Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

බදුල්ලේ තම්බී වැහි වැහැලාය. ඥානසාර එන්න ගිනි තියන්න

බදුල්ලේ තම්බී වැහි වැහැලාය

බදුල්ලේ තම්බී වැහි වැහැලාය

ත්‍රස්ත සේනාවක් පැමිණ අලුත්ගම අලුගොඩක් බවට පත්කොට මාසයක් ගෙව්නා පමණි. එහෙත් මේ වන තුරුත් එහි අලු දූවිලි මැකී නොමැත. ධර්ගා නගරයේ මුස්ලිම් අම්මාවරුන් පියවරුන් තවමත් ගෙයි පිළිකඩටවත් පැමිණිය නොහී සුසුම්ලන්නේය. මේ සාපරාධී ක්‍රියාවේ නියුතු වූවෝ කිසිදු වචනයකුදු නොදොඩාම සෝතාපන්න සුවයෙන් වැඩවසන්නේය. Continue reading

සිංහලයාගේ ප්‍රශ්නය – 1

සිංහලයාගේ ප්‍රශ්නය

සිංහලයාගේ ප්‍රශ්නය

වාමාංශික අපි බොහෝ දෙනෙක් දෙමළාගේ හෝ මුසල්මානයාගේ ප්‍රශ්නය ගැන බෙහෙවින් සංවේදී වන්නෙමු. එහෙත්, අපි සිංහලයාගේ ප්‍රශ්නය ගැන එපමණ ම සංවේදී ද? සිංහලයාගේ ප්‍රශ්නය? සිංහලයාට මොන ප්‍රශ්නයක්දැයි අසන අයත් සිටිති. ලංකාව සිංහල ආධිපත්‍යයෙන් යුත් රාජ්‍යයකි. එහි විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ, හමුදා, පොලිස්, රාජ්‍ය, පළාත් පාලන පමණක් නොව භාෂා, සංස්කෘතික ආදී සෑම සියලු ක්ෂේත්‍රයක ම ආධිපත්‍යය ඇත්තේ සිංහලයන්ට ය. වෙනෙකක් තබා සිංහල කම්කරුවන්ට ගෙවන වැටුප දෙමළ කම්කරුවන්ට වඩා වැඩි වන අවස්ථා පවා තිබේ. එහෙව් රටක සිංහලයන්ට මොන ප්‍රශ්නයක් ද? Continue reading

මොරටු සරසවිය සහ නිකාබය

මොරටු සරසවිය සහ නිකාබය

මොරටු සරසවිය සහ නිකාබය

ෆාතිමා සහාර් විසින් රචිත මෙතන පළවූ ලිපියේ සිංහල අනුවර්තනයයි.
http://groundviews.org/2013/12/09/the-niqab-and-the-university-of-moratuwa/ මොරටුව සරසවියේ වාස්තු විද්‍යා පීඨයේ පළමු වසර සිසුවියක වන මගේ නම ෆාතිමා සහාර් ය. විශ්වවිද්‍යාලයේ නිකාබ් තහනම නිසා පීඩාවට පත්ව සිටින සිසුවියන් තිදෙනාගෙන් කෙනෙක්මි. Continue reading

මුස්ලිම් අන්තවාදීන් ඇතුළු අවදානම් 5ක් නිසා ලංකාව අවදානමේ – ගෝරා ගේ ප්‍රකාශය විමසුමක්!

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදෙස් රටවල නියෝජිතයන් සිය ගණනකින් සමන්විත ආරක්ෂක සමුළුවක් ඊයේ පවත්වමින් එහිදී ඔහු විසින් කළ කථාව තුලදී ලංකාව වත්මන් කාලයේ මුහුණ දෙන අවදානම් 5 ක් ගැන සඳහන් කරන ලදී. පිටරට වල ආරක්ෂක සේවයට සම්බන්ධ අයවළුන් ශ්‍රී ලංකා රජයේ වියදමින් මෙසේ කන්නට බොන්නට දී ගෝරා මහතා බලාපොරොත්තු වන්නේ යුධ අපරාධ සම්බන්ධයෙන් තමන්ට එල්ල වී තිබෙන චිත්‍රයට සුදුහුණු ගා ගැනීමටයි. Continue reading

බොදුබල සේනා ෆැසිස්ට්වාදය හිස එසවීම- (-අවරදිග ආවර්ජනා. රාවය. 2013.03.16) Gamini Viyangoda | ගාමිණී වියන්ගොඩ

ගාමිණි වියන්ගොඩ

ගාමිණි වියන්ගොඩ

බොදුබල සේනාව ෆැසිස්ට් බලවේගයක් බව නොපෙනෙන්නේ, ෆැසිස්ට්වාදය යනු කුමක් දැ යි නොදන්නා කෙනාටත්, ෆැසිස්ට්වාදියාටත් පමණි. මේ දෙවැනුව කී ෆැසිස්ට්වාදියා එය නොදැකීම හෝ නොදකින බවක් ඇඟවීම පෙන්නුම් කරන හොඳම උදාහරණය, බොදුබල සේනා ‘ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය’ යි. එහි සඳහන් පරිදි, ඔවුන් සකල ජාතිවාදයන්ට සහ පටු ආගම්වාදයට විරුද්ධ ලූ. එය, පතිවතක් ගැන කතා කරන ගණිකාවකගේ ‘සිල්වත්’ ප‍්‍රකාශයකට දෙවැනි නැත. Continue reading

දඹුල්ලේ මුස්ලිම් පල්ලිය කඩා දැමීම සහ පසු විපරම

සාමය කඩ කළ අය

සාමය කඩ කළ අය

වර්ෂ 1963 දී පමණ ආරම්භවු දඹුල්ලේ මුස්ලිම් පල්ලියක් ඊයේ අන්තවාදී පිරිසක් පැමිණ, එය කඩා දමා පල්ලියේ නැමදුමට පැමිණි පිරිස් එලවා දමා තිබේ. ඊයේ දින‍ය ජුම්මා හෙවත් සිකුරාදා නැමදුම සහිත දිනයක් වුවද මේ පිරිසට තම ජුම්මා නැමදුම කිරීමටද අවස්ථාවක් නොලැබී ඇත. මේ සිද්ධියෙන් පසුව ලාංකීය සිංහල සහ මුස්ලිම් සමාජයන් අතර මෙතෙක් තිබුණු සංහිඳියාව ඉතා දැඩි ලෙස අවධානමකට ලක්ව ඇත. Continue reading