌ ආදී කිසිවක්‌ නොලැබුණ බව පැවසීය. එසේම තමන් ද ආත්ම ගරුත්වය තබාගෙන කිසිවක්‌ නොඉල්ලපු බවද ඒ මහතා කීය.

වසර ගණනාවක්‌ නොකඩවාම ප්‍රේමදාස ගුණ සමරු උත්සවය කළ එකම පුද්ගලයා තමා බවද ඊට සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි වූ බව ද ඒ මහතා පවසයි. වෙනත් පක්‌ෂවලට ඇරයුම් කළ ද පක්‌ෂ මාරු නොකර ස්‌ථිර ප්‍රතිපත්තියක පිහිටා තමා මේ වනතුරුම කටයුතු කරන බවද ඒ මහතා පැවැසීය.

සම්මුති ආණ්‌ඩුව තුළ භේද ඇතිවුවහොත් එහි අනිසි ප්‍රතිඵල විඳීමට සිදුවන්නේ ජනතාවට බවද ඒ මහතා කීය. එසේම ජනතාව වෙනසක්‌ සිදුකළේ දුෂණ අක්‍රමිකතාවලින් තොර පිරිසිදු දේශපානයක්‌ අපේක්‌ෂාවෙන් බවද, එය සිතට ගෙන දේශපාලඥයන් කටයුතු කළ යුතුව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

විමලරත්න සමරක්‌කොඩි

දිවයින පුවත්පත

 

 

 

 

The post බලය නැතත් ජනතාවට සේවය කරයි! මේ සිංහල ෆාරුක්‌! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16800
වස්ත්‍ර අඳින්නේ ඇයි? http://www.anvermanatunga.net/2017/05/15/why-we-wear-dress-sinhala/ Sun, 14 May 2017 23:00:22 +0000 http://www.anvermanatunga.net/?p=16795 මම කටාර් රාජ්‍යයේ සේවය කරන කාලයේ දිනක් මම රාජ්‍ය ආයතනයක කිසියම් කටයුත්තක යෙදී සිටියෙමි. එම ආයතනයේ පරිපාලකයන් විසින් මා ඉදිරිපිටට... Read More »

The post වස්ත්‍ර අඳින්නේ ඇයි? appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
මම කටාර් රාජ්‍යයේ සේවය කරන කාලයේ දිනක් මම රාජ්‍ය ආයතනයක කිසියම් කටයුත්තක යෙදී සිටියෙමි. එම ආයතනයේ පරිපාලකයන් විසින් මා ඉදිරිපිටට කිසියම් පුද්ගලයෙකු පමුණුවා, ඔහුගේ වස්ත්‍රය ගැන උපදෙස් දෙන ලෙස මගෙන් ඉල්ලා සිටියා. ඔහු ඇඳ සිටියේ කොට කලිසමක් සහ උඩුකයට ස්කිනි වර්ගයේ වස්ත්‍රයක්. ඇත්ත වශයෙන් කටාර් රාජ්‍යයේ රාජ්‍ය ආයතන වලට මෙවැනි වස්ත්‍ර හැඳ ඒම තහනම්ය.

මේ තරුණයා මා වෙත පැමිණි විට මුලින් මගෙන් විමසුයේ තමන් ඇඳ සිටින වස්ත්‍රයේ ඇති වැරැද්ද කුමක්දැයි කියන ලෙසයි. මා ඔහු වෙතින් පෙරලා විමසුයේ අපි වස්ත්‍ර අඳින්නේ ඇයි? විලි වසාගන්නට! ඔහුගේ පිළිතුර විය. ඔව් එය මූලික සිද්ධාන්තයයි. නමුත් අපි වස්ත්‍ර අඳින විට ඊට වඩා අරමුණු තිබෙනවා. යුරෝපීය සමාජය තුල තිබෙනවා. පාර්ටි ඩ්‍රෙස්, නයිට් ඩ්‍රෙස්, ඔෆිෂල් ඩ්‍රෙස්, කැෂුවල් ඩ්‍රෙස් මෙසේ විවිධ වර්ගයේ ඇඟළුම් වර්ග තිබෙන්නේ ඇයි? මම ඔහුගෙන් පෙරලා විමසුවා. ඒ ඒ අවස්ථානුකූලව අඳින්නට! ඔහුගේ පිළිතුර විය.

ඔබ එක්තරා සමාගමක සම්මුඛ පරීක්ෂණයකට යනවා. එවිට ඔබ බොහෝ විට ටයිකෝට් භාවිතා කරනවා. ඒ ඇයි? මම තවත් ප්‍රශ්නයක් යොමුකළා. තමන් විසින් මුණගැහෙන්න යන උසස් නිලධාරියාට ගරුත්වයක් වන පිණිස. ඔහුගේ පිළිතුර විය. එසේ නම් දැන් ඔබ පැමිණ තිබෙන්නේ කටාර් රටේ රාජ්‍ය ආයතනයකට. ඔබ මෙම රාජ්‍ය ආයතනයටද ගරු කළ යුතුයි නේද? මෙම ආයතන පරිපාලකයන් ඔබගෙන් අරාබි ඇඳුමක් ඇඳගෙන එන ලෙස ඉල්ලා සිටියේ නැහැ. ඔවුන් ඉල්ලා සිටියේ ආයතනයේ ගරුත්වයට ගැලපෙන ආකාරයේ වස්ත්‍රයක් ඇඳගෙන එන ලෙසයි.

ඇත්ත වශයෙන්ම එම තරුණයා එම රාජ්‍ය ආයතනයට ඇඳගෙන පැමිණියේ බටහිර සමාජය ස්ට්‍රීට් ඩ්‍රෙස් හෙවත් වීදි ඇඳුම ලෙස නම්කර ඇති ඇඳුම් වර්ගයයි. පසුව එම තරුණයා විසින් තමන් ඇඳගෙන ආ වස්ත්‍රය සම්බන්ධව කණගාටුව පලකර තමන් නිසිපරිදි නැවත එන බවට පවසා එතැනින් නික්ම ගියා.

අපි බොහෝ විට සිතන්නේ අපි වස්ත්‍ර අඳින්නේ අපිටය කියායි. නමුත් එය සත්‍යයක් නොවේ. අපි වස්ත්‍ර අඳින්නේ අපිට නම් අප විසින් වස්ත්‍රයේ කණපිට පිටතට පෙණෙනසේ ඇඳිය යුතුයි. හොඳපිට අපගේ ශරීරයේ ස්පර්ශ විය යුතුයි. නමුත් අපි එසේ අඳින්නේ නෑ. අපි වස්ත්‍රයෙන් කිසියම් පණිවිඩයක් සමාජයට දෙනවා. එය බොහෝ විට අපි දන්නේ නැහැ. මන්ද අද බොහෝ දෙනෙක් මෙවැනි දේ කරන්නේ සමාජ අනුකරණයක් ලෙස මිස අර්ථය දැනගෙන නොවේ.

 

 

 

The post වස්ත්‍ර අඳින්නේ ඇයි? appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16795
හම්බ දමන ජාතකය අළුත්ම එක! තිසර පටෙන් වඳ කිරීම! http://www.anvermanatunga.net/2017/05/14/meethotamulla-bra-case-sinhala/ http://www.anvermanatunga.net/2017/05/14/meethotamulla-bra-case-sinhala/#comments Sun, 14 May 2017 03:45:11 +0000 http://www.anvermanatunga.net/?p=16783 මුස්ලිම් විරෝධී භීතිකා වාදීන්ට තමන්ගේ පච ප්‍රචාරණය පවත්වාගෙන යාමට කිසියම් පුවත් මූලයක් අවශ්‍යය. දැන් ඒකට අළුත්ම එකක් ඇවිත් තිබේ. ඒ... Read More »

The post හම්බ දමන ජාතකය අළුත්ම එක! තිසර පටෙන් වඳ කිරීම! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
මුස්ලිම් විරෝධී භීතිකා වාදීන්ට තමන්ගේ පච ප්‍රචාරණය පවත්වාගෙන යාමට කිසියම් පුවත් මූලයක් අවශ්‍යය. දැන් ඒකට අළුත්ම එකක් ඇවිත් තිබේ. ඒ තිසර පටයේ වඳ බෙහෙත් දැමීමයි. මෙම පච ප්‍රචාරකයන් කලක් තිස්සේම මෙම වඳ බෙහෙත් සංකල්පය මුස්ලිම්වරුන්ට එරෙහිව සමාජය තුල ප්‍රචාරණය කළ එකකි. විශේෂයෙන්ම මුස්ලිම් වෛද්‍යවරුන්ට එරෙහිව, මුස්ලිම් හෝටල් වලට එරෙහිව මෙම පච ප්‍රචාරණය දියත් කරන ලදී.

අළුත්ම ප්‍රවණතාවයට පාදක වුනේ ලංකාදීප පුවත්පතේ පලවු පුවතකි. එහි සඳහන් වුනේ මීතොටමුල්ලේ අවතැන් වුවන්ට බෙදන්නට ගෙනා බ්‍රෙසියර් වගයක පෙති වර්ගයක් සහ ජෙල් වර්ගයක් තිබුණු බවයි. ඇත්තෙන්ම අපේ රටේ ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් නැත. තිබෙන්නේ ගිරාපෝතක මාධ්‍ය කලාවකි. පලකරන දේ සත්‍යාසත්‍යතාවය ගැන ඔවුන්ට වග විභාගයක් නැත. පුවතෙහි පලවුයේ එක්තරා කාන්තාවක් පැමිණ මෙම බ්‍රෙසියර් ලබා දුන් බවයි.

මීට දශක කිහිපයකට පමණ පෙර අපේ රටේ බහුතර කාන්තාවන් තිසර පට ලෙස භාවිතා කළේ තමන් විසින්ම අතින් මසාගත් ඒවායි. ඉන්පසුව ගම්වල තිසර පට මසන කාන්තාවන් බිහිවිය. ඊට පසුව ඒ යුගය පසුකරමින් තිසර පට මසන කුඩා ගාමන්ට් බිහිවිය. මෙම තිසර පට ශරීරයට පහසු, අලංකාරයට, මෙන්ම වාතය ඇතුලත පිටතට යාමට එ‍මේ පහසුවට එම්බ්‍රොයිඩර් කළ ඒවා විය. පසුකාලීණව තිසිර යුගල උළුප්පා පෙන්වීමට පෑඩ් එකක් වශයෙන් ස්පන්ච් වර්ගද භාවිත විය.

බ්‍රෙසියර් පෑඩ් ලෙස යොදා ගන්නා සිලිකා ජෙල්

නමුත් දැන් නූතන යුගයේ ජාත්‍යන්තරව බ්‍රෙසියර නිශ්පාදනය කිරීමේදී ඇතුලත නිමැවුම සඳහා භාවිතා කරන්නේ සිලිකා ජෙල් විශේෂයකි. එය බ්‍රෙසියරයේ අලංකාරය මෙන්ම සුවපහසුවද ගෙන දෙන්නට ඔවුන් විසින් භාවිතා කරති.

ශල්‍යකර්ම මගින් පියයුරු තුලට ඇතුලත් කරන සිලිකා ජෙල්
ශල්‍යකර්ම මගින් පියයුරු තුලට ඇතුලත් කරන සිලිකා ජෙල්

එපමණක් නොව දැන් සිලිකා ජෙල් පියයුරු ඇතුලත ශල්‍යකර්මයක් මාර්ගයෙන් තැන්පත් කර පියයුරු අලංකාර කර ගැනීමද බටහිර රටවල සිදුවේ. නමුත් අපේ රටේ සාමාන්‍ය දුප්පත් ජනතාවට තවම මේවා අළුත්ය. කූඨ අන්තවාදීන් යොදා ගත්තේ මෙම හිදැසයි. අවාසනාවට රනිල්ගේ බාප්පගෙ පත්තර කඩමාල්ලත් එයට උල්පන්දන් දුනි.

පලමුව අප ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුත්තේ කාන්තාවකගේ ස්ථන ග්‍රන්ථිය හරහා බෙහෙත් යැවීමෙන් වන්ඳ්‍යාභාවයට පත්කළ හැකි බවට ඇති විද්‍යාත්මක සාධක කවරේද යන්නයි. ස්ථන ග්‍රන්ථිය ක්‍රියාකරන්නේ Out Put එකක් ලෙස මිස In Put එකක් ලෙස නොවේ. එහෙත් මෙම පච ප්‍රචාරකයන්ට Out Put හෝ In Put ගැන අදාලත්වයක් නැත. කළ යුත්තේ කෙසේ හො පච ප්‍රචාරණය සමාජගත කිරීමයි. මේ බොරුව එළිවෙන කොට ඔවුන් තව බොරුවක් සොයා ගනිති.

ජාතිවාදීන්ගේ පච ප්‍රචාර
ජාතිවාදීන්ගේ පච ප්‍රචාර

කෙසේ වුවද මෙම පච ප්‍රචාරණයට වෙනදා මෙන් සම්බන්ධ වුයේ ෆේස්බුකියේ ජාතිවාදීන් කියන ඔක්කොම හරිය යන මතයේ සිටින නූගත් බයි මානසිකත්වයේ සිටින සුළු පිරිසයි. අනිකුත් බහුතර සිංහල බෞද්ධ ජනතාව මෙය අමුලික පචයක් බව දනිති. ඇතැම් සහෝදරවරු මෙය ජාතිවාදීන් බයිට් කරනු පිණිස යොදා ගනිති. පහත සදහන් වන්නේ එවැනි බයිට් එකකි.

උපුටා ගැනීම

දොස්තරලා තිසර පට ප්‍රශ්ණයට පැහැදිළි විසඳුමක් දීමට ඉදිරිපත් නොවන වටපිටාවක, ඉදිරියේදී සිංහල කාන්තාවන් තිසරපට පැළඳීමෙන් වැළකී සිටීමේ බරපතල අවදානමක් අප ඉදිරියේ පවතින, ඒ අනුව අපේ පිරිමි ප්‍රජාවට මගතොටදී අවාසනාවන්ත තත්වයන්ට මුහුණ දෙන්නට සිදුවිය හැකි මෙවන් අනුවේදනීය මොහොතක  මේ සඳහා විසඳුමක් ඉදිරිපත් කල අපේ හෙළ කොල්ලා ගැන ආඩම්බර නම් ෂෙයාර් කරන්න ෆ්‍රෙන්ස්…….
———————————————————————————–
කාන්තා තිසර පට ඇතුළට ජෙලි පැකට් යෙදීම සම්බන්ධව අප විරුද්ධ විය යුතුය. පුරාතන සාහිත්‍යයේ ස්ත්‍රී පියයුරු උපමා කර ඇත්තේ හංසයින්ටය. හංසයින් බඳු පියයුරු හැඳින්වීමේ දී තිසර තන යැයි සැළලිහිණි සංදේශයේ ද සඳහන් වන අතර ඒ හංසයන් වසාලන රෙදිපට තිසර පට නම් වේ.

එනමුත් හංසයන් ජෙලි කන බවට කිසිම සංදේශයක සඳහන් නොවන අතර 1960 සිට ලංකාවේ වෙළඳපොලේ නම දිනා සිටින මෝතා ජෙලි වුවද තම වෙළඳ දැන්වීම් වල “හංසයින් පවා කන ජෙලි ” ලෙස පවසන්නේ නැත. එසේ වුවද හංසයින් කිරි බොන්නට ලැදියැයි අපිට විශ්වාස කළ හැක්කේ පුරාතන සාහිත්‍ය පුරාම හංසයා කිරි දියෙන් වෙන්කරන බවට පවසන නිසා ය. දියෙන් වෙන්කර ගන්නා කිරි ටික කඩේට, පොළට ගෙනගොස් විකුණන හෝ නිවසේ සිට යෝගට් සාදන හංසයින් ඔබට මහමග දී හමු වී ඇත්දැයි මා නොදනිමි. නමුත් මට නම් එවැනි ව්‍යවසායක හංසයින් හමු වී නොමැති නිසා හංසයින් යනු කිරි බොන සතෙක් යැයි මම විශ්වාස කරමි.

ඉහත කරුණු ඇසුරෙන් මා යෝජනා කරන්නේ තිසර පට තුළට යෙදිය යුත්තේ හංසයින් අනුභව නොකරන ජෙලි නොවන බවය. තිසර පට තුළට යෙදිය යුත්තේ හංසයින් බීමට ප්‍රිය කරන කිරිය. හයිලන්ඩ් කිරි ලීටරයේ බෝතල් දෙකක් තිසර පට ඇතුළට තබා මැසීමෙන් මේ ගැටළුව විසඳීමට හැකිය.

– සහන් කසීර වික්‍රමසිංහ –

Sahan Kaseera Wickramasinghe

උපුටා ගැනීම අවසන්

තවත් එවැනිම බයිට් එකක්
තවත් එවැනිම බයිට් එකක්

ජාතිවාදීන් විසින් තම ප්‍රචාරණය සදහා මෙම පුවත යොදා ගැනීමට ප්‍රධාන හේතුවක් වුයේ මීතොටමුල්ල අවතැන් වු ජනතාවට විශාල වශයෙන් උදව් කලේ මුස්ලිම් ජනතාව බව ඔවුන් දන්නා නිසාය. ඇත්තටම මෙම ජාතිවාදී සෙට් එක අවතැන් වු ජනතාවට කළ කෙංගෙඩියක් නැත. ඒ මිනිස්සුන්ව මුස්ලිම්වරුන්ගෙන් ඈත් කරන්නට මෙම පච ප්‍රචාරණය යොදා ගති. මුස්ලිම් විරෝධය මවාපාන ෆෙස්බුකියේ ජාතිවාදී කල්ලිය තවත් අළුත් ජාතකයක් ඉතා නුදුරේදීම සොයා ගනු ඇත.

දිනකට ගබ්සා 600ත් 800ත් අතර ප්‍රමාණයක් කෙරෙන අපේ රටේ මෙම ජාතිවාදීන්ට එය ප්‍රශ්නයක් නැත. මන්ද ඒ කරන්නේ ඔවුන්ගේ ජාතියේ වෛද්‍යවරුන් බැවිනි. කෙසේ වුවද දැන් දරුවන් අවශ්‍ය නැති අයට හොදම ලේසිම ක්‍රමයක් තිබේ. එනම් හම්බයන්ගෙන් බ්‍රෙසියරයක් ඉල්ලාගෙන ඇද ගැනීමයි. මෙම පච ප්‍රචාරයට දායක වු සැමගෙන් මා ඉල්ලා සිටින්නේ ඔළුව අතගා බලන ලෙසයි. සමහර විට අං ඇවිත් තිබෙන්නට පුළුවන.

 

 

 

 

The post හම්බ දමන ජාතකය අළුත්ම එක! තිසර පටෙන් වඳ කිරීම! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
http://www.anvermanatunga.net/2017/05/14/meethotamulla-bra-case-sinhala/feed/ 2 16783
නෝර්වේ වෙළෙඳ සංගමය ඊශ්‍රායල භාන්ඩ වර්ජනය කරයි! http://www.anvermanatunga.net/2017/05/14/norway-boycott-israel-goods-sinhala/ http://www.anvermanatunga.net/2017/05/14/norway-boycott-israel-goods-sinhala/#comments Sat, 13 May 2017 23:22:58 +0000 http://www.anvermanatunga.net/?p=16780 යුරෝපා සංගමයේ සාමාජික රටක් වන නොර්වේ රාජ්‍යයේ ප්‍රධාන වෙළෙඳ සංගමය ඊශ්‍රායෙල භාන්ඩ වර්ජනය කිරීමට තීරණය ගෙන ඇතැයි වාර්තා වෙනවා. ඒ, ඊශ්‍රායලය... Read More »

The post නෝර්වේ වෙළෙඳ සංගමය ඊශ්‍රායල භාන්ඩ වර්ජනය කරයි! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
යුරෝපා සංගමයේ සාමාජික රටක් වන නොර්වේ රාජ්‍යයේ ප්‍රධාන වෙළෙඳ සංගමය ඊශ්‍රායෙල භාන්ඩ වර්ජනය කිරීමට තීරණය ගෙන ඇතැයි වාර්තා වෙනවා. ඒ, ඊශ්‍රායලය දිගින් දිගටම පලස්තීනුවන්ට එරෙහිව සිදුකරන කෙණෙහෙළිකම්වලට විරෝධය දක්වමින් බවයි ඔවුන් පවසන්නේ

මේ සම්බන්ධව පෙරමුණ ගෙන කටයුතු කරන නොර්වේ ඒකාබද්ධ වෙළෙඳ සංගමය ඊශ්‍රායල භාන්ඩ වර්ජනය කළේ ඡන්ද විමසුමකින් පසුවය. එහිදී ඡන්ද 197 ක් වර්ජනයට එකඟ වූ අතර ඊට විරෝධය දක්වා සිටියේ 117 ක් පමණක් යැයි ද වාර්තා වේ.

පලස්තීනුවන්ගේ මූලික අයිතීන් වෙනුවෙන් නෝර්වේ වෙළෙඳ සංගමය ගත් මෙම තීරණය බොහෝ දෙනාගේ පැසැසුමට හේතුවක් වී ඇතැයි ද වාර්තා වේ. කෙසේ නමුත් නෝර්වේ ඔස්ලෝ නුවර සිටින ඊශ්‍රායල තානාපතිවරයා මේ ගැන සිය අප්‍රසාදය පළ කර තිබේ.

ප්‍රෙස් ටීවී ඇසුරින්

 

 

The post නෝර්වේ වෙළෙඳ සංගමය ඊශ්‍රායල භාන්ඩ වර්ජනය කරයි! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
http://www.anvermanatunga.net/2017/05/14/norway-boycott-israel-goods-sinhala/feed/ 1 16780
පලස්තීන නිදහස් සටනේ නොමැකෙන නාමයක්! “හිලේරියන් කපුචි අගරදගුරු තුමා” http://www.anvermanatunga.net/2017/03/26/archbishop-hilarion-capucci-sinhala/ Sat, 25 Mar 2017 23:52:17 +0000 http://www.anvermanatunga.net/?p=16776 පලස්තීන වැසියන්ට මෙම වසර ආරම්භ වුයේ අශුභදායක පුවතක් සමගය. ඒ ඔවුන්ගේ ඉමහත් ආදරයට පාත්‍රවූ ග්‍රීක මෙල්කයිට් අගරදගුරු හිලේරියන් කපූචි අගරදගුරු... Read More »

The post පලස්තීන නිදහස් සටනේ නොමැකෙන නාමයක්! “හිලේරියන් කපුචි අගරදගුරු තුමා” appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
පලස්තීන වැසියන්ට මෙම වසර ආරම්භ වුයේ අශුභදායක පුවතක් සමගය. ඒ ඔවුන්ගේ ඉමහත් ආදරයට පාත්‍රවූ ග්‍රීක මෙල්කයිට් අගරදගුරු හිලේරියන් කපූචි අගරදගුරු තුමා Archbishop Hilarion Capucci අවුරුදු 94 ක් ආයු වලඳා රෝමයේදී අභාවප්‍රාප්ත වු පුවත සැලවීමයි.

එතුමා පලස්තීන වැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තම මුළු ජීවිතයම කැපකළ අගරදරුගු තුමෙකි. දේවධර්මයේ අනුහස තම තම ජීවිතයට ලබාගත් එතුමා පලස්තීන වැසියන් පාගාගෙන පීඩාවට පත්කරන ඊශ්‍රායෙලයට විරුද්ධව එඩිතරව අරගල කළ අගරදගුරුතුමෙකි. මෙම අරගලයේ උච්චතම සිද්ධිය වුයේ 1974 අගෝස්තු මස එතුමා වතිකානු තානාපති ලාංඡනය සහිත තමන්ගේ වාහනයේ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සමග ලෙබනනයේ සිට ජෙරුසලම දක්වා ගමන් කරමින් සිටින විට ඊශ්‍රායෙල් හමුදා සොල්දාදුවන්ගේ සෝදිසි කිරීම්වල ප්‍රථිඵලයක් ලෙස අත්අඩංගුවට පත් වීමයි. ඊශ්‍රායෙල් යුධ අධිකරණය එතුමන්ව අවුරුදු 12 කට සිරගත කිරීමට නියම කළේය. ඊට විරුද්ධව එතුමන් නිරාහාර උපවාසයේ යෙදුනු අතර පලස්තීන ගරිල්ලන් විසින් එතුමන් ඇතුළු සිරකරුවන් කිහිප දෙනෙකුගේ නිදහස ඉල්ලා 1976 දී ප්‍රංශ ගුවන් සේවයට අයත් ගුවන් යානයක්ද පැහැර ගන්නා ලදී. කෙසේ වෙතත් 1978දී VI වන පාවුළු පාප්තුමන්ගේ බලපෑම මත ඊශ්‍රායෙල් රජය නැවත එතුමන් මැදපෙරදිග රටක කිසිදු නිලයකට පත් නොකරන කොන්දේසිය මත නිදහස් කරන ලදී. එතුමන් හිර අඩස්සියට පත් කිරීම එවකට මෙල්කනයිට් සභාවේ රදගුරුතුමන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. “මෙම අගරදගුරුතුමා අවි ආයුධ දැරීම තමන්ගේ යුතුකමක් ලෙස සැලකුවා නම් එතුමන් පිට වරද තැබිය හැකි වනුයේ කෙසේද? ඉතිහාසය තුල අපි දකිනවා නාසි කදවුරු වලින් ජුදා ජාතිකයන් බේරා ගැනීම සදහා අවි ආයුධ නීති විරෝධීව ප්‍රවාහනය කරමින් හා නීති විරෝධී ක්‍රියාවන්හි යෙදෙමින් තම ජීවිත අන්තරාව කැපකළ වෙනත් රදගුරුතුමන්ලා සිටිය බව, මට තේරෙන්නේ නැහැ අරාබි ජාතිකයන්ව නිදහස් කර ගැනීමට සූදානම් මනුෂ්‍යයෙක්ව වරදට තීන්දු කරන්නේ කෙසේද කියලා. එසේම ඊශ්‍රායෙලය ජෙරුසලමට ඇතුළුවී සිටින්නේ නීති විරෝධීව එක්සත් ජාතීන්ගේ ඉල්ලීම් වලට එරෙහිව යමිනුයි.”

එමෙන්ම කපුචි රදගුරු තුමන්ට එරෙහිව තවත් චෝදනාවක් වුයේ එතුමන් 1974 වසරේදී ඇමරිකා එක්සත් ජනපද  රාජ්‍ය ලේකම් වු හෙන්රි කිසිංගර් ජෙරුසලමට පැමිණෙන අවස්ථාවක ඔහුව ඝාතණය කිරීම සදහා රොකට් 3ක් භාවිතා කිරීමේ සැලැස්මක කොටස් කරුවෙකු වු බවයි.

හිරෙන් නිදහස් වු පසුව එතුමන්ව පාප්තුමන් විසින් ලතින් ඇමරිකාවේ නිල කටයුතු සදහා පත්කළ අතර පසුව දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් එතුමන්ව යුරෝපයට පත්කරන ලදී. එම කාලය තුලදී පවා එතුමා ක්‍රියාකාරී විය. 1979දී ඉරානයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස හිර අඩස්සියට පත්වු ඇමරිකන් ජාතිකයන් බැහැ දැකීමට එතුමන් ඉරානයට ගියේය. එමෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ අසාර්ථක මෙහෙයුමකදී ජීවිතක්ෂයට පත්වු ඇමරිකානු සොල්දාදුවන් අට දෙනෙකුගේ මෘතදේහයන් සමග එතුමන් ඇමරිකාවට පැමිණියේය. 1990 වසරේදී සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කිරීමෙන් පසු හිර අඩස්සියට පත්වු ඉතාලි ජාතිකයන්ව නිදහස් කර ගැනීමට එතුමන් මැදිහත් විය. තවද 2010 වසරේදී ගාසා තීරයට සහන සේවා භාන්ඩ ගෙන ගිය නැව ඊශ්‍රායෙල් හමුදාවේ අත්අඩංගුවට පත්වන විට අගරදගුරුතුමාද එම නැවේ වු අතර, එතුමන් හිර අඩස්සියට පත්කර පසුව පිටුවහල් කරන ලදී. 2000 වසරේදී එතුමන්ගේ නායකත්වය යටතේ සම්බාධක විරොදී කංඩායමක් ඉරාකය බැහැදැකීමට ගිය අතර එහිදී එතුමන් ප්‍රකාශ කළේ “මැදපෙරදිග රටවල් දෙකක ජනතාව පීඩා විදිති. ඒ සම්බාධක නිසා ඉරාක ජනතාව සහ තමන්ගේ ආත්ම ගරුත්වය හා අභිමානය වෙනුවෙන් අරගල කරන පලස්තීන ජනතාව.”

ඉරානය, ඊජිප්තුව, ලිබියාව, සුඩානය සහ සිරියාව වැනි රටවල් එතුමන්ගේ ඡායාරූප සහිත තැපැල් මුද්දර නිකුත් කරමින් එතුමන්ට ගෞරවය දක්වා ඇත. පලස්තීන විමුක්ති සංවිධානයේ විධායක සාමාජිකාවක සදහන් කළේ “කපූචි අගරදගුරු තුමා අපට සිහිපත් කරනුයේ වියට්නාම් යුධ විරෝධයේ සිට ලතින් ඇමරිකානු විමුක්ති අරගල වල ක්‍රියාකාරී වු ගරු පියතුමන්ලාගේ යුගය බවයි. එතුමන් ක්‍රියාකාරී සභාව නිරූපනය කළා. එතුමන් තම ප්‍රතිපත්තීන් ක්‍රියාවට පරිවර්තනය කළ අසාධාරණයට විරුද්ධව අරගල කළ ආගමික නායකයෙක්. විප්ලවකාරී පියතුමන්ලාගේ යුගය දැන් අවසානයි. කතෝලික සභාව තවදුරටත් ක්‍රියාකාරී අරගලයක් තුල නැහැ. සභාව දැන් සිටින්නේ අදිමදි කරමින් ප්‍රවේසම්කාරී ලෙස හැසිරෙන යුගයක. අද පියතුමන්ලා අරගලයට සහයෝගය දක්වන්නේ විප්ලවවාදීන් ලෙසට වඩා සාක්ෂිකරුවන් හා පක්ෂව මත ප්‍රකාශ කරන්නන් ලෙසයි.”

අසාධාරණයට පීඩාවට පත්වු පලස්තීන ජනතාව වෙනුවෙන් තම ජීවිතයම කැපකළ හිලේරියන් කපූචි අගරදගුරු තුමාට අප අපගේ ගරුත්වය පලකරන අතර, පීඩාවට පත් ජනතාව සමග නිදහස පතා අරගලයේ ක්‍රියාකාරී ලෙස යෙදෙන ආගමික නායකයන්ගේ අවශ්‍යතාවය අප දැඩිලෙස අවධාරණය කරනු ලබයි.

 

 

 

The post පලස්තීන නිදහස් සටනේ නොමැකෙන නාමයක්! “හිලේරියන් කපුචි අගරදගුරු තුමා” appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16776
උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බූවල්ලා කවුද? http://www.anvermanatunga.net/2017/03/25/kurunegala-poster-sinhala/ http://www.anvermanatunga.net/2017/03/25/kurunegala-poster-sinhala/#comments Sat, 25 Mar 2017 03:55:49 +0000 http://www.anvermanatunga.net/?p=16769 සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද එනවිටම ලංකාවේ අන්තවාදීන් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන ඝෝෂාව සමාජය තුල තීව්ර කරයි. මෙය දැන්... Read More »

The post උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බූවල්ලා කවුද? appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද එනවිටම ලංකාවේ අන්තවාදීන් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන ඝෝෂාව සමාජය තුල තීව්ර කරයි. මෙය දැන් වසර ගණනාවක සිට ක්‍රියාත්මක වෙන අදිසි ප්‍රයාමයකි. මවිතය දනවන කරුණ නම් මේ පසුපස සිටින්නේ කවුදැයි මේ දක්වා කිසිවෙකු විමසා නොබැලීමයි.

මීට වසර ගණනාවකට ප්‍රථම සිංහල අළුත් අවුරුදු සමයේදී අන්තවාදීන් විසින් නෝලිමිට් ටොෆියක පලහිලව්වක් විශාල ඝෝෂාවකට නැගුවා ඔබට දැන් අමතකවී ඇති බව නිසැකය. නෝලිමිට් විසින් වඳපෙත්තක් සිංහල කාන්තාවන්ට දෙන බව එම ඝෝෂාවයි. නමුත් පසුව අප සොයා බලන විට දැනගන්නට ලැබුණේ මෙම ටොෆිය නිශ්පාදනය කර තිබුණේ සිංහල ව්‍යාපාරිකයෙකුය අයත් ග්ලූකෝරස ආයතනයෙන් බවයි. එමෙන්ම එම ටොෆියේ අඩංගු රසායනික සාමාන්‍ය ටොෆි වල තිබෙන ඒවාම බව අපට තහවුරු විය.

ඉන්පසුව එළඹුනේ ෆිටෝන් කාමර වල කැමරා සවිකර ඇති බවයි. එම චෝදනාවත් නිෂේධ වුයේ එහි සත්‍යතාවයක් නැති බව සනාථ වීමෙන් පසුවය. නමුත් ගම්පහ ප්‍රදේශයේ සිංහල ව්‍යාපාරිකයෙකු මරා දැමුණේ ඔහුගේ සාප්පුවට ආ කාන්තාවක ෆිටෝන් කාමරයේදී වීඩියෝ කිරීමේ පලහිලව්වක් මත බව පසුව හෙළිවුනි. සැබවින්ම මෙය මුස්ලිම් වෙලදසැලක සිදුවුනා නම් මාධ්‍ය හැසිරෙන්නේ මීට වඩා ඉතාමත් සාහසිකව බව ඔබ කවුරුත් දන්නාවු සත්‍යයකි.

මෙවර උත්සව සමය එළඹීමත් සමග දෙමටගොඩ මුස්ලිම් වෙලදසැලක බෞද්ධ කොඩිය කලිසම් සාක්කුවට මසා විකුණනවා යනුවෙන් එක්තරා රූපවාහිණි නාලිකාවක් විසින් පුවතක් ප්‍රචාරය කෙරුණා. පසුව අප විසින් හෙළිදරව් කෙරුණේ එම කලිසම් මසා වෙලඳපොලට නිකුත් කර තිබුණේද සිංහල ව්‍යාපාරිකයෙකුම බවයි. එය අනාවරණය වීමත් සමගම එම ඝෝෂාවත් යටපත් විය. කෙසේ නමුත් මේ සියළුම සිද්ධි දාමයන් අවසන් වන්නේ මුස්ලිම් පාර්ශවයට බෝලය පාස්කර අවසන් වු පසුව වීම විශේෂිත දෙයකි. මෙමගින් වන හානිය සම්බන්ධව මාධ්‍ය මගින් නැවත නිවැරදි කිරීම් සිදුකරන්නේ නැත.

පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ පෝස්ටර් ව්‍යාපාරයක් ඇරඹුනේ මේ අතරතුරයි. මෙම පෝස්ටර් වලින් කියැවුණේ සිංහලයන්ගේ විනාශය අතලඟයි කියායි. මෙම පොස්ටර් මගින් කියැවුනේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙසයි. මා මේ දිනයේ කුරුණෑගල ප්‍රදේශයේ සිටි නිසා මෙම පොස්ටර් ඡායාරූපයට ගත්තා පමණක් නොව එය කලේ කවුරුන්දැයි සොයා බැළුවෙමි. මෙම පොස්ටර් බැලු බැල්මටම අන්තවාදීන් කරන ඒවාට වඩා ඉතාමත් හොද තත්වයෙන් කළ ඒවා බව වැටහුණි. අනික මෙම පෝස්ටර් ඇලවී තිබුණේද ඉතාමත් පලපුරුදු ක්‍රමවේදයකටය.

පෝස්ටර් ඇලවී තිබුණු ආකාරය ටියුෂන් මාස්ටර්ලා තම පෝස්ටර අලවා ගන්නා ආකාරයට සමානකම් තිබුණි. අප විසින් සොයා බලන කල මෙම පෝස්ටර් ව්‍යාපාරයට මුලිකත්වය ගෙන තිබු තැනැත්තා කලින් කුරුණෑගල ප්‍රදේශයේ ටියුෂන් මාස්ටර්ලා ලඟ ටික්කෙකු ලෙස වැඩකළ තැනැත්තෙකු බවට හෙළිවිය. මෙතරම් පෝස්ටර් ප්‍රමාණයක් මුද්‍රණය කර ඒවා ඇලවීම සදහා දායක වී තිබුණේ කුරුණෑගල සහ දිවයින ප්‍රරා ඉංග්‍රීසි අකුරු තුනක් සහිත වෙලදනාමයක් ඇති රෙදිපිලි වෙලෙන්දෙකු විසිනි. දැන් කාරණය ඉතාමත් පැහැදිලි වුනි. ඇත්ත වශයෙන්ම මෙතෙක් කලක් අළුත් අවුරුදු කාලය එළඹෙන විට මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්නැයි ඝෝෂාවේ අදිසි හස්තය හමුවිය.

ඇත්තටම මේ තැනැත්තාගේ අතීතයද ඉතාමත් ගඳගහන එකක් බව මම පුද්ගලිකවම දනිමි. තමන්ගේ වෙලඳ අරමුණු ඉටුකරගැනීමට මෙවැනි පහත් තත්වයේ දේවල් කිරීමට මේ තැනැත්තාට ඉතාමත් පහසු බව ඔහුගේ අතීත සංසිද්ධි තුලින්ම අපි දනිමු. එමෙන්ම මේවාට අනුබල දෙන සහ මෙමගින් වාසි සලසා ගන්නට උත්සාහ දරණ තවත් වෙලෙන්දන් කිහිප දෙනෙකුම අප විසින් හදුනා ගෙන ඇත. මේ සියළු දෙනා රෙදිපිළි වෙලඳ මාෆියාවක කොටස්කරුවන්ය. මොවුන්ට අවශ්‍ය කරන්නේ සිංහල අවුරුදු සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියා ඝෝෂාවක් ඇති කොට වෙලදාමේ වැඩිපුර කොටස තමන් ගිල ගැනීමටයි.

ඇත්තටම මුන් රටටත් ජාතියටත් ආගමටත් ආදරය කරන වුන් නොව මුදලට කෑදර අයයි. මොවුන්ට ජනතාවට සෙත සලසන්නට අවශ්‍ය නම් කළයුත්තේ උත්සව සමයේ රෙදිපිළි ජනතාවට පහසු මිලකට ලබාදීමයි. ජනතාවගේ රුචිකත්වය බලා ඒ අනුව විලාසිතා ඉදිරිපත් කිරීමයි. භාන්ඩ ලාභ කරන අතරතුර ගුණාත්මක තත්වය උසස් කිරීමයි. අවසාන වශයෙන් පාරිබෝගිකයන්ට යහපත් මෙන්ම ගෞරවාන්විත සේවාවක් ලබාදීමයි. මේ එකක්වත් නොකර ජනතාව අතර බොරු බියක් ඇතිකර තම ව්‍යාපාරික කුට්ටිය වැඩිකර ගැනීමට ඔවුන් දරන උත්සාහය නම් නිර්ලජ්ජිතය.

නමුත් ජනතාව මේවායින් අන්දන්නට පුළුවන් යැයි සිතීම මෝඩ කමකි. තමන්ට අවශ්‍ය විලාසිතාව ඉතා ගුණාත්මකව සහ පහසු මිලට ගතහැක්කේ කොහේද යන්න ජනතාව සොයා බලති. තමන් විසින් රෙදිපිළි මිලදී ගත යුත්තේ කෝහේද? යන්න ඔවුන් තෝරා ගන්නේ ඉන් අනතුරුවයි.

 

 

 

The post උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බූවල්ලා කවුද? appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
http://www.anvermanatunga.net/2017/03/25/kurunegala-poster-sinhala/feed/ 9 16769
අනෝමා ජිනාදරීට යථාර්තය අවබෝධ වන විට කෝච්චිය ගිහින්! http://www.anvermanatunga.net/2017/03/17/anoma-jinadari-sinhala/ Fri, 17 Mar 2017 00:13:43 +0000 http://www.anvermanatunga.net/?p=16765 කාලයක් අනෝමා ජිනාදරී කියන්නේ අපේ රටේ සම්භාව්‍ය කියන චිත්තරපටි කාරයන්ට වීර කාන්තා චරිතයක්. නමුත් දැන් ඇය කියන කතා වලට උන්... Read More »

The post අනෝමා ජිනාදරීට යථාර්තය අවබෝධ වන විට කෝච්චිය ගිහින්! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
කාලයක් අනෝමා ජිනාදරී කියන්නේ අපේ රටේ සම්භාව්‍ය කියන චිත්තරපටි කාරයන්ට වීර කාන්තා චරිතයක්. නමුත් දැන් ඇය කියන කතා වලට උන් ඔක්කොම මූණු හකුළුවා ගන්නවා. ඒ ඇයි? ජිනාදරී ඔය කියන සම්භාව්‍ය ඔස්තාර්ලගේ පටිරෝල් කරන්න පටන් ගැනීම නිසයි. ඇත්තෙන්ම මේ ඇත්තන්ම අපේ රටේ සිනමා රසිකයන් හිතාන ඉන්නෙ මහා කලාකාරයෝ කියලයි. ඉතිං මේ කලාබරුවන්ගේ හැබෑම තත්වෙ දන්නෙ නිළියෝ නොවැ. ඉතිං ඔන්න මම ජිනාදරීගෙ පුවත්පත් ආර්ටිකල් එකක්ම මෙතන අතාරින්න හිතුවෙ උන්ගේ සැබෑ හෙළුව ඔබටත් බලාගන්න කියලා හිතලා.

මුහුණු පොතේ විවේචන ගැන අනෝමාගේ කෙලින් කතාව

සිනමාවේ කතාබහට ලක්වුණ ප්‍රවීණ නිළියක් වුණත් මෑතකදී අපිට ඔබේ නිර්මාණ දකින්න ලැබුණේ නැහැ?

හරවත් ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නිළියක් විදියට මම ආවට ගියාට දේවල් කරන්නෙ නැහැ. ඒත් පසුගිය දිනවල ඩැනියෙල් පතිරණ, ධම්මික තිසේරා කියන අධ්‍යක්ෂවරුන්ගේ ටෙලි නාට්‍යවල රඟපෑවා. ජනවාර්ගික අර්බුද ගැන කළ කෙටි චිත්‍රපටයකට දායකත්වය දුන්නා. මීට අමතරව චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක වුණා. ‘දැවෙන විහඟුන්’ නමින් එක චිත්‍රපටයක් මේ දිනවල අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල නියෝජනය කරනවා. තාම ලංකාවේ ප්‍රේක්ෂකයන්ට නම් මේ චිත්‍රපටය දකින්න ලැබුණෙ නැහැ. තවත් අලුත් තිර පිටපතක් කියවමින් ඉන්න අතරතුර මගේ ජීවිත කතාවේ හතරවැනි කොටස ‘පුනරාවර්ජන’ නමින් වෙළෙඳපොළට නිකුත් කළා.

සිනමාව තුළ අභියෝගාත්මක චරිතවලින් රසිකයන් අතරට ගිය ඔබ වර්තමානයේ බිහිවන නිර්මාණ ගැන සෑහීමකට පත් වෙනවද?

අලුත් නිර්මාණ බිහිවෙන්නේ පරිකල්පන ශක්තිය දියුණු තිර රචකයන් හා අධ්‍යක්ෂවරුන් හිටියොත් විතරයි. ඒ වගේ බුද්ධිමතුන් අද කිසිම ක්ෂේත්‍රයක නැහැ. එදා දේශපාලනයේ ලලිත් ඇතුලත්මුදලි වගේ උදාර චරිත හිටියත් අද ඒ වගේ අය නැහැ. හොරු රැළක් විතරයි ඉන්නේ. සිනමාවේ ලෙස්ටර් ගත්තත්, ටෙලි නාට්‍යයේ ධම්ම ජාගොඩ, සෝමවීර සේනානායක ගත්තත් උදාර චරිත. ඒත් දැන් මොකද වෙන්නේ. දඩයම චිත්‍රපටය ටෙලි නාට්‍යයට නඟනවා. ගිනි අවි සහ ගිනිකෙළි චිත්‍රපටය ටෙලි නාට්‍යයක් විදියට නිර්මාණය කරනවා. පරිකල්පන භංගත්වය තමයි මේ දේවල්වලින් පේන්නේ. මේ නිසා දැන් බිහිවෙන නිර්මාණ ගැන සෑහීමකට පත් වෙන්න බැහැ.

ඔබ සංජීව නූගත් තිරිසනෙක්, හඳගම උගත් ගෝත්‍රිකයෙක් කියලා සමාජ ජාලයක කළ ප්‍රකාශය ගැන ගොඩක් දෙනා මේ දිනවල කතා වෙනවා. ඔබ මේ වගේ කතාවක් කියන්නේ ඇයි?

මේ කතාවට හේතු වුණේ පසුගිය දවසක රීගල් සිනමා ශාලාවේදී එක්තරා චිත්‍රපටයක මංගල දර්ශනය අවස්ථාවේ වුණ සිදුවීමක්. මම එතැනට ගිය වෙලාවේ මම රංගනයෙන් දායකත්වය දුන් චිත්‍රපටවල අධ්‍යක්ෂවරු දෙන්නෙක්ව මට මුණ ගැහුණා. මේ දෙන්නගේම චිත්‍රපටවලට මම වෙන නිළියක් කරන්නේ නැති විශේෂ කැප කිරීමක් කළා. ඒ වගේම අපි අතර ප්‍රශ්න ඇති වුණත් ඒවා මතවාදී මිසක් පුද්ගලවාදී නෙවෙයි. ඒත් ඒ දෙන්නා මාව මඟහැරියා. ඒකට හේතු වුණේ මගේ පෞරුෂය ඉහිලීමට තරම් හැකියාවක් ඒ අයට නැති වීම.

ඔබ සමාජයේ ප්‍රසිද්ධ චරිතවලට ටඡ හරහා මඩ ගහන්නේ ඇයි?

‘තනි තටුවෙන් පියාඹන්න’ සහ ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටවල රචකයන් වගේම අධ්‍යක්ෂවරුන් දන්නවා මම ඒ නිර්මාණවලට නිරුවතින් කළ රංගන දායකත්වය ඒ අයට වෙනත් නිළියකගෙන් ඉටු කරගන්න බැරි බව.
මේ අය නිර්මාණ වලින් පෙන්නුම් කරන ගැහැනිය පරපීඩිත කාමයෙන් විඳින දුක්ගැහැට කියන පරමාදර්ශී තේමා පාඨ සීමා වෙන්නේ නිර්මාණයට විතරයි. ඉතින් මේ අයගේ ආකල්ප වල ප්‍රතිවිරෝධයම තමුන්ටම මඩ ගසා ගැනීමක්. අමුතුවෙන් ඔවුන්ට මම හෝ වෙනත් කෙනෙක් මඩ ගහන්න අවශ්‍ය නැහැ.

ඔබ මේ තරම් චෝදනා කරන්නේ ඔබට නිර්මාණයේදී නිසි වටිනාකම නොලැබුණ නිසාද?

විකල්ප ධාරාවේ සිනමා අධ්‍යක්ෂවරු මුල සිටම කරලා තියෙන්නේ මේ පොළොවේ ගැහැනිය සිනමාවේදී විකුණාගෙන කාපු එකයි. ගැහැනිය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා ඇඟවීමත් මේ අයගේ කපටි බිස්නස් එකක්. ඔබ ඔය තරම් අහන නිසා මම කියන්නම් මේ දෙන්නාටම මම විවෘතව අභියෝග කරනවා රූපවාහිනි විවාදයකට එන්න කියලා සිනමාවේ ප්‍රතිනිර්මාණ කළ ගැහැනිය සම්බන්ධව කතා කරන්න.

කොන්දේසි විරහිතව නිරුවත් කළා කිව්වට එය ඔබේ අකැමැත්තෙන් කළ දෙයක් නෙවෙයි නේද?

තනි කැමැත්තෙන් වගේම බලහත්කාරයෙන් තමයි ඒක කරන්නේ. ඔබට ඒක ඔප්පු කරන්න ඕන නම් එන්න ඔබ දර්ශන තලයට. අධ්‍යක්ෂවරු නිළියන්ට කරන අඩන්තේට්ටම් දැක බලා ගන්න. එක අවස්ථාවක මේ මගේ සඳයි චිත්‍රපටයේ දර්ශන තලයේදී රූගත කිරීම් සූදානම් කරලා එක වරම මගේ ළැම කැමරාවට පෙනෙන විදියට මා ඇඳ හිටිය ඇඳුම කැමරාවට සමීප කළා. අවාසනාවට ඔහු මගේ සැමියා. මාත් එක්ක මේ රංගනයට සෞම්‍ය ලියනගේත් හිටියා.

නිර්මාණ වෙනුවෙන් නිරුවත් වීම ගැන ඔබ අද පසුතැවෙනවාද?

නැහැ. පසුතැවෙන්න මම නිර්මාණවල රඟපාන්නේ නැහැ. හොඳට හිතලා බලලයි රඟපාන්නේ. මට තියෙන ප්‍රශ්නේ නළු නිළියන්ගේ වෘත්තීය අයිතිවාසිකම් අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සුරක්ෂිත නොකරන එකයි.

අනෝමා ජිනාදරී මොවුන්ට චෝදනා කරන්න සමාජ මාධ්‍ය යොදා ගන්නේ ඇයි?

මගේ හිතට එන පිරිසුදු අදහස් නිර්භයව කියන්න පුළුවන් ශක්තිය මට තිබුණා. එදා ඒකට මාධ්‍යයෙන් ඉඩක් තිබුණේ නැහැ.නමුත් අද මට ඒ අවස්ථාව තියෙනවා. මට ඒ ඉඩ හදලා දුන්නේ මාර්ක් සකර්බර්ග්. මම උපයාගත් ප්‍රසිද්ධිය, කීර්තිය මෙහේ ඉන්න බෙලහීනයන් උදුරා ගන්නකොට මම ලබන කීර්තිය රැක ගන්න ෆේස්බුක් මාධ්‍ය ජාලය හරහා ඉඩ ලැබෙනවා. ෆේස්බුක් එක මාව අපහරණයට ලක් කරන්නෙත් නැහැ. මගේ දක්ෂතා සූරා කන්නෙත් නැහැ. ඒත් හඳගමත් සංජීවත් මගේ ශ්‍රමය හා නිරුවත සූරා කනවා. මේ මොහොතෙදිත් ඒ අය ප්‍රසිද්ධියේ මුදල් උපයමින් මාව දකින කොට මඟහරිනවා.මම ආපහු මේ දෙන්නට කියනවා මා සමඟ ප්‍රසිද්ධ සංවාදෙකට එන්න කියලා.

අනෝමා ජිනාදරීට පිළිගැනීමක් වටිනාකමක් නොලැබුණේ මේ අයගෙන් විතරද?

ඔව්. මේ අයගේ අනුගාමිකයනුත් මාව යට කරන්න හදන්නේ. ඒත් අනෙක් අය ඒක පිළිගන්නේ නැහැ. මම දක්ෂ නම් ඔවුන් මාව ඔවුන්ගේ නිර්මාණවලට ගනියි.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම පුවත්පතෙන්

 

මේ ආර්ටිකල් එක අතෑරියට පස්සේ මට ලියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. අනික අපි ලියනවට වඩා ජිනාදරීගේ හඩින්ම එන අදහස් වටිනාකමින් වැඩි ජිනාදරී පරිප්පු කාලම මේ යථාර්තය අවබෝධ කරගත් කෙනෙක් නිසයි. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ අනෝමට යථාර්තෙ අවබෝධ වෙනකොට කෝච්චිය ඇග උඩින්ම ගිහින් අහවර වෙලා නිසයි.

 

 

 

 

The post අනෝමා ජිනාදරීට යථාර්තය අවබෝධ වන විට කෝච්චිය ගිහින්! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16765
දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකාවේ බෞද්ධ කිතුණු බේධයක් ඇතිකිරීමට අන්තවාදීන් දැරූ තැත වරදී! http://www.anvermanatunga.net/2017/03/14/dehiwala-presbyterian-girls-sinhala/ http://www.anvermanatunga.net/2017/03/14/dehiwala-presbyterian-girls-sinhala/#comments Tue, 14 Mar 2017 09:34:30 +0000 http://www.anvermanatunga.net/?p=16762 දෙහිවල පිහිටි ප්‍රෙස්බිටිරියන් ජාතික පාසලේ 11 වන වසරේ ඉගෙනුම ලබන බෞද්ධ සිසුවියක් ලවා පාසලේ විදුහල්පතිනිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට දෙහිවල... Read More »

The post දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකාවේ බෞද්ධ කිතුණු බේධයක් ඇතිකිරීමට අන්තවාදීන් දැරූ තැත වරදී! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
දෙහිවල පිහිටි ප්‍රෙස්බිටිරියන් ජාතික පාසලේ 11 වන වසරේ ඉගෙනුම ලබන බෞද්ධ සිසුවියක් ලවා පාසලේ විදුහල්පතිනිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට දෙහිවල අන්තවාදී ආගමික කල්ලියක් උත්සාහ දරා තිබෙනවා. මෙම පැමිණිල්ල නම් පාසැලේ සිසුවියන් 9 දෙනෙකු “යොහෝවාගේ සාක්ෂිකරුවෝ” නම් වූ ක්‍රිස්තියානි කංඩායමක් කිතුණු බවට පත්කර ඇති බවටයි. එම සිසුවිය පවසා තිබුණේ තමන්ටද මෙම ආගමට පැමිණෙන ලෙස බලකළ බවයි.

මේ සම්බන්ධව ඇය චෝදනා කොට තිබුණේද පාසලේ සිසුවියකගේ මවක් වෙතයි. අදාළ මව පළමුව එක් ශිෂ්‍යාවක් “යොහෝවාගේ” කණ්ඩායම වෙත බදවාගන ඇති බවත් පසුව ක්‍රම ක්‍රමයෙන් ශිෂ්‍යාවන් 9 දෙනෙකු බෞද්ධත්වයෙන් ඈත්කොට භික්ෂුන් වහන්සේලාට පරුෂ වචනයෙන් අමතන තත්වය දක්වා වෙනස්කිරීමට මානසිකව බලපෑම් එල්ල කර ඇති බවත් එම චෝදනාවේ සදහන්. නමුත් එම චෝදනා වලට ලක්වු සිසුවියන් 9 දෙනාම පවසන්නේ එවැනි දෙයක් සිදු නොවු බවත් මෙම චෝදනා කරන සිසුවිය බොරු ගොතා කියන බවත්ය.

 

එහෙත් පාසැලේ විදුහල්පතිතුමිය මෙම චෝදනාව බොරු එකක් බව වටහා ගෙන ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට තීරණය කිරීම නිසා අදාල චෝදනාව ඉවත දැමුණි. දැන් එම සිසුවියගේ දෙමාපියන් ඇතුළු අන්තවාදීන් උත්සාහ දරන්නේ අන්තර්ජාලයේ අන්තවාදී වෙබ්අඩවි හරහා පාසලට මඩ ප්‍රචාරයක් දියක් කිරීමටයි.

 

The post දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකාවේ බෞද්ධ කිතුණු බේධයක් ඇතිකිරීමට අන්තවාදීන් දැරූ තැත වරදී! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
http://www.anvermanatunga.net/2017/03/14/dehiwala-presbyterian-girls-sinhala/feed/ 1 16762
තම රූමත් බිරිද නිරුවත් කර පොරවෙන් කොටලා..! http://www.anvermanatunga.net/2017/03/07/neked-wife-sinhala/ http://www.anvermanatunga.net/2017/03/07/neked-wife-sinhala/#comments Tue, 07 Mar 2017 00:28:46 +0000 http://www.anvermanatunga.net/?p=16758 පසුගිය සතියේ එක්තතරා පුවතක් මට වාර්තා විය. මෙය ඇත්තටම ලංකාව වැනි ශිෂ්ඨ රටක නොසිදුවිය යුතු සිදුවීමක් වුවද මාධ්‍ය මගින් එතරම්... Read More »

The post තම රූමත් බිරිද නිරුවත් කර පොරවෙන් කොටලා..! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
පසුගිය සතියේ එක්තතරා පුවතක් මට වාර්තා විය. මෙය ඇත්තටම ලංකාව වැනි ශිෂ්ඨ රටක නොසිදුවිය යුතු සිදුවීමක් වුවද මාධ්‍ය මගින් එතරම් අවධානයක් ලබා නොදුන්නේ මේ පුවත වටා කිසිදු මුස්ලිම් කෙනෙකු ගෑවී නොමැති හෙයින් විය හැක. එම පුවතෙහි සටහන් වුයේ රූමත් බිරියගේ දුරකථනයට පැමිණි ඇමැතුම් දෙකක් සම්බන්ධයෙන් සැක සිතු සැමියෙකු ඇය නිරුවත් කර කෙස්වැටියද කපාදමා පහර දී පොරොවෙන්ද කොටා තුවාල කිරීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවයි.

වෘත්තියෙන් පෙදරරේරුවෙකු වූ ගම්පොල රන්මල්කඩුවල පදිංචි 51 හැවිරිදි අදාල සැමියා මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත. අදාල පුද්ගලයා පවසන්නේ බිරිදගෙන් දික්කසාදය ඉල්ලූවද එය නොදුන් බවයි.

කාන්තාවක බලෙන් නිරුවත් කිරීම සහ ඇයට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධව සමාජය තුල කතාබහක් ඇතිවිය යුතු නමුදු මෙම පුවතෙහි පුවත් වටිනාකමක් නැති නිසා යට ගැසුනි. ඇත්තෙන්ම පුවත් වටිනාකම එන්නට නම් අද එයට මුස්ලිම් කිසිවෙකු හෝ ගෑවී තිබිය යුතුය. අදාල සැමියා මුස්ලිම් එකෙක් නම් අද එම කාන්තාවට දැඩි ප්‍රසිද්ධියක්ද සමග තමන්ට සාධාරණය ඉෂ්ඨ සිද්ධ කරගැනීමට ඉඩ තිබුණි.

The post තම රූමත් බිරිද නිරුවත් කර පොරවෙන් කොටලා..! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
http://www.anvermanatunga.net/2017/03/07/neked-wife-sinhala/feed/ 4 16758
නැගී එන ජාතිවාදී ව්‍යාපාරයේ අක්මුල්! රංජිත් හේනායකආරච්චිගේ ලිපියක් http://www.anvermanatunga.net/2017/03/02/ranjith-henayakaarchchi-article-1/ Wed, 01 Mar 2017 23:09:17 +0000 http://www.anvermanatunga.net/?p=16755 ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සමග ලොව පුරා ජාතිකවාදීන් තුළ උද්දාමයක් ඇති වී තිබේ. තැන තැන රඟන පුංචි පුංචි ආඥාදායකයන් තමන්ගේ වපසරියට... Read More »

The post නැගී එන ජාතිවාදී ව්‍යාපාරයේ අක්මුල්! රංජිත් හේනායකආරච්චිගේ ලිපියක් appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සමග ලොව පුරා ජාතිකවාදීන් තුළ උද්දාමයක් ඇති වී තිබේ. තැන තැන රඟන පුංචි පුංචි ආඥාදායකයන් තමන්ගේ වපසරියට අනුව තම ජයග්‍රාහණයන් ගැන ලෝක පිම්මක සිහින මවමින් සිටිනු පෙනේ.

ලංකාවේදී නව ජාතිකවාදය නියෝජනය කරන සිහළ උරුමය මෙන්ම ප්‍රංශයේදී නව ජාතිකවාදයේ එහි නියෝජිතයන් වන ‘ජාතික පෙරමුණ’ වැනි ලොව පුරා ලොකු කුඩා නව ජාතිකවාදී කණ්ඩායම් අමරිකාවේ ට්‍රම්ප්ගේ මෙන්ම එංගලන්තයේ බ්‍රෙක්සිට් ජය තමන්ගේ ජයක් ලෙස ගනිමින් උදම් අනිති. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන උදම් අනන හෙළ උරුමයේ නායකයන් වන චම්පික රණවකලා ඊළඟට තමන්ගේ නව සිංහල ජාතිකවාදී වැඩපිළිවෙළ ජයග්‍රහණය කළ හැකි යැයි සිහින දකින බව ඔවුන්ගේ ප්‍රකාශයන් තුලින් පෙන්නුම් කරයි. මේ ආකාරයෙන්ම මාරීන් ලෝ ෆෙන්ලා ප්‍රංශයේදීත්, ජර්මනියෙන් කුඩා කණ්ඩායමක් වන ෆවුකි ෆෙට්රි ලා වැනි කොටස් යුරෝපය පුරා රටින් රට දැකිය හැක.
මෙම ජාතිකවාදීන් තමන් සුපිරිසිදු ජාතිකවාදීන් ලෙස පෙනී සිටියා වුවත් ඔවුන්ගේ සංයුතීන් දෙස තිරය පිටුපසට විමසුම් ඇස් යොමුකළ විට පෙනෙන සාධක විමසා බැලිය යුතුය. ඒ ඒ රටට අනුව මොවුන් ගේ සංකලණයන් සහ සංයුතීන්හි විවිධත්වයක් ඇතත් මෙම සෑම ජාතිකවාදයකටම පොදු ගුණාකාරයක් තිබෙන බව දැකිය හැක.

මෙම සෑම නව ජාතිකවාදයකම ප්‍රධාන පොදු උපක්‍රමය වන්නේ සමාජය මත විශාල බියක් ජනිත කරවීමයි. එය රටින් රටට වෙනස් කරුණු පදනම් කර ගත්තා වුවත් බිය ජනිත කරවීම මූලික උපක්‍රමයයි. යුරෝපයේ ඇමරිකාවේ වැනි තැන්වල මුස්ලිම් විරෝධය, සංක්‍රමණිකයන්ට එරෙහිවීම, ත්‍රස්තවාදය ගැන බිය ජනිත කරවීම වැනි කාරණා මුල්කර ගන්නා අතර ලංකාව වැනි තැනක  බටහිර බිල්ලා, කොටි ත්‍රස්තවාදය ආදී කාරණා පෙන්වති. ඊළඟ කාරණය වන්නේ ඔවුන් තම තමනට රිසි අයුරින් බොරු ගණන් හිලව් සංඛ්‍යාලේඛණ දත්තයන් ඉදිරිපත් කිරීමයි. බොහෝ විට ඔවුන් තමන්ට රුචි අයුරින් එම දත්තයන් මවා පායි. බොහෝ විට ඒවා ප්‍රශ්නකිරීමකට ලක්කිරීමට පවා ඉඩ නොදෙනු ලබයි.මේ තත්වය හැදින්වෙන්නේ පශ්චාත් සාධක සමාජය ( Post truth = Post fact) ලෙසයි. පශ්චාත් සාධක සමාජය යනු සත්‍ය කරුණු මුල් කර ගෙන සිතීම වෙනුවට සත්‍යයෙන් තොර මෙන්ම හැගීම් මුල්කර ගත් ජනප්‍රිය කියමන් මත පිහිටා සිතීම සහ ක්‍රියාකිරීමයි. නවීන ලෝකය තුල ඇති ආර්ථික හා සමාජීය ප්‍රශ්න විසදීමට තමන්ට මොහොතකින් හැකි බව පවසන මොවුන් ඒ ප්‍රශ්න ඔවුන් විසදන ආකාරය කිසි තැනක පැහැදිලි ඉදිරිපත් කිරීමක් නොකරනු ලබයි. ඔවුන් සෑම තැනකම එයට දෙන පොදු විසදුම ජාත්‍යන්තර වාදයෙන් මිදි ජාතික රාමුව තුල රට කොටු කිරීම ලෙස පවසයි. (මෙය වෙනම සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකි)

මේ සමඟ මෙතෙක් ප්‍රභූ පාලක පන්ති මෙම ප්‍රශ්න නොවිසදූ බව පවසන මොවුන් ඒ ප්‍රභූ පන්තීන්වලට මේ ප්‍රශ්න විසදීමට සැබෑ වුවමනාවක් මෙන්ම නොහැකියාවක්ද ඇති බව පවසති. ( මෙම කාරණය තුල සත්‍ය ගැබ් වී තිබේ) මෙම ප්‍රභූන් අතින් ජාතික වාදීන් වන ඔවුන් අතට බලය මාරු කළ යුතු බව පවසන අතර සැබෑ අර්බුදයට හේතු හෙලිදරව් කිරීමෙන් වැලකි සිටිති. ඒවාගේම ප්‍රභූ පන්තීන් මෙම ප්‍රශ්න නොවිසදූ බව පවසන ට්‍රම්ප්ලා, බොරිස් ජොන්සන්ලා, මාරීන් ලෝ ෆෙන්ලා මෙම පාලක පන්තියටත් ඉහලින් සිටින ප්‍රභූන් බව කිසි විටෙක ඉදිරිපත් නොවේ.
ඒවාගේම මේ සෑම තැනකටම පොදු තවත් කාරණයක් වන්නේ මෙම නව ජාතිකවාදීන් අතීතකාමය තුලට සමාජය ඇද දැමීමයි. පෙරදින තිබූ සුපිරි ජීවන තත්වයන් ගැන පුන පුනා පවසන මොවුන් නැවත ඒ සුපිරි බවට ජනතාව ගෙන යන බව සපථ කරයි. එසේ කරන ආකාරය ප්‍රශ්න කිරීම වැලැක්වීමට එම ප්‍රශ්න කිරීම්වලට බාධා කිරීමට කණ්ඩායම්ක මොවුන් සමග නිරන්තරයෙන් ගමන් කරයි.

ඒවගේම මෙම නව ජාතිකවාදීන් ගෙනහැර පෑමට උත්සාහ කරනු ලබන්නේ තමන් මේ ඉදිරිපත් කරනු ලබන්නේ අලුත්ම ලෝක දර්ශණයක් බවයි. නමුත් එහි සැබෑව නම් ජාතිකවාදය, වර්ගවාදය ආගම් වාදය ආදී මේ පටු දැක්මන් අලුත් දේ නොව මිනිස් සංහතිය ආරම්භයේ සිට ගෝත්‍ර, ජාති, කුල ආගම් ආදී විවිධ ආකාරයෙන් අද දක්වාම ලෝකය තුල තැන තැන පැවතුන බවයි. 19 වන සියවස අග භාගයේ 20 වන සිය වසේ මුල් කාර්තු තුන දක්වාමත් ජාතික වාදය ලෝක දේශපාලනය තුල ප්‍රධාන බලවේගයක්ව පැවතිණි. ජාතික රාජ්‍ය බිහිවීම, ජාතික රාජ්‍යන් තම බලය තහවුරු කිරීම, 19 වන සියවස 20 සියවස්වල පැහැදිලි දේශපාලන ලක්ෂණයන්ය.

ජාතිකවාදය ජාතිවාදය දක්වා පටු වූ සෑම තැනකදීම එහි අනිවාර්ය ප්‍රතිඵලය ලෙස යුද්ධය නිර්මාණය වේ. මිනිස් ජීවිත මිලියන ගණනින් බිලිගත් පලමු වැනි සහ දෙවැනි ලෝක යුද්ධ ජාතිකවාදයේ ප්‍රතිඵලයන්ය. ප්‍රංශ ජනාධිපතිව සිටි ප්‍රංශුවා මිතරන් ‘ජාතිකවාදය යනු යුද්ධයයි’ 1995 දී ජාතිකවාදය නැවත මතුවීම පිළිබඳව කතා කරමින් අනතුරු ඇඟවීය.

නව ජාතිකවාදී කණ්ඩායම් අලුත් ගැම්ම ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තුලින් ලබමින් යුරෝපයේ නව ජාතිකවාදීන් නැවත බලයට ගෙන ඒමට මහත් පරිශ්‍රමයක් මේ අවධියේදී දරණ් පෙනේ. නෙදර්ලන්තයේ දී විල්ඩර්ස්ලාගේ ජයග්‍රහණයක් ගැන සිහින මවන මොවුන් ප්‍රංශයේදී මාරීන් ලෝ ෆෙන්ලා ජය ගනු ඇතැයි සිතති. ලංකාවේ චම්පික රණවක තම කතාවෙන් කියා සිටියේ ඔවුන් එදා අනූගණන්වල කියූ ආකාරයෙන් දැන් ලෝකය ජාතිකවාදය වෙත ගමන් කරමින් තිබෙන බවයි. ඒ ලංකාවේ පුංචි ආඥාදායකයන් ද ඇමරිකාවේ අති දක්ෂිණාංශික ජාතිකවාදීන්ගේ ජයග්‍රහණයෙන් උද්දාමය ලබා ඇති අයුරුයි. එහිදී චම්පික ඉදිරිපක් කරන්නේ ගෝලීයකරණය අවසාන වී ඇති බවත් ජාතිකවාදය ප්‍රශ්න විසදීමේ මාර්ගය ලෙස ඉදිරියට එන බවත්ය. මෙම කියමන නිවැරදිද? ගෝලීයකරණය අවසානයට ලගා වී තිබේද? ජාතිකවාදය තුලින් අද ලෝකයේ පවතින සංකීර්ණ ආර්ථික දේශපාලන ප්‍රශ්නවලට විසදුම් සෙවිය හැකිද? එමෙන්ම එම ජාතිකවාදයේ ජයග්‍රහණය ලොව මෙතකේ නොතිබූ අලුත් තත්වයක් උදාකර තිබේද?

ගෝලීයකරණය යනු වසර සිය ගණනක් නැතිනම් දහස් ගණනක් තිස්සේ ලෝකයේ සිදුවෙමින් පැවති ක්‍රියාදාමයකි. මිනිස් සංහතියේ දියුණුවද ඒ තුලම සිදුවී තිබේ. එක සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට ලබන ආභාෂයන් සහ හුවමාරු ලෝකය දියුණු පොහොසත් එකක් බවට පත් කිරීමට ඉවහල් වුණි. මහින්දා ගමනය මෙන්ම අරාබි වෙළෙදුන් පමණක් නොව යුරෝපීය ආක්‍රමණිකයන්ද අපටත් බොහෝ දේ දායද කළ බව අපි දනිමු. මාකෝ ෆෝලෝ ගේ චාරිකාව තුලින් යුරෝපයේ දියුණුවට ඉවහල් වන කඩදාසි, වෙඩි බෙහෙත්, නූඩ්ල්ස් ආදී බොහෝ දේ පෙරදිගින් ඔවුනට ලැබුණි. කොලොම්බස්ලා දකුණු ඇමරිකා ගමනේ දී රන් මැණික් පමණක් නොව තක්කාලි, අර්තාපල් මෙන්ම බඩඉරිඟු වැනි තවත් ආහාර වර්ගද යුරෝපීය සංස්කෘතියට එක් කරනු ලැබීය. වසර දහස් ගණනකට උඩදී පවා ග්‍රීක් දර්ශණය සහ ඉන්දීය දර්ශණ අතර හුවමාරු තිබූ බව ප්‍රකට කරුණය. මෙසේ මිනිස් සංහතියේ දියුණුවට ගෝලීය සබඳතා එදා සිට අද දක්වාම හේතු වී තිබුණි.

වසර දහස් ගණනක් හිමින් ගමන් කළ ලෝක සබඳතා කාර්මික දියුණුව සහ ධනේෂ්වර දියුණුව තුල වේගවත් වූ අතර එක්දහස් නමසිය හැත්තෑ ගණන්වල සිට නව නිදහස්වාදී ගෝලීයකරණය, නැතිනම් නව ලිබරල්වාදයේ ආධිපත්‍ය ලෙස සිදු කරනු ලබන ගෝලීයකරණ ක්‍රියාදාමය මිනිස් සංහතියට යහපත් දේ මෙන්ම විශාල අගතීන්ද හිමිකරමින් පවතී. එසේම නව ලිබරල්වාදී ආර්ථික ක්‍රියාදාමය ලෝකය මත නපුරු ආක්‍රමණකාරී ආකාරයකින් පැතිර වූ අතර එය ගෝලීයකරණයට ටෝබෝ යන්ත්‍රයක් සවිකලාක් මෙන් වේගවත්ව පැතිවරවනු ලැබීය. අද වන විට යුරෝපය පුරාත් ඇමරිකාවේත් මෙම නවලිබරල් ව්‍යාප්තවාදයට එරෙහිව විරෝධය පලවෙමින් පවතී. මෙම නව ලිබරල්වාදය විසින් ලෝකයේ සම්පත් නැත්නම් ධනය එක්තරා සුළු පිරිසක් අතට පත්කරන අතර දියුණු ධනපති රටවල ‘වැඩ කරන දුප්පතුන්ගේ ‘ (Working poor) සමාජයක් බිහි කරනු ලබයි. මෙම නව ලිබරල්වාදය විසින් පැරණි ධනවාදී රටවල ලිබරල්වාදය විසින් වැඩකරන ජනයා දිනාගෙන තිබූ සමාජයමය අයිතීන් එකින් එක දිනෙන් දින කප්පාදු කරනු ලැබීය. හැට ගණන් අග හැත්තෑ ගණන්වල මුල මෙය ඇරඹෙන විට එහි පසුකාලීන අයථා විපාක එදා දැක ගැනීමට ධනපති ආර්ථික විද්‍යාඥයන් මැලි විය.
එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් රටවල් මත පටවන ආර්ථික වැඩ පිළිවෙල වන මෙම නව නිදහස්වාදය අද අර්බුදයේ හේතු කාරකයායි. ප්‍රාග් ධනයට නිදහසේ හැසිරීමට ඉඩ හැරීම එනම් ලාභ උපරිම කිරීමට තිබූ සියළු බාධා (නීති) ඉවත් කිරීම, රජය සියළුම ආර්ථික කාර්යන්ගෙන් ඉවත්ව නිෂ්පාදනය සහ වෙළදාම පුද්ගලිකකරණයට යටත් කිරීම, සමාජ සුභ සාධනයන් කපා හැර රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලිකකරණයට හසු කිරීම, වැනි නවලිබරල්වාදී නීති පද්ධතියකට ලෝකයේ රටවල් හසු කරනු ලැබුණි. ලිබරල්වාදය විසින් දිගු කලක් තිස්සේ ධනවාදී රාජ්‍යන් තුළ සමාජ යහපත සඳහා දිනාගෙන තිබූ යම් යම් අයිතීන් සහ ආරක්ෂක නීති පද්ධතීන් ලාභය පමණක් උපරිම කිරීමේ නව ලිබරල්වාදය විසින් එකින් එක බිද හෙලනු ලැබීය.

මෙම ක්‍රියාවලියට මූලික මග පෙන්වීම සිදු වන්නේ හැට ගණන්වල අග භාගයේ ලෝක බැංකු ප්‍රතිපත්ති තුලිනි. එවකට ලෝක බැංකු අධිපති වූ රොබට් මැක්නමාරා සහ ඔහුගේ අනුගාමික ආර්ථික විශේෂඥයන්ගේ මග පෙන්වීම මෙම නව ලිබරල් නැම්ම ලෝකය තුල ඇති කරනු ලබයි. ඒ නව ලිබරල් නැතිනම් කොන්සවේටිව් දේශපාලනය ලෝකය පුරා ප්‍රචලිත කිරීමේ දේශපාලන නායකයන් වන්නේ රෝනල්ඩ් රේගන් සහ මාග්‍රට් තැචර්ය. එදා රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශකයා වන්නේ මෙම බද්දෙන් නිදහස් ආර්ථිකයක් ගැන දේශනා කළ ආතර් ලැෆර් වැනි ආර්ථික විද්‍යාඥයන්ය. මෙම නව ලිබරල් ආර්ථික දේශපාලනය ලෝකය පුරා විශාල වේගයකින් ගමන් කරන අතර ලොව සෑම අස්සක් මුල්ලක්ම වෙළඳ පොළ ආර්ථිකයක ඈදා ගනු ලබයි. එයින් යහපත් දේද සිදුවන නමුත් එතුලින් සිදුවන වඩාත් අයහපත් ප්‍රතිඵලය වන්නේ විශාල ලෙස පැතිරුණු වැඩකරන දුප්පතුන්ගේ සමාජ පන්තියක් බිහිවීමයි. (1998 දී මවිසින් ලියන ලද ‘නව නිදහස්වාදය තුළ ජගත්කරණය’ නම් කෘතියේ එදා තත්වය අනුව නව ලිබරල්වාදයේ ආධිපත්‍ය පැතිරෙන ආකාරය එතුලින් ගෙන දෙන ප්‍රතිඵල මවිසින් විස්තර කරනු ලැබීය)

අද තත්වය නම් නව ලිබරල්වාදයේ ආනිසන්ස වැඩියෙන්ම විදින රටවල් බවට පත්වී ඇත්තේ දියුණු ධනපති රටවල් අතරින් වැඩියෙන්ම නව නිබරල්වාදයට නතු කළ රටවල්ය. රොනල්ඩ් රේගන් සහ මාග්‍රට් තැචර් ඇමරිකා එක්සත්ජනපදය හා එංගලන්තය තුල නව ලිබරල් ප්‍රතිපත්ති පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබීය. ඒවායින් කෙටි කාලීන වාසි ලැබුවා වුවත් දිගු කාලීනව ඇති නැති පරතරය විශාල කර පැතුරුණු වැඩ කරන ජනයාගේ ජීවිත ප්‍රපාතයට ඇද දමා ඇත. වෘත්තීය සමිති මර්දනය කර වෘත්තීය අරගල කර වැඩ කරන පන්තීන් දිනා සිටි අයිතීන්, කප්පාදු කරනු ලැබූ අතර නව ලිබරල් ආර්ථික දේශපාලනය තුල ඔවුන්ව අසරණ කරනු ලැබීය. එහි අවසාන ප්‍රතිඵලය අද වන විට බ්‍රෙක්සිට් සහ ට්‍රම්ප්ගේ ජයග්‍රහණයන් තුලින් පෙන්නුම් කරමින් පවතී.

 

 

 

The post නැගී එන ජාතිවාදී ව්‍යාපාරයේ අක්මුල්! රංජිත් හේනායකආරච්චිගේ ලිපියක් appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16755
ට්‍රම්පච්චිට නිව්ස් ටැපලිලා වෙච්චි සං‍ගෙදිය! http://www.anvermanatunga.net/2017/02/21/trumpachchi-news-confuse-sinhala/ Tue, 21 Feb 2017 00:26:23 +0000 http://www.anvermanatunga.net/?p=16748 ලංකාව ආසියාවේ ආශ්චර්ය කොරන්න ගිහින් කෙලව ගත්තු අපේ අප්පච්චි වගේමයි ඇමරිකා ග්‍රේට් අගේන් කරන්න ගිය ට්‍රම්පච්චිගේ වැඩත්. ට්‍රම්පච්චි නිසා ග්‍රේට්... Read More »

The post ට්‍රම්පච්චිට නිව්ස් ටැපලිලා වෙච්චි සං‍ගෙදිය! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
ලංකාව ආසියාවේ ආශ්චර්ය කොරන්න ගිහින් කෙලව ගත්තු අපේ අප්පච්චි වගේමයි ඇමරිකා ග්‍රේට් අගේන් කරන්න ගිය ට්‍රම්පච්චිගේ වැඩත්. ට්‍රම්පච්චි නිසා ග්‍රේට් කෙසේ වෙතත් ඇමරිකා වර්ස් අගේන් වෙයි කියලා තමයි විචාරකයන් කියන්නේ. මේ අව් අස්සේ ට්‍රම්පච්චි ලෝකේ සිද්ධවෙන දේවල් වලට හොට දාන්න ගිහින් ඒවයිනුත් නාගන්නවා. මේ ලගදිත් ඔහොම සිද්ධියක් වුණා.

පසුගියදා ට්‍රම්පච්චි තමන්ට හුරේ දාන ජනතාවක් ඉස්සරහ මේ වගේ කතාවක් කළා. මම ඕක කිව්වා. ඔය මුස්ලිම් ජිහාඩිස්ට්ලා දාස් ගණනින් රටට ගන්ඩ එපා කියල මම ස්වීඩ්න් රජයට අවවාද කලා. කොහෙද ඒ ගොල්ලො මාව ජෝක් එකකට ගත්තනෙ. මං වගේ යමක් කම් දන්න කියන යමක් කමක් තියෙන කෙනෙක් දෙයක් කිව්වහම ඒකට සවන් දුන්නා නම් අද රෑ මේ විනාශෙ සිද්ධ වෙන්නෑ. ඕක දන්න නිසා තමයි මම අපේ රටේ මුස්ලිම් ට්‍රැවල් බෑන් එක දැම්මෙ. අපේ අධිකරණයේ ජාති ද්‍රෝහියො දේශ ද්‍රෝහියො ඒකට ඉඩ දෙන්නෑ. ස්වීඩනයේ වගේම හෙට අනිද්දා අපේ රටේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇතිවෙන එක ෂුවර් කියලා ට්‍රම්ප් කියද්දී අපේ අප්පච්චිට හුරේ දාපු සෙට් එක වගේමයි. ට්‍රම්ප්පච්චි ගාවත්. උන්ටත් ට්‍රම්ප්පච්චිව සීයට දෙසීයක්ම ෂුවර් නිසා හුරේ දැම්මා. ඇත්තටම මුං එකෙක්වත් පත්තර බලන උන් නෙමෙයිද අප්පා!

ට්‍රම්ප්පච්චි මෙහෙම තමන්ගේ මැටි මෝල් ජනතාව ඇන්දෙව්වෙ 2020 ජනාධිපතිවරණය වෙනුවෙන් කියල තිබ්බ ෆ්ලොරීඩාව පළමු රැලිය අමතමින්. ට්‍රම්ප්පච්චි හිතාන ඉන්නේ 2020 දී ඇමරිකානු ජනතාව ගොන් වැඩ කරයි කියලයි. ඒක ගැන කතාකරන්න තවම කල් වැඩියි. නමුත් ඇමරිකාවේ ගොඩක් මිනිස්සු කියා සිටින්නේ මූට පිස්සුද එහෙම නැත්තන් අපට පිස්සුද?  කියලයි.

කොහොම වුනත් ට්‍රම්ප්පච්චිගේ කතාවෙන් අන්දමන් වෙච්චි ස්වීඩන පාලනය ඇහුවේ ‘කොහෙද අපේ රටේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිද්ධ වුනේ? කියලයි. ස්වීඩනයේ හිටපු අගමැති කාල් බ්ලයිට් ට්විටර් පණිවිඩයක් නිකුත් කරල ට්‍රම්ප්පච්චිගෙන් ඇහුවෙ ස්වීඩනයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුවුනේ කවදාද? කියලයි.

ට්‍රම්ප්පච්චි ඒකට උත්තර දුන්නෙ පස්සෙන්දා. ඔහු කියා හිටියෙ ‘මම ඒක දැක්කෙ ඇමරිකාවෙ ෆොක්ස් රූපවාහිනියෙන්. ඒකනෙ මං කියන්නෙ මේ සේරම ජනමාධ්‍ය කාරයො Fake News කාරයො කියල. ඒක නිසා උන් කියන ඒවා ගණන් ගන්න එපා. මම කියන එක විතරක් විශ්වාස කරන්න’ කියල මෙසෙජ් එකක් දාලා ට්‍රම්ප්පච්චි ලිස්සලා ගියා.

කොහොම උනත් අපේ අප්පච්චි ඉන්න කාලේ මාධ්‍ය ටික ඔක්කොම එයාට කැරකුණා වගේ ඇමරිකාවෙ එහෙම සිද්ධ වෙන්නෙ නැහැ. මේ හින්ද ටම්ප්පච්චිට ඇමරිකාවේ ලේසි වෙන එකක් නම් නැහැ.

https://m.facebook.com/story.php?story_fbid=1435781209848262&id=346937065399354

 

The post ට්‍රම්පච්චිට නිව්ස් ටැපලිලා වෙච්චි සං‍ගෙදිය! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16748
පන්හිද නැවතත් අසිපත කරගැනීමට කාලයයි! http://www.anvermanatunga.net/2017/02/19/pen-is-my-swordsinhala/ http://www.anvermanatunga.net/2017/02/19/pen-is-my-swordsinhala/#comments Sun, 19 Feb 2017 00:31:00 +0000 http://www.anvermanatunga.net/?p=16745 අන්වර් මනතුංග දීර්ඝ කාලයක් නිහඩව සිට නැවත ලියන්නට පටන් ගන්නට සිතුවා. මා නැවත පෑන අතට ගැනීමට හේතුව නම් සමහර මතවාදීව... Read More »

The post පන්හිද නැවතත් අසිපත කරගැනීමට කාලයයි! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
අන්වර් මනතුංග දීර්ඝ කාලයක් නිහඩව සිට නැවත ලියන්නට පටන් ගන්නට සිතුවා. මා නැවත පෑන අතට ගැනීමට හේතුව නම් සමහර මතවාදීව පරාජය කළයුතු කරුණු සදහා ප්‍රබලම අවිය පෑන බව මම අත්දැකීමෙන්ම වටහාගෙන තිබෙන නිසයි. කෙසේ නමුත් මා මෙවර බ්ලොග් ලිවීමට වඩා ප්‍රමුඛතාවය දෙන්නට අදහස් කරන්නේ පොත් ලිවීමටයි. ඒ අතර අතරින් පතර මෙම බ්ලොගය තුලත් සටහනක් දෙකක් තැබීමට උත්සාහ දරමි.

මෙම බ්ලොගය ඇරඹූ කාලයේ සිට මේ දක්වා කාලපරාසය ගෙන බලන කල සමාජය ඉතාමත් ඉක්මණින් වෙනස් වේගෙන යන බව පැහැදිලිය. ඇත්තනේම මේ මිනිස්සු කියවීමෙන් බැහැර වෙලා නැරඹීම කෙරෙහි නැඹුරුතාවයක් දක්වන යුගයකි. මේ නිසා මේ යුගයේ වඩාත්ම යෝග්‍ය මාධ්‍යය නම් ශ්‍රව්‍ය දෘෂ්‍ය එනම් වීඩියෝ මාධ්‍යයි. මේ නිසා මම ෆේස්බුක් හරහා වීඩියෝ ඉදිරිපත් කිරීම දිගටම කිරීමට බලාපොරොත්තු වෙමි. නමුත් පොතපත කියවා බුද්ධිය වර්ධනය කරගන්නට වෙහෙසෙන දියුණු මනස් සහිත පුද්ගලයන් අපගේ සමාජයේ නැත්තාම නොවෙති. පෑන අසිපතක් කරගැන්මට අදහස් කලේ ඔවුන් උදෙසාය. ඇත්තෙන්ම මතවාදී අරගලයේ ගාමක බලවේගය ඔවුන්ය. අන්තවාදීන්ට හසුරුවාගත නොහැකි වී තිබෙන්නේද ඔවුන්ය. මන්ද ඔවුන් බුද්ධිමත්ය. නමුත් ඔවුන්ගේ විචාර බුද්ධිය පුබුදුවාලන්නට නම් අපි කරුණු ඉදිරිපත් කළ යුතුය. අපි සත්‍ය කරුණු ඔවුන්වෙත නොදෙන්නේ නම් ඔවුන්ගේ මතවාදය පක්ෂග්‍රාහී වීම වැලැක්විය නොහැක.

කෙසේ නමුත් අතීතය සමග සසදා බලන කල වර්තමානයේ අපට තිබෙන ප්‍රතිරෝධය ඉතා සුළුය. අද කෑ කෝ ගහන්නේ කිරිකජු ඇම්බැට්ටයන් කිහිප දෙනෙකි. ඔවුන් වටා සිටින රොත්තම හරසුන් ෆැන්ටසියක අතරමංවු අත්දැකීම් රහිත ගැටවු ගැටිස්සියන් පිරිසකි. අපගේ ඉලක්කය ඔවුන් නොවේ. ඔවුන් සමාජ අත්දැකීම් ලබන කල ඉන් මිදෙනු ඇත. නමුත් බහුතර සමාජය සත්‍යයෙන් පෝෂණය කිරීම කලයුතුම කරුණකි. ඒ සදහා ඔබ සැම මා සමග නැවතත් අත්වැල් බැදගනු ඇතැයි විශ්වාස කරමි.

 

The post පන්හිද නැවතත් අසිපත කරගැනීමට කාලයයි! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
http://www.anvermanatunga.net/2017/02/19/pen-is-my-swordsinhala/feed/ 4 16745
අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට ෆේස්බුක් සමාගමට පැමිණිලි! http://www.anvermanatunga.net/2016/12/21/complaints-social-network-to-prevent-false-rumors-sinhala/ http://www.anvermanatunga.net/2016/12/21/complaints-social-network-to-prevent-false-rumors-sinhala/#comments Wed, 21 Dec 2016 06:30:53 +0000 http://www.anvermanatunga.net/?p=16740 ජාතීන් අතර ගැටුම් ඇතිකරන අසත්‍ය ප්‍රචාර ප්‍රසිද්ධ කරන ෆේස්බුක් ප්‍රවෘත්ති වැළැක්වීම සඳහා ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමට පැමිණිලි කිරීමට රජය තීරණය... Read More »

The post අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට ෆේස්බුක් සමාගමට පැමිණිලි! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
ජාතීන් අතර ගැටුම් ඇතිකරන අසත්‍ය ප්‍රචාර ප්‍රසිද්ධ කරන ෆේස්බුක් ප්‍රවෘත්ති වැළැක්වීම සඳහා ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමට පැමිණිලි කිරීමට රජය තීරණය කර ඇත.

රට තුළ ගොඩනගන සංහිඳියා වැඩපිළිවෙළට බාධා කරන සහ ජනතාව අතරට අසත්‍ය පුවත් රැගෙන යන සමාජජාල වෙබ් අඩවිවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය මේ වන විටත් පියවර ගෙන ඇත. මෙවැනි අසත්‍ය ප්‍රචාර වැඩි වශයෙන් ප්‍රචාරය කරන්නේ ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ බව රජය මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒ නිසා ෆේස්බුක් සමාජ ජාලයට එවැනි අසත්‍ය තොරතුරු මුදාහරින සහ ජාතීන් අතර ගැටුම් ඇතිකරවන ආකාරයෙන් අදහස් පතුරවන පිරිස් හඳුනාගැනීමට රජය මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

රජයට විරුද්ධ දේශපාලනඥයෙකුගේ මැදිහත්වීම මත වැටුප් ලබමින් මෙම කාර්යයේ නිරත පිරිසක් රට පුරා සිටින බවට රජය මෙතෙක් කර ඇති පරීක්ෂණවලදී හඳුනාගෙන තිබේ. ඒ අනුව එවැනි පිරිස් සම්බන්ධයෙන් සාක්ෂි සහිතව තොරතුරු ඇතුළත් කොට ෆේස්බුක් සමාගමට පැමිණිලි කිරීමට රජය සූදානමින් සිටින අතර එළඹෙන ජනවාරි මාසයේ මුල් සතිය ඇතුළත මෙම පැමිණිල්ල කිරීමටද රජය බලා‍පොරොත්තුවෙන් සිටියි

The post අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට ෆේස්බුක් සමාගමට පැමිණිලි! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
http://www.anvermanatunga.net/2016/12/21/complaints-social-network-to-prevent-false-rumors-sinhala/feed/ 3 16740
තුර්කියේ රුසියානු තානාපති වෙඩි තබා ඝාතනය කරයි! (Video) http://www.anvermanatunga.net/2016/12/20/russian-ambassador-to-turkey-shot-dead-sinhala/ http://www.anvermanatunga.net/2016/12/20/russian-ambassador-to-turkey-shot-dead-sinhala/#comments Tue, 20 Dec 2016 07:13:06 +0000 http://www.anvermanatunga.net/?p=16734 තුර්කියේ රුසියානු තානාපති Andrei Karlov වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ, තුර්කියේ අන්කාරා නුවර රැස්වීමක් අමතමින් සිටියදීයි. රැස්වීමට සහභාගි වී... Read More »

The post තුර්කියේ රුසියානු තානාපති වෙඩි තබා ඝාතනය කරයි! (Video) appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
තුර්කියේ රුසියානු තානාපති Andrei Karlov වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ, තුර්කියේ අන්කාරා නුවර රැස්වීමක් අමතමින් සිටියදීයි.

රැස්වීමට සහභාගි වී සිටි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. වෙඩි තැබීමට පෙර සිරියාවේ ඇලෙප්පෝ නගරය පිළිබඳව ද ඔහු කිසියම් සඳහනක් කර ඇති බවට විදෙස් වාර්තා සදහන් කර තිබෙනවා.

වෙඩි ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 

The post තුර්කියේ රුසියානු තානාපති වෙඩි තබා ඝාතනය කරයි! (Video) appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
http://www.anvermanatunga.net/2016/12/20/russian-ambassador-to-turkey-shot-dead-sinhala/feed/ 1 16734
අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි හරහා සිදුවන අපහාසාත්මක පහර ගැසීම් වැළැක්වීමට නීති! http://www.anvermanatunga.net/2016/12/20/president-speech-in-handala-sinhala/ Tue, 20 Dec 2016 06:58:58 +0000 http://www.anvermanatunga.net/?p=16731 සමාජ වෙබ් අඩවි හරහා සිදු කෙරෙන අපහාසාත්මක පහර ගැසීම්වලින් පුද්ගල ප්‍රතිරූපයට පමණක් නොව මානසික ස්ථාවරත්වයටද දැඩි හානි සිදු වෙන බවත්... Read More »

The post අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි හරහා සිදුවන අපහාසාත්මක පහර ගැසීම් වැළැක්වීමට නීති! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
සමාජ වෙබ් අඩවි හරහා සිදු කෙරෙන අපහාසාත්මක පහර ගැසීම්වලින් පුද්ගල ප්‍රතිරූපයට පමණක් නොව මානසික ස්ථාවරත්වයටද දැඩි හානි සිදු වෙන බවත් එවැනි සමාජ විරෝධී ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය නීතිමය පසුබිම කඩිනමින් සකස් කරන බවත් ජනාධිපතිවරයා  සඳහන් කළේ හැඳල පෙගසස් රීෆ් හෝටලයේදී ඊයේ(19) උදෑසන පැවැති අධිකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික සම්මේලනයට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා අධිකරණය ක්ෂේත්‍ර යේ කටයුතු කරන විනිශ්චකාරතුමාලාට එරෙහිව අන්තර් ජාලය, සමාජ වෙබ් අඩවි හරහා ඉතා අසාධාරණ අවිනීත අසත්‍ය චෝදනා සිදු කරනවා. අන්තර් ජාලය, සමාජ වෙබ් අඩවි හරහා දවසේ වැඩියෙන්ම නින්දා අපහාස ලබන පුද්ගලයා මමයි. ඒ වාර්තාව වෙන කෙනෙකුට කැඩිය නොහැකි බව මේ රටේ සියලු දෙනා දන්නා කරුණක්. මම නම් ඒවා නැරඹිම අත්හැර තිබෙනවා. මම මගේ බිරියටත් දරුවන්ටත් ඒවා නැරඹීමෙන් වලකින ලෙස උපදෙස් දී තිබෙනවා. මේ අන්තර් ජාලය වෙබ් අඩවි රටේ පවතින නිදහස අනිසි ලෙස භාවිතා කරනවා. අප දේශපාලඥයන් ලෙස නින්දා අපහාස චරිත ඝාතන අපට හුරුපුරුදුයි. ඒනිසා ඒවා ඉවසීමේ හැකියාව අපට තිබෙනවා. නමුත්  නීති ක්ෂේත්‍ර යේ සිටින අයට, වෛද්‍ය ඉංජිනේරු වැනි සෙසු ක්ෂේත්‍රයන්හි සිටින අයට ඒවා විද දරා ගැනීම අසීරුයි.

නමුත් මෙවැනි ක්ෂේත්‍රවල සිටින ඔබ සැම දෙනා ජීවත්වන පරිසරයන් සමාජ පසුබිම්, මේ විෂය ක්ෂේත්‍රයන් සැලකීමේදී එවැනි අසත්‍ය චෝදනා අලුත් අභීයෝගය බව අප පිළිගන්නවා. ඒ පිළිබඳ අපි කණගාටු වෙනවා මෙන්ම අධිකරණ ඇමැතිතුමා ප්‍රධාන රජය මේවා වැළැක්වීම සම්බන්ධයෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව කිව යුතුයැයිද සඳහන් කෙළේය.

The post අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි හරහා සිදුවන අපහාසාත්මක පහර ගැසීම් වැළැක්වීමට නීති! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16731
ජගත් සංවිධානයෙන් ගැම්බියාවට අනතුරු ඇඟවීමක්! http://www.anvermanatunga.net/2016/12/15/warning-for-gambiya-sinhala/ Thu, 15 Dec 2016 05:36:16 +0000 http://www.anvermanatunga.net/?p=16727 ගැම්බියා ජනාධිපතිවරණයෙන් පරාජයට පත් යහියා ජම්මෙහ් ජනාධිපතිධුරයෙන් ඉවත් නොවී පාලනයේ රැදී සිටීමට උත්සාහ කළ හොත් එරටට එරෙහිව දැඩි සම්බාදක පනවන... Read More »

The post ජගත් සංවිධානයෙන් ගැම්බියාවට අනතුරු ඇඟවීමක්! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
ගැම්බියා ජනාධිපතිවරණයෙන් පරාජයට පත් යහියා ජම්මෙහ් ජනාධිපතිධුරයෙන් ඉවත් නොවී පාලනයේ රැදී සිටීමට උත්සාහ කළ හොත් එරටට එරෙහිව දැඩි සම්බාදක පනවන බව ජගත් සංවිධානය අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

පසුගියදා පැවති ගැම්බියා ජනාධිපතිවරණයෙන් අඩාමා බරෝ ජයග්‍රහණය ලැබුවා. එහෙත් යහියා ජම්මෙහ් තවමත් ජනාධිපතිධුරයෙන් ඉවත් වී නැති බවයි වාර්තා වන්නේ. ගැම්බියාවේ මැතිවරණ කාර්යාලය බලහත්කාරයෙන් අත්පත් කරගෙන එහි රැදී සිටින ආරක්‍ෂක අංශවලට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට ජගත් සංවිධානය මගින් දැනුම් දීමක් ද කර තිබුණා.

යහියා ජම්මෙහ් ජනාධිපතිධූරයෙන් ඉවත් නොවී තවදුරටත් රැදී සිටීමට උත්සාහ කළහොත් එරටට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට කටයුතු කරන බව ජගත් සංවිධානයේ ප්‍රකාශකයෙකු සදහන් කර තිබෙනවා.

The post ජගත් සංවිධානයෙන් ගැම්බියාවට අනතුරු ඇඟවීමක්! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16727
තාජුඩීන්ගේ වාහනය පිටුපස ගමන්ගත් වාහනයක්‌ ගැන පරීක්‍ෂණ! http://www.anvermanatunga.net/2016/12/15/thajudeen-murder-case-sinhala-6/ Thu, 15 Dec 2016 05:20:32 +0000 http://www.anvermanatunga.net/?p=16724 රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ 2012.06.16 වැනිදා රාත්‍රි ඔහු ගමන් කළ වාහනය පිටුපසින් සැක සහිත ලෙස ධාවනය වූ වාහනයක්‌... Read More »

The post තාජුඩීන්ගේ වාහනය පිටුපස ගමන්ගත් වාහනයක්‌ ගැන පරීක්‍ෂණ! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ 2012.06.16 වැනිදා රාත්‍රි ඔහු ගමන් කළ වාහනය පිටුපසින් සැක සහිත ලෙස ධාවනය වූ වාහනයක්‌ පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ ඔස්‌සේ දීර්ඝ ලෙස පරීක්‍ෂණ සිදුකරන්නේ යැයි පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා ඊයේ (14) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් රසික මල්ලවආරච්චි මහතාට දැනුම් දී තිබෙනවා.

එකී ඝාතනය සිදුවූ දින ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා ජනාධිපති මන්දිරයෙන් නාරාහේන්පිට පොලිස්‌ ස්‌ථානයේ ස්‌ථානාධිපතිවරයාට ලැබුණ දුරකථන ඇමතුම් පිළිබඳවද විමර්ශන සිදුකරන්නේ යැයිද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එහිදී වැඩිදුරටත් අධිකරණයට පෙන්වාදී තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද පරීක්‍ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.  මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කොට ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එම කරුණු සලකා බැලූ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා හිටපු නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක හා පොලිස්‌ පරීක්‍ෂක සුමිත් පෙරේරා යන සැකකරුවන් දෙදෙනා ලබන 26 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත්කිරීමට නියෝග කොට ඇත.

The post තාජුඩීන්ගේ වාහනය පිටුපස ගමන්ගත් වාහනයක්‌ ගැන පරීක්‍ෂණ! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16724
ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතු පුතුන්ට! http://www.anvermanatunga.net/2016/12/14/trump-business-sinhala/ Wed, 14 Dec 2016 06:50:30 +0000 http://www.anvermanatunga.net/?p=16721 තමන් ජනාධිපති ධුරය දරන කාලයේදී සිය පුතුන් ව්‍යාපාරය මෙහෙයවනු ඇති බවත්, අලුත් ව්‍යාපාරවලට අතගැසීමක් සිදුනොවනු ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.... Read More »

The post ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතු පුතුන්ට! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
තමන් ජනාධිපති ධුරය දරන කාලයේදී සිය පුතුන් ව්‍යාපාරය මෙහෙයවනු ඇති බවත්, අලුත් ව්‍යාපාරවලට අතගැසීමක් සිදුනොවනු ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ළඟදීම මාධ්‍ය හමුවක් පවත්වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

සිය ට්විටර් පණිවුඩයෙන් එළැඹෙන ජනවාරි 20 වැනිදාට පෙර සියලු ව්‍යාපාරික කාර්යයන්වලින් ඉවත්වන බව පවසා සිටි ට්‍රම්ප්, තමාගේ පුතුන් දෙදෙනා වන ඩොන් සහ එරික් ඇතුළු අනෙකුත් විධායක කණ්ඩායම සියලු ව්‍යාපාර කටයුතු මෙහෙයවනු ඇති බව පවසා තිබේ.

එමෙන්ම, තමාගේ ජනපති ධුර කාලය තුළදී අලුත් ගනුදෙනුවලට අතගැසීමක් සිදු නොවනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර, ඇමෙරිකාවේ මීළඟ රාජ්‍ය ලේකම්වරයා පිළිබඳවද තමන් ඉදිරියේදී දැනුම්දෙන බව ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත.

The post ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතු පුතුන්ට! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16721
දොඩන්ගොඩ නෑහින්න පෙට්ටිගල වතුයායේ නවක මුස්ලිම්වරුන්ගේ නැමදුම් ස්ථානයකට අන්තවාදී තර්ජන! http://www.anvermanatunga.net/2016/12/13/threaten-for-new-muslims-in-dodangoda-sinhala/ http://www.anvermanatunga.net/2016/12/13/threaten-for-new-muslims-in-dodangoda-sinhala/#comments Tue, 13 Dec 2016 06:20:51 +0000 http://www.anvermanatunga.net/?p=16718 දොඩන්ගොඩ පෙට්ටිගල වතුයායේ ඉස්ලාම් දහම වැලදගත් ද්‍රවිඩ ජාතික නවක මුස්ලිම් පවුල් කිහිපයක් විසින් තමන්ගේ දෛනික නැමදුම් කිරීම සදහා ඉදිකල නැමදුම්... Read More »

The post දොඩන්ගොඩ නෑහින්න පෙට්ටිගල වතුයායේ නවක මුස්ලිම්වරුන්ගේ නැමදුම් ස්ථානයකට අන්තවාදී තර්ජන! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
දොඩන්ගොඩ පෙට්ටිගල වතුයායේ ඉස්ලාම් දහම වැලදගත් ද්‍රවිඩ ජාතික නවක මුස්ලිම් පවුල් කිහිපයක් විසින් තමන්ගේ දෛනික නැමදුම් කිරීම සදහා ඉදිකල නැමදුම් ස්ථානයකට අන්තවාදීන් පැමිණ තර්ජනය කර තිබෙනවා.

වතු සේවකයන්ට නීත්‍යානුකූලව තමන් කැමති දහමක් අැදහීමට නැමදුම් කටයුතු සදහා අවශ්‍ය පහසුකම් වත්තේම සාදා ගැනීමට අවසර තිබෙන අතර අදාල නැමදුම් ස්ථානය ඉදිකර තිබෙන්නේද වතු පරිපාලනයේ අවසරය ඇතුවයි.

එම ස්ථානයට පැමිණි බෞද්ධ භික්ෂූන් වහන්සේලා අැතුලු පිරිසක් අසල්වැසි හින්දු වැසියන් සමග පැමිණ මෙම නවක මුස්ලිම් වරුන්ට තර්ජනය කර තිබෙනවා.

The post දොඩන්ගොඩ නෑහින්න පෙට්ටිගල වතුයායේ නවක මුස්ලිම්වරුන්ගේ නැමදුම් ස්ථානයකට අන්තවාදී තර්ජන! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
http://www.anvermanatunga.net/2016/12/13/threaten-for-new-muslims-in-dodangoda-sinhala/feed/ 1 16718
එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්වරයා ලෙස ඇන්ටෝනියෝ ගුටෙරස් දිව්රුම් දෙයි! http://www.anvermanatunga.net/2016/12/13/the-next-un-secretary-general-is-antonio-sinhala/ Tue, 13 Dec 2016 06:07:18 +0000 http://www.anvermanatunga.net/?p=16715 එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්වරයා ලෙස ඇන්ටෝනියෝ ගුටෙරස් දිව්රුම් දී ඇති බව වාර්තා වෙනවා. වත්මන් මහලේකම් බෑන් කි මූන්ගෙන් පසු මීළඟ... Read More »

The post එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්වරයා ලෙස ඇන්ටෝනියෝ ගුටෙරස් දිව්රුම් දෙයි! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්වරයා ලෙස ඇන්ටෝනියෝ ගුටෙරස් දිව්රුම් දී ඇති බව වාර්තා වෙනවා.

වත්මන් මහලේකම් බෑන් කි මූන්ගෙන් පසු මීළඟ වසර 5 සඳහා ඔහු වැඩ භාරගන්නේ ජනවාරි පළමුවැනිදායි.

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය අමතමින් ඇන්ටෝනියෝ ගුටෙරස් කියා සිටියේ වැඩි කාර්යක්‍ෂමතාවක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණයට ලක්කළ යුතු බවයි. එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්වරයා ලෙස තේරී පත්වුණු ඇන්ටෝනියෝ ගුටෙරස් පෘතුගාලයේ හිටපු අගමැතිවරයා වනවා.

The post එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්වරයා ලෙස ඇන්ටෝනියෝ ගුටෙරස් දිව්රුම් දෙයි! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16715
ලංකාවේ මුස්ලිම් විවාහ දික්කසාද නීතිය දේව නීතියද? http://www.anvermanatunga.net/2016/11/10/sri-lankan-muslim-marriage-divorce-act-sinhala/ http://www.anvermanatunga.net/2016/11/10/sri-lankan-muslim-marriage-divorce-act-sinhala/#comments Wed, 09 Nov 2016 19:02:24 +0000 http://www.anvermanatunga.net/?p=16711 පසුගියදා ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය මගින් පැවැත්වු රජය මගින් ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සදහා වු වෑයමට එරෙහි... Read More »

The post ලංකාවේ මුස්ලිම් විවාහ දික්කසාද නීතිය දේව නීතියද? appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
පසුගියදා ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය මගින් පැවැත්වු රජය මගින් ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සදහා වු වෑයමට එරෙහි විරෝධතාවයේදී මා දුටු එක් සටන් පාඨයක් වුයේ අල්ලාහ්ගේ නීතිය වෙනස් කරන්නට ඉඩ දෙන්නේ නැති බවයි. එහිදී මට නැගුණු පැනයක් නම් ඇත්තටම ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය අල්ලාහ්ගේ නීතියක්ද? යන පැනයයි.

මෙහිදී බොහෝ දෙනෙකු පටලවා ගන්නා කරුණක් නම් සියළුම මුස්ලිම් නීති අල්ලාහ්ගේ නීති ලෙසයි. ඇත්තෙන්ම සියළුම මුස්ලිම් නීති අල්ලාහ්ගේ නීති නොවේ. මුස්ලිම් නීති යනු මුස්ලිම්වරුන් විසින් පනවා ගන්නා නීතිරීතිය. අතීතයේ ලංකාව පාලනය කළ යටත් විජිත පාලකයන් විසින් 1801 වර්ෂයේදී මුස්‌ලිම්වරු අතර පැවැති නීතිරීති වෙනම ග්‍රන්ථාරූඩකර ඇත. වර්තමානයේ පවතින නීතිය අවසන් වරට සංශෝධනය වී තිබෙන්නේ 1957 අංක 13 දරණ පනත තුලිනි.

ඇත්තෙන්ම දේව නීතියක් එනම් අල්ලාහ්ගේ නීතියක් නම් එය ශුද්ධවු අල් කුර්ආණයට සහ සුන්නාහ්වට එනම් නබිතුමන්ගේ ආදර්ශයට පමණක් සකස්වු එකක් විය යුතුය. නමුත් අපේ රටේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය ශුද්ධවු අල් කුර්ආනය සහ සුන්නාහ්වට අනුව පමණක් සකස් වුවක් නොවන බව නිරීක්ෂණය කරන්නෙකුට වැටහෙන්නේය.

මෙම නීති පද්ධතියට මුලිකවම පාදක කරගෙන තිබෙන්නේ ශාෆි මදහබය හෙවත් ඉමාම් ශාෆි රහිමහුල්ලා තුමාගේ ගුරුකුලයට අනුව යැයි ඒ පිළිබද විද්වතුන් පවසති. නමුත් කිසියම් පුද්ගලයෙකු මුස්ලිම් නොවන සහ අහ්ලුල් කිතාබ් හෙවත් කිතුණු සහ යුදෙව් නොවන කාන්තාවක සමග ආදර සම්බන්ධතාවයක් ඇතිකරගෙන විවාහයක් සදහා එළඹෙන්නේ නම් ඒ පිළිබදව ශාෆි මදහබයේ ප්‍රතිපාදන නොමැත්තේ යැයි විවාහ ලේකම් පවසයි. ඉන්පසුව ඔහු මෙයට විසදුමක් ගනු සදහා හනෆි මදහබයට පනින්නේය. පසුව විවාහ කටයුතු සිදුකෙරෙන්නේ හනෆි මදහබයට අනුව යැයි ඔහු පැවසුවද එතැනදී සිදුවන්නේ ශාෆි හනෆි රී මික්ස් එකක් බව මට පසක් වු කාරණයකි.

ඉස්ලාමයට අනුව පුරුෂයා විසින් කාන්තාවට මහර් හෙවත් දෑවැද්ද දෙන ආකාරය සහ කයිකුලි යන කාරණා වලදීද මේවා ඇත්තටම කුර්ආනයට සහ සුන්නාහ්වට අනුකූලව සිදුවෙනවාද? යන්න සම්බන්ධව ගැටළු රැසක් ඇත. එමෙන්ම විවාහ ලේකම්ලා පත්වෙන ආකාරය සහ ඔවුන්ගේ සුදුසුකම් නුසුදුසුකම් සම්බන්ධවද ගැටළු ඇත. එපමණක් නොව කාති හෙවත් විනිසුරුවරුන්ගේ පත්වීම් ලැබෙන ආකාරය සහ ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධවද ගැටළු තිබේ. මේ ක්‍රමය සම්පුර්ණයෙන් විවේචනය කරනවා නම් මෙම ලිපිය ඉතාමත් දිග්ගැස්සෙනු ඇත.

සමස්ථයක් වශයෙන් කියන්නට තිබෙන්නේ ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය අතීතයේ ලංකාවේ සිටි මුස්ලිම් නායකයන් පිරිසක් විසින් එදා ඔවුන් තුල තිබුණු ඉස්ලාම් දැනුමේ ආකාරයට සකසන ලද එකකි. නමුත් වර්තමානය වෙන විට මුස්ලිම්වරුන් අතර ඉස්ලාමය සම්බන්ධව දැනුම එදාට සාපේක්ෂව බෙහෙවින් වර්ධනය වී ඇත. එමෙන්ම ඉස්ලාමීය නීතිරීති සම්බන්ධව හසල දැනුමක් සහිත විද්වතුන් අද අපගේ සමාජය තුල සිටිති. වත්මන් කාලවකවානුවේ සිටිනා අපගේ වගකීම නම් එම නීතිය සම්බන්ධව නැවත නිරීක්ෂණයක් සිදුකර එහි ඇති කුර්ආනයට සහ සුන්නාහ්වට නොගැලපෙන කරුණු ඉවත් කර නීතිය යාවත්කාලීන කිරීමයි.

 

 

 

The post ලංකාවේ මුස්ලිම් විවාහ දික්කසාද නීතිය දේව නීතියද? appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
http://www.anvermanatunga.net/2016/11/10/sri-lankan-muslim-marriage-divorce-act-sinhala/feed/ 11 16711
ලොව බලවත්ම පුටුව හිලරිටද ? ට්‍රම්ප්ටද ? http://www.anvermanatunga.net/2016/11/08/presidential-election-in-us-sinhala/ Tue, 08 Nov 2016 07:22:33 +0000 http://www.anvermanatunga.net/?p=16707 ඇමරිකා එක්සත් ජනපදයේ පළමු පුරවැසියා තේරීමේ ඡන්ද සටන අද (8) ආරම්භ වේ. ඇමරිකාවේ 45 වැනි ජනපති තේරීමේ තරගය සඳහා එරට... Read More »

The post ලොව බලවත්ම පුටුව හිලරිටද ? ට්‍රම්ප්ටද ? appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
ඇමරිකා එක්සත් ජනපදයේ පළමු පුරවැසියා තේරීමේ ඡන්ද සටන අද (8) ආරම්භ වේ.

ඇමරිකාවේ 45 වැනි ජනපති තේරීමේ තරගය සඳහා එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් හා රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් තරග වැද සිටිති.

පසුගිය දිනවල පැවැති විවිධ දේශපාලනික සමීක්ෂණ ඔස්සේ හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් සිටින බවට වාර්තා පළ වුවද ඡන්ද සටනේ අවසන් කාල සීමාවේදී හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් ගනුදෙනු සම්බන්ධ විවිධ පුවත් පළ වීම හේතුවෙන් ඇගේ ජනප්‍රියතාවය යම් තරමකට අඩුවූ බවද වාර්තා විය.

වෙනසක් බලාපොරොත්තුවන පිරිසගේ ඡන්දය ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවනු ඇතැයි ද ඇතැම් වාර්තා සඳහන් කරයි. නමුත් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක රැලිවලදී කාන්තාවන් සම්බන්ධයෙන් පළ කළ ඇතැම් අදහස් දැඩි විවේචනයට බඳුන් විය. ඒ හේතුවෙන් ඔහුට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් අහිමිවීමට ඉඩ ඇතැයිද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මැතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ජයගතහොත් ඇමරිකාවේ ජනපති පුටුවට පත්වන පළමු කාන්තාව වීමේ භාග්‍යයද ඇයට උදාවනු ඇත.

ඇමරිකාවේ මැතිවරණ ක්‍රමය අනුව ඡන්දයට පෙර දිනකදී වුවද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව එරට පුරවැසියන්ට හිමිව ඇති අතර ඒ අනුව ෆ්ලොරිඩා, උතුරු කැරොලිනා සහ නෙවාඩා ප්‍රාන්තවල පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට අවසන්ව ඇතැයි ද කියති. ඇමරිකාවේ වේලාවෙන් පෙරවරු 7ට ඡන්දය ආරම්භ වේ.

The post ලොව බලවත්ම පුටුව හිලරිටද ? ට්‍රම්ප්ටද ? appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16707
Update : ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන් අභාවප්‍රාප්ත වෙයි! http://www.anvermanatunga.net/2016/11/03/amaradewa-passedaway-sinhala/ Thu, 03 Nov 2016 06:01:22 +0000 http://www.anvermanatunga.net/?p=16699 Update: 2016.11.03 රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගතකර සිටි හෙළයේ මහා ගාන්ධර්වයා අචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන් මීට සුළු මොහොතකට... Read More »

The post Update : ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන් අභාවප්‍රාප්ත වෙයි! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
Update: 2016.11.03

රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගතකර සිටි හෙළයේ මහා ගාන්ධර්වයා අචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන් මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1927 දෙසැම්බර් මස 5 වනදා මොරටුවේදී මෙලොව එළිය දුටු අමරදේව ශූරීන් මියයන විට 88 වන වියේ පසුවුණා.

හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඔහු ඇතුළත් කෙරුණේ අද උදෑසනයි.

රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි අමරදේව ශූරීන් මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී ඇත්තේ.

2016.11.03

පණ්ඩිත් අමරදේවයන් රෝහල්ගත කරයි!

ප්‍රවීණ සංගීතවේදී,පණ්ඩිත් අමරදේව සූරීන් හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

The post Update : ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන් අභාවප්‍රාප්ත වෙයි! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
16699
ඩොනල්ඩ් ට‍්‍රම්ප් යළිත් ඉදිරියට එයි! http://www.anvermanatunga.net/2016/11/03/donald-trump-sinhala-2/ http://www.anvermanatunga.net/2016/11/03/donald-trump-sinhala-2/#comments Thu, 03 Nov 2016 05:40:35 +0000 http://www.anvermanatunga.net/?p=16696 ඇමරිකානු ජනපතිවරණයේ පූර්ව ජනපතිවරණ සමීක්ෂණවලට අනුව මේ වනවිට හිලරි ක්ලින්ටන්ට වඩා ඉදිරියට පැමිණීමට ඩොනල්ඩ් ට‍්‍රම්ප් ( Donald Trump ) සමත්ව... Read More »

The post ඩොනල්ඩ් ට‍්‍රම්ප් යළිත් ඉදිරියට එයි! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
ඇමරිකානු ජනපතිවරණයේ පූර්ව ජනපතිවරණ සමීක්ෂණවලට අනුව මේ වනවිට හිලරි ක්ලින්ටන්ට වඩා ඉදිරියට පැමිණීමට ඩොනල්ඩ් ට‍්‍රම්ප් ( Donald Trump ) සමත්ව සිටිනවා.

ඒ ඇමරිකානු රාජ්‍ය තොරතුරු පුද්ගලික විද්‍යුත් ලිපිනය හරහා හුවමාරු කරගැනීමේ චෝදනා මත හිලරි ක්ලින්ටන් පසුබෑමත් සමඟයි. මේ අතර හිලරිට සහාය දක්වමින් ඇමරිකානු ජනපති බරක් ඔබාමා පවසනන්නේ ඇමරිකානු ජනපතිවරණයේ ප‍්‍රතිඵල මත ලෝකයේ ඉදිරි පැවැත්ම තීරණය වනු ඇතිබවයි.

ඇමරිකානු ජනපති යනු ඇමරිකානු ජනතාවගේ පමණක් ම ජනපති නොවන බවත්, ලෝකය වඩා මානව හිතවාදී යහපත් තැනක් කිරීම වෙනුවෙන් ඇමරිකානු ජනපතිවරයාට විශාල කාර්යභාරයක් පැවරෙන බවත් ඇමරිකානු ජනපති බරක් ඔබාමා ඊයේ ප‍්‍රකාශ කළා.

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප් යනු කිසිදු මානව හිතවාදී ගුණයක් නොමැති අයෙකු වීම නිසා ඇමරිකාවේ පාලනය ඔහු අතට යාම ලෝකයේ සියළු ජන කොටස් කෙරෙහි අහිතකර අන්දමින් බලපානු ඇති බවයි ඔබාමා මෙහිදී කියා සිටියේ.

ඒ නිසා ලෝකය විසින් අසීරුවෙන් දිනාගත් සිවිල් අයිතිවාසිකම් රැුකගැනීමේ අරමුණින් ඇමරිකානු ජනතාව නොවැම්බර් 08 වැනිදාට ඇමරිකාවේ ජනපතිලෙස තෝරාගත යුත්තේ ඩිමොක‍්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන් බව ජනපති ඔබාමා මෙහිදී අවධාරණය කළා.

The post ඩොනල්ඩ් ට‍්‍රම්ප් යළිත් ඉදිරියට එයි! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය.

]]>
http://www.anvermanatunga.net/2016/11/03/donald-trump-sinhala-2/feed/ 1 16696